81. පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, සංස්කාර ගැන අවබෝධයක් නැත්නම්, සංස්කාර හටගැනීම ගැන අවබෝධයක් නැත්නම්, සංස්කාර නිරුද්ධ වීම ගැන අවබෝධයක් නැත්නම්, සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන අවබෝධයක් නැත්නම්, පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් බවට සම්මත වෙන්නේ නෑ. සැබෑම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් බවට සම්මත වෙන්නේ නෑ. ඒ ආයුෂ්මත්වරුන්ට ශ්‍රමණ ජීවිතයේ ප්‍රතිඵලයක් හෝ බ්‍රාහ්මණ ජීවිතයේ ප්‍රතිඵලයක් හෝ මේ ජීවිතය තුළ නම් තමන්ගේම අවබෝධ ඤාණයෙන් සාක්ෂාත් කරගෙන වාසය කරන්න ලැබෙන්නේ නෑ.
පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා, සංස්කාර ගැන අවබෝධයක් තියෙනවා නම්, සංස්කාර හටගැනීම ගැන අවබෝධයක් තියෙනවා නම්, සංස්කාර නිරුද්ධ වීම ගැන අවබෝධයක් තියෙනවා නම්, සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන අවබෝධයක් තියෙනවා නම්, පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණයන් වේවා, බ්‍රාහ්මණයන් වේවා සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් බවට සම්මත වෙනවා. සැබෑම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් බවට සම්මත වෙනවා. ඒ ආයුෂ්මත්වරුන්ට ශ්‍රමණ ජීවිතයේ ප්‍රතිඵලයක් හෝ බ්‍රාහ්මණ ජීවිතයේ ප්‍රතිඵලයක් හෝ මේ ජීවිතය තුළ තමන්ගේම අවබෝධ ඤාණයෙන් සාක්ෂාත් කරගෙන වාසය කරන්න ලැබෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සංඛාර සූත්‍රය නිමා විය.
අට වෙනි සමණ බ්‍රාහ්මණ වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-8-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M