සැවැත් නුවරදී …………….
පින්වත් මහණෙනි, ධාතු නානත්වය හේතු කොටගෙනයි ස්පර්ශ නානත්වය ඇතිවෙන්නේ. ස්පර්ශ නානත්වය හේතු කොටගෙන නම් ධාතු නානත්වය ඇති වෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, ධාතු නානත්වය කියන්නේ මොකක්ද? ඇස ධාතු ස්වභාවයක්. ….(පෙ)…. මනස ධාතු ස්වභාවයක්. පින්වත් මහණෙනි, ධාතු නාන්තවය කියන්නේ මේකටයි.
පින්වත් මහණෙනි, ධාතු නානත්වය හේතු කොටගෙන ස්පර්ශ නානත්වය ඇතිවන්නේත්, ස්පර්ශ නානත්වය හේතු කොට ගෙන ධාතු නානත්වයක් ඇති නොවන්නේත් කොහොමද?
පින්වත් මහණෙනි, ඇස නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන ඇසේ ස්පර්ශය හටගන්නවා. ඇසේ ස්පර්ශය හේතු කොටගෙන ඇස නම් වූ ධාතු ස්වභාවය හටගන්නේ නෑ. ….(පෙ)…. මනස නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන මනසේ ස්පර්ශය හටගන්නවා. මනසේ ස්පර්ශය හේතු කොටගෙන මනස නම් වූ ධාතු ස්වභාවය හටගන්නේ නෑ.
පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයට ධාතු නානත්වය හේතු කොටගෙන ස්පර්ශවල නානත්වය හටගන්නවා මිසක්, ස්පර්ශ නානත්වය හේතු කොට ගෙන ධාතු නානත්වයක් හටගන්නේ නෑ.
සාදු! සාදු!! සාදු!!!
නෝ ඵස්සනානත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M