සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.1.2. ඵස්ස නානත්ත සුත්තං

2.1.2. ස්පර්ශවල වෙනස්කම් ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී …………..

ධාතුනානත්‌තං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං. කතමඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං? චක්‌ඛුධාතු සෝතධාතු ඝානධාතු ජිව්‌හාධාතු කායධාතු මනෝධාතු. ඉදං වුච්‌චති භික්ඛවේ ධාතුනානත්‌තං.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙනයි ස්පර්ශවල වෙනස්කම් ඇතිවෙන්නේ. පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් කියන්නේ මොකක්ද? ඇස ධාතු ස්වභාවයක්. කණ ධාතු ස්වභාවයක්. නාසය ධාතු ස්වභාවයක්. දිව ධාතු ස්වභාවයක්. කය ධාතු ස්වභාවයක්. මනස ධාතු ස්වභාවයක්. පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් කියන්නේ මේකටයි.

කථඤ්‌ච භික්ඛවේ, ධාතුනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තං? චක්‌ඛුධාතුං භික්ඛවේ පටිච්‌ච උප්‌පජ්‌ජති චක්‌ඛුසම්‌ඵස්සෝ. සෝතධාතුං පටිච්‌ච උප්‌පජ්‌ජති සෝතසම්‌ඵස්සෝ. ඝානධාතුං පටිච්‌ච උප්‌පජ්‌ජති ඝානසම්‌ඵස්සෝ. ජිව්‌හාධාතුං පටිච්‌ච උප්‌පජ්‌ජති ජිව්හාසම්‌ඵස්සෝ. කායධාතුං පටිච්‌ච උප්‌පජ්‌ජති කායසම්‌ඵස්සෝ. මනෝධාතුං පටිච්‌ච උප්‌පජ්‌ජති මනෝසම්‌ඵස්සෝ. ඒවං ඛෝ භික්ඛවේ ධාතුනානත්‌තං පටිච්‌ච උප්‌පජ්‌ජති ඵස්‌සනානත්‌තන්‌ති.

කොහොමද පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙන ස්පර්ශවල වෙනස්කම් ඇතිවෙන්නේ? පින්වත් මහණෙනි, ඇස නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන ඇසේ ස්පර්ශය හටගන්නවා. කණ නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන කණේ ස්පර්ශය හටගන්නවා. නාසය නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන නාසයේ ස්පර්ශය හටගන්නවා. දිව නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන දිවේ ස්පර්ශය හටගන්නවා. කය නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන කයේ ස්පර්ශය හටගන්නවා. මනස නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙන මනසේ ස්පර්ශය හටගන්නවා. පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයටයි ධාතුවල වෙනස්කම් හේතු කොටගෙන ස්පර්ශවල වෙනස්කම් හටගන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ඵස්ස නානත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M