සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

2.1.1. ධාතු නානත්ත සුත්තං

2.1.1. ධාතුවල වෙනස්කම් ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………….

ධාතුනානත්‌තං වෝ භික්ඛවේ දේසිස්සාමි. තං සුණාථ සාධුකං මනසිකරෝථ භාසිස්‌සාමී ති. ඒවං භන්තේ ති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

“පින්වත් මහණෙනි, මා ඔබට ධාතුවල වෙනස්කම් ගැන කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕන. ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරන්න ඕන. කියා දෙන්නම්.” “එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව වදාළේ.

කතමඤ්‌ච භික්ඛවේ ධාතුනානත්‌තං? චක්‌ඛුධාතු රූපධාතු චක්‌ඛුවිඤ්‌ඤාණධාතු, සෝතධාතු සද්‌දධාතු සෝතවිඤ්‌ඤාණධාතු, ඝානධාතු ගන්‌ධධාතු ඝානවිඤ්‌ඤාණධාතු, ජිව්‌හාධාතු රසධාතු ජිව්‌හාවිඤ්‌ඤාණධාතු, කායධාතු ඵොට්‌ඨබ්‌බධාතු කායවිඤ්‌ඤාණධාතු, මනෝධාතු ධම්‌මධාතු මනෝවිඤ්‌ඤාණධාතු. ඉදං වුච්‌චති භික්ඛවේ ධාතුනානත්‌තන්‌ති.

පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් කියන්නේ මොකක්ද? ඇස ධාතු ස්වභාවයක්. රූප ධාතු ස්වභාවයක්. ඇසේ හටගන්නා විඤ්ඤාණය ධාතු ස්වභාවයක්. කණ ධාතු ස්වභාවයක්. ශබ්ද ධාතු ස්වභාවයක්. කණේ හටගන්නා විඤ්ඤාණය ධාතු ස්වභාවයක්. නාසය ධාතු ස්වභාවයක්. ගඳසුවඳ ධාතු ස්වභාවයක්. නාසයේ හටගන්නා විඤ්ඤාණය ධාතු ස්වභාවයක්. දිව ධාතු ස්වභාවයක්. රසය ධාතු ස්වභාවයක්. දිවේ හටගන්නා විඤ්ඤාණය ධාතු ස්වභාවයක්. කය ධාතු ස්වභාවයක්. පහස ධාතු ස්වභාවයක්. කයේ හටගන්නා විඤ්ඤාණය ධාතු ස්වභාවයක්. මනස ධාතු ස්වභාවයක්. මනසට සිතෙන අරමුණු ධාතු ස්වභාවයක්. මනසේ හටගන්නා විඤ්ඤාණය ධාතු ස්වභාවයක්. පින්වත් මහණෙනි, ඔන්න ඕකටයි ධාතුවල වෙනස්කම් කියලා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

ධාතු නානත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M