සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.7.9. උපයන්ති සුත්තං

1.7.9. පිරී ඉතිරී යාම ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී …………..

මහාසමුද්‌දෝ භික්ඛවේ, උපයන්‌තෝ මහානදියෝ උපයාපේති. මහානදියෝ උපයන්‌තියෝ කුන්‌නදියෝ උපයාපෙන්‌ති. කුන්‌නදියෝ උපයාපෙන්‌තියෝ මහාසොබ්‌භේ උපයාපෙන්‌ති. මහාසොබ්‌භා උපයන්‌තා කුස්සොබ්‌භේ උපයාපෙන්‌ති. ඒවමේව ඛෝ භික්ඛවේ, අවිජ්‌ජා උපයන්‌තී සංඛාරේ උපයාපේති. සංඛාරා උපයන්‌තා විඤ්‌ඤාණං උපයාපෙන්‌ති. විඤ්‌ඤාණං උපයන්‌තං නාමරූපං උපයාපේති. නාමරූපං උපයන්‌තං සළායතනං උපයාපේති. සළායතනං උපයන්‌තං ඵස්‌සං උපයාපේති. ඵස්සෝ උපයන්‌තෝ වේදනං උපයාපේති. වේදනා උපයන්‌තී තණ්‌හං උපයාපේති. තණ්‌හා උපයන්‌තී උපාදානං උපයාපේති. උපාදානං උපයන්‌තං භවං උපයාපේති. භවෝ උපයන්‌තෝ ජාතිං උපයාපේති. ජාති උපයන්‌තී ජරාමරණං උපයාපේති.

පින්වත් මහණෙනි, මහ මුහුද පිරී ඉතිරී යන කොට මහා ගංගා පිරී ඉතිරී යනවා. මහා ගංගා පිරී ඉතිරී යන කොට අතු ගංගා පිරී ඉතිරී යනවා. අතු ගංගා පිරී ඉතිරී යන කොට මහා ජලාශ පිරී ඉතිරී යනවා. මහා ජලාශ පිරී ඉතිරී යන කොට කුඩා ජලාශ පිරී ඉතිරී යනවා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. අවිද්‍යාව වැඩීගෙන යන කොට සංස්කාර වැඩෙනවා. සංස්කාර වැඩීගෙන යන කොට විඤ්ඤාණය වැඩෙනවා. විඤ්ඤාණය වැඩීගෙන යන කොට නාමරූප වැඩෙනවා. නාමරූප වැඩීගෙන යන කොට ආයතන හය වැඩෙනවා. ආයතන හය වැඩීගෙන යන කොට ස්පර්ශය වැඩෙනවා. ස්පර්ශය වැඩීගෙන යන කොට විඳීම වැඩෙනවා. විඳීම වැඩීගෙන යන කොට තණ්හාව වැඩෙනවා. තණ්හාව වැඩීගෙන යනකොට උපාදාන වැඩෙනවා. උපාදාන වැඩීගෙන යන කොට භවය වැඩෙනවා. භවය වැඩීගෙන යන කොට ඉපදීම වැඩෙනවා. ඉපදීම වැඩීගෙන යන කොට ජරාමරණ වැඩෙනවා.

මහාසමුද්‌දෝ භික්ඛවේ, අපයන්‌තෝ මහානදියෝ අපයාපේති. මහානදියෝ අපයන්‌තීයෝ කුන්‌නදියෝ අපයාපෙන්‌ති. කුන්‌නදියෝ අපයන්‌තියෝ මහාසොබ්‌භේ අපයාපෙන්‌ති. මහාසොබ්‌භා අපයන්‌තා කුස්සොබ්‌භේ අපයාපෙන්‌ති. ඒවමේව ඛෝ භික්ඛවේ, අවිජ්‌ජා අපයන්‌තී සංඛාරේ අපයාපේති. සංඛාරා අපයන්‌තා විඤ්‌ඤාණං අපයාපෙන්‌ති. විඤ්‌ඤාණං අපයන්‌තං නාමරූපං අපයාපේති. නාමරූපං අපයන්‌තං සළායතනං අපයාපේති. සළායතනං අපයන්‌තං ඵස්‌සං අපයාපේති. ඵස්සෝ අපයන්‌තෝ වේදනං අපයාපේති. වේදනා අපයන්‌තී තණ්‌හං අපයාපේති. තණ්‌හා අපයන්‌තී උපාදානං අපයාපේති. උපාදානං අපයන්‌තං භවං අපයාපේති. භවෝ අපයන්‌තෝ ජාතිං අපයාපේති. ජාති අපයන්‌තී ජරාමරණං අපයාපේතී’ති.

පින්වත් මහණෙනි, මහ මුහුද බැස යන කොට මහා ගංගා බැස යනවා. මහා ගංගා බැස යන කොට අතු ගංගා බැස යනවා. අතු ගංගා බැස යන කොට මහා ජලාශ බැස යනවා. මහා ජලාශ බැස යන කොට කුඩා ජලාශ බැස යනවා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. අවිද්‍යාව බැහැර වෙන කොට සංස්කාර බැහැර වෙනවා. සංස්කාර බැහැර වෙන කොට විඤ්ඤාණය බැහැර වෙනවා. විඤ්ඤාණය බැහැර වෙන කොට නාමරූප බැහැර වෙනවා. නාමරූප බැහැර වෙන කොට ආයතන හය බැහැර වෙනවා. ආයතන හය බැහැර වෙන කොට ස්පර්ශය බැහැර වෙනවා. ස්පර්ශය බැහැර වෙන කොට විඳීම බැහැර වෙනවා. විඳීම බැහැර වෙන කොට තණ්හාව බැහැර වෙනවා. තණ්හාව බැහැර වෙන කොට උපාදාන බැහැර වෙනවා. උපාදාන බැහැර වෙන කොට භවය බැහැර වෙනවා. භවය බැහැර වෙන කොට ඉපදීම බැහැර වෙනවා. ඉපදීම බැහැර වෙන කොට ජරාමරණ බැහැර වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

උපයන්ති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-7-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M