සැවැත් නුවරදී ………………
පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙනයි සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ. සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙනයි සංකල්වල ….(පෙ)…. ස්පර්ශවල ….(පෙ)…. විඳීම්වල ….(පෙ)…. කැමති දේවල්වල ….(පෙ)…. නැතුව බැරි දේවල්වල ….(පෙ)…. සෙවීම්වල වෙනස්කම් උපදින්නේ. සෙවීම්වල වෙනස්කම් හේතු කොට ගෙනයි ලැබීම්වල වෙනස්කම් උපදින්නේ.
ලැබීම්වල වෙනස්කම් හේතු කොටගෙන සෙවීම්වල වෙනස්කම් උපදින්නේ නෑ. සෙවීම්වල වෙනස්කම් හේතු කොට ගෙන නැතුවම බැරි දේවල්වල වෙනස්කම් උපදින්නේ නෑ. නැතුවම බැරි දේවල්වල ….(පෙ)…. කැමති දේවල්වල ….(පෙ)…. විඳීම්වල ….(පෙ)…. ස්පර්ශවල ….(පෙ)…. සංකල්පවල ….(පෙ)…. සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ නෑ. සඤ්ඤාවල වෙනස්කම් හේතුකොට ගෙන ධාතුවල වෙනස්කම් උපදින්නේ නෑ.
පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් යනු කුමක්ද? රූප නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. ….(පෙ)…. මනසට සිතෙන අරමුණු නම් වූ ධාතු ස්වභාවයක් තියෙනවා. පින්වත් මහණෙනි, මේවාට තමයි ධාතුවල වෙනස්කම් කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙන සඤ්ඤාවල වෙනස්කම් උපදින්නෙත් ….(පෙ)…. සංකල්වල ….(පෙ)…. ස්පර්ශවල ….(පෙ)…. විඳීම්වල ….(පෙ)…. කැමති දේවල්වල ….(පෙ)…. නැතුව බැරි දේවල්වල ….(පෙ)…. සෙවීම්වල ….(පෙ)…. ලැබීම්වල වෙනස්කම් උපදින්නේත්, ලැබීම්වල වෙනස්කම් හේතුකොටගෙන සෙවීම්වල වෙනස්කම් නූපදින්නෙත් ….(පෙ)…. නැතුවම බැරි දේවල්වල ….(පෙ)…. කැමති දේවල්වල ….(පෙ)…. විඳීම්වල ….(පෙ)…. ස්පර්ශවල ….(පෙ)…. සංකල්පවල වෙනස්කම් නූපදින්නේත්, සංකල්පවල වෙනස්කම් හේතුකොට ගෙන සඤ්ඤාවල වෙනස්කම් නූපදින්නේත්, සඤ්ඤාවල වෙනස්කම් හේතුකොට ගෙන ධාතුවල වෙනස්කම් නූපදින්නේත් කොහොමද?
පින්වත් මහණෙනි, රූප නම් වූ ධාතු ස්වභාවය හේතුකොට ගෙන රූප සඤ්ඤාව උපදින්නේ. ….(පෙ)…. ශබ්ද නම් වූ ධාතු ස්වභාවය හේතුකොට ගෙන ….(පෙ)…. ගද සුවඳ නම් වූ ධාතු ස්වභාවය හේතුකොට ගෙන ….(පෙ)…. රස නම් වූ ධාතු ස්වභාවය හේතුකොට ගෙන ….(පෙ)…. පහස නම් වූ ධාතු ස්වභාවය හේතුකොට ගෙන ….(පෙ)…. අරමුණු නම් වූ ධාතු ස්වභාවය හේතු කොට ගෙනයි අරමුණු සඤ්ඤා උපදින්නේ. ….(පෙ)…. අරමුණු සෙවීම හේතු කොට ගෙයි අරමුණු ලැබීම උපදින්නේ.
අරමුණු ලැබීම් හේතු කොට ගෙන සෙවීම් උපදින්නේ නෑ. අරමුණු සෙවීම හේතු කොට ගෙන අරමුණු නැතුවම බැරි බව උපදින්නේ නෑ. අරමුණු නැතුවම බැරි බව හේතු කොට ගෙන අරමුණු ගැන කැමැත්ත උපදින්නේ නෑ. අරමුණු ගැන කැමැත්ත හේතු කොට ගෙන අරමුණු ස්පර්ශයෙන් හට ගත් විඳීම උපදින්නේ නෑ. අරමුණු ස්පර්ශයෙන් හටගත් විඳීම හේතු කොට ගෙන අරමුණු ස්පර්ශය උපදින්නේ නෑ. අරමුණු ස්පර්ශය හේතු කොට ගෙන අරමුණු ගැන සංකල්ප උපදින්නේ නෑ. අරමුණු ගැන සංකල්ප හේතු කොට ගෙන අරමුණු සඤ්ඤා උපදින්නේ නෑ. අරමුණු සඤ්ඤා හේතු කොට ගෙන අරමුණු ධාතු උපදින්නේ නෑ.
ඔන්න ඔය විදිහටයි, පින්වත් මහණෙනි, ධාතුවල වෙනස්කම් හේතු කොට ගෙනයි සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ. සඤ්ඤාවල වෙනස්කම් හේතු කොට ගෙනයි සංකල්පවල ….(පෙ)…. ස්පර්ශවල ….(පෙ)…. විඳීම්වල ….(පෙ)…. කැමති දේවල්වල ….(පෙ)…. නැතුව බැරි දේවල්වල ….(පෙ)…. සෙවීම්වල වෙනස්කම් උපදින්නේ. සෙවීම්වල වෙනස්කම් හේතු කොට ගෙනයි ලැබීම්වල වෙනස්කම් උපදින්නේ.
සෙවීම්වල වෙනස්කම් හේතු කොට ගෙන නැතුවම බැරි දේවල්වල වෙනස්කම් උපදින්නේ නෑ. නැතුවම බැරි දේවල්වල ….(පෙ)…. කැමති දේවල්වල ….(පෙ)…. විඳීම්වල ….(පෙ)…. ස්පර්ශවල ….(පෙ)…. සංකල්පවල ….(පෙ)…. සඤ්ඤාවල වෙනස්කම් උපදින්නේ නෑ. සඤ්ඤාවල වෙනස්කම් හේතුකොට ගෙන ධාතු ධාතුවල වෙනස්කම් උපදින්නේ නෑ.
සාදු! සාදු!! සාදු!!!
නෝ ලාභ නානත්ත සූත්‍රය නිමා විය.
පළමුවෙනි නානත්ත වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_2-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M