සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.9.1.1 – 1.9.1.11. සත්ථු වග්ගෝ

1.9.1.1 – 1.9.1.11. සත්ථු වර්ගය

1.9.1.1

ජරා මරණ සුත්තං

ජරා මරණ ගැන වදාළ දෙසුම

82. සාවත්‌ථියං….

82. සැවැත් නුවරදී …………….

ජරාමරණං භික්ඛවේ, අජානතා අපස්‌සතා යථාභූතං ජරාමරණේ යථාභූතං ඤාණාය සත්‌ථා පරියේසිතබ්‌බෝ. ජරාමරණසමුදයං අජානතා අපස්‌සතා යථාභූතං ජරාමරණසමුදයේ යථාභූතං ඤාණාය සත්‌ථා පරියේසිතබ්‌බෝ. ජරාමරණනිරෝධං අජානතා අපස්‌සතා යථාභූතං ජරාමරණනිරෝධේ යථාභූතං ඤාණාය සත්‌ථා පරියේසිතබ්‌බෝ. ජරාමරණනිරෝධගාමිනිං පටිපදං අජානතා අපස්‌සතා යථාභූතං ජරාමරණනිරෝධගාමිනියා පටිපදාය යථාභූතං ඤාණාය සත්‌ථා පරියේසිතබ්‌බෝ’ති.

පින්වත් මහණෙනි, ජරා මරණ ගැන ඒ ආකාරයෙන්ම අවබෝධ නොකළ, දැක නොගත් කෙනා විසින් ජරා මරණ පිළිබඳව යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ. ජරා මරණ හටගැනීම ගැන ඒ ආකාරයෙන්ම අවබෝධ නොකළ, දැක නොගත් කෙනා විසින් ජරා මරණ හටගැනීම පිළිබඳව යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ. ජරා මරණ නිරුද්ධ වීම ගැන ඒ ආකාරයෙන්ම අවබෝධ නොකළ, දැක නොගත් කෙනා විසින් ජරා මරණ නිරුද්ධ වීම පිළිබඳව යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඒ ආකාරයෙන්ම අවබෝධ නොකළ, දැක නොගත් කෙනා විසින් ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව යථාභූත ඤාණය ලබාගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

(සබ්‌බේසං පෙය්‍යාලෝ ඒවං විත්ථාරේතබ්‌බෝ)

(සියල්ල පිළිබඳව පෙය්‍යාලය ඔය ආකාරයට විස්තර කරගත යුතුය.)

සාදු! සාදු!! සාදු!!!

ජරා මරණ සූත්‍රය නිමා විය.

1.9.1.2.

ජාති සුත්තං

ඉපදීම ගැන වදාළ දෙසුම

83. ජාතිං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ….(පෙ)…. (යථාභූතං ඤාණාය) සත්ථා පරියේසිතබ්බෝ’ති.

83. පින්වත් මහණෙනි, ඉපදීම ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා නොදක්නා කෙනා විසින් ….(පෙ)…. යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

ජාති සූත්‍රය නිමා විය.

1.9.1.3.

භව සුත්තං

භවය ගැන වදාළ දෙසුම

84. භවං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ….(පෙ)…. (යථාභූතං ඤාණාය) සත්ථා පරියේසිතබ්බෝ’ති.

84. පින්වත් මහණෙනි, භවය ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා නොදක්නා කෙනා විසින් ….(පෙ)…. යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

භව සූත්‍රය නිමා විය.

1.9.1.4.

උපාදාන සුත්තං

උපාදාන ගැන වදාළ දෙසුම

85. උපාදානං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ….(පෙ)…. (යථාභූතං ඤාණාය) සත්ථා පරියේසිතබ්බෝ’ති.

85. පින්වත් මහණෙනි, උපාදාන ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා නොදක්නා කෙනා විසින් ….(පෙ)…. යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

උපාදාන සූත්‍රය නිමා විය.

1.9.1.5.

තණ්හා සුත්තං

තණ්හා ගැන වදාළ දෙසුම

86. තණ්හං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ….(පෙ)…. (යථාභූතං ඤාණාය) සත්ථා පරියේසිතබ්බෝ’ති.

86. පින්වත් මහණෙනි, තණ්හාව ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා නොදක්නා කෙනා විසින් ….(පෙ)…. යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

තණ්හා සූත්‍රය නිමා විය.

1.9.1.6.

වේදනා සුත්තං

වේදනාව ගැන වදාළ දෙසුම

87. වේදනං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ….(පෙ)…. (යථාභූතං ඤාණාය) සත්ථා පරියේසිතබ්බෝ’ති.

87. පින්වත් මහණෙනි, වේදනාව ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා නොදක්නා කෙනා විසින් ….(පෙ)…. යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

වේදනා සූත්‍රය නිමා විය.

1.9.1.7.

ඵස්ස සුත්තං

ස්පර්ශය ගැන වදාළ දෙසුම

88. ඵස්සං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ….(පෙ)…. (යථාභූතං ඤාණාය) සත්ථා පරියේසිතබ්බෝ’ති.

88. පින්වත් මහණෙනි, ස්පර්ශය ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා නොදක්නා කෙනා විසින් ….(පෙ)…. යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

ඵස්ස සූත්‍රය නිමා විය.

1.9.1.8.

සළායතන සුත්තං

ආයතන හය ගැන වදාළ දෙසුම

89. සළායතනං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ….(පෙ)…. (යථාභූතං ඤාණාය) සත්ථා පරියේසිතබ්බෝ’ති.

89. පින්වත් මහණෙනි, ආයතන හය ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා නොදක්නා කෙනා විසින් ….(පෙ)…. යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

සළායතන සූත්‍රය නිමා විය.

1.9.1.9.

නාමරූප සුත්තං

නාමරූප ගැන වදාළ දෙසුම

90. නාමරූපං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ….(පෙ)…. (යථාභූතං ඤාණාය) සත්ථා පරියේසිතබ්බෝ’ති.

90. පින්වත් මහණෙනි, නාමරූප ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා නොදක්නා කෙනා විසින් ….(පෙ)…. යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

නාමරූප සූත්‍රය නිමා විය.

1.9.1.10.

විඤ්ඤාණ සුත්තං

විඤ්ඤාණය ගැන වදාළ දෙසුම

91. විඤ්ඤාණං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ….(පෙ)…. (යථාභූතං ඤාණාය) සත්ථා පරියේසිතබ්බෝ’ති.

91. පින්වත් මහණෙනි, විඤ්ඤාණය ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා නොදක්නා කෙනා විසින් ….(පෙ)…. යථාභූත ඤාණය ලබාගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

විඤ්ඤාණය සූත්‍රය නිමා විය.

1.9.1.11.

සංඛාර සුත්තං

සංස්කාර ගැන වදාළ දෙසුම

92. සංඛාරේ භික්ඛවේ, අජානතා අපස්‌සතා යථාභූතං සංඛාරේසු යථාභූතං ඤාණාය සත්‌ථා පරියේසිතබ්‌බෝ. සංඛාරසමුදයං අජානතා අපස්‌සතා යථාභූතං සංඛාරසමුදයේ යථාභූතං ඤාණාය සත්‌ථා පරියේසිතබ්‌බෝ. සංඛාරනිරෝධං අජානතා අපස්‌සතා යථාභූතං සංඛාරනිරෝධේ යථාභූතං ඤාණාය සත්‌ථා පරියේසිතබ්‌බෝ. සංඛාරනිරෝධගාමිනිං පටිපදං අජානතා අපස්‌සතා යථාභූතං සංඛාරනිරෝධගාමිනියා පටිපදාය යථාභූතං ඤාණාය සත්‌ථා පරියේසිතබ්‌බෝ’ති.

92. පින්වත් මහණෙනි, සංස්කාර ගැන ඒ ආකාරයෙන්ම අවබෝධ නොකළ, දැක නොගත් කෙනා විසින් සංස්කාර පිළිබඳව යථාභූත ඤාණය ලබාගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ. සංස්කාර හටගැනීම ගැන ඒ ආකාරයෙන්ම අවබෝධ නොකළ, දැක නොගත් කෙනා විසින් සංස්කාර හටගැනීම පිළිබඳව යථාභූත ඤාණය ලබාගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ. සංස්කාර නිරුද්ධ වීම ගැන ඒ ආකාරයෙන්ම අවබෝධ නොකළ, දැක නොගත් කෙනා විසින් සංස්කාර නිරුද්ධ වීම පිළිබඳව යථාභූත ඤාණය ලබාගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ. සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඒ ආකාරයෙන්ම අවබෝධ නොකළ, දැක නොගත් කෙනා විසින් සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳ යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි ශාස්තෘවරයෙක් සොයා යා යුත්තේ.

(සබ්‌බේසං චතුසච්‌චිකං කාතබ්‌බං)

(සියල්ල පිළිබඳ මේ අයුරින් චතුස්සත්‍යයෙන් විස්තර කළ යුතුයි.)

සාදු! සාදු!! සාදු!!!

සංඛාර සූත්‍රය නිමා විය.

පළමු වෙනි සත්ථු වර්ගය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-9-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M