සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.7.10. සුසීම සුත්තං

1.7.10. සුසීම තෙරුන්ට වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‌දකනිවාපේ. තේන ඛෝ පන සමයේන භගවා සක්‌කතෝ හෝති ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර-පිණ්‌ඩපාත-සේනාසන-ගිලානපච්‌චය-භේසජ්‌ජපරික්‌ඛාරානං. භික්‌ඛුසංඝෝපි සක්‌කතෝ හෝති ගරුකතෝ මානිතෝ පූජිතෝ අපචිතෝ ලාභී චීවර-පිණ්‌ඩපාත-සේනාසනගිලානපච්‌චය-භේසජ්‌ජපරික්‌ඛාරානං. අඤ්‌ඤතිත්‌ථියා පන පරිබ්‌බාජකා අසක්‌කතා හොන්‌ති අගරුකතා අමානිතා අපූජිතා අනපචිතා න ලාභිනෝ චීවර-පිණ්‌ඩපාත-සේනාසනගිලානපච්‌චය-භේසජ්‌ජපරික්‌ඛාරානං.

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභයභූමිය වූ වේළුවනාරාමයේ. ඒ කාලයේ භාග්‍යවතුන් වහන්සේට බොහෝ ලාභ සත්කාර ලැබුණා. ගෞරවාදර ලැබුණා. ගරු බුහුමන් ලැබුණා. වැඳුම් පිදුම් ලැබුණා. යටහත් පහත්කම් ලැබුණා. ඒ වගේම සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස ලැබුණා. භික්ෂු සංඝයා වහන්සේටත් බොහෝ ලාභ සත්කාර ලැබුණා. ගෞරවාදර ලැබුණා. ගරු බුහුමන් ලැබුනා. වැඳුම් පිදුම් ලැබුණා. යටහත් පහත්කම් ලැබුණා. ඒ වගේම සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස ලැබුණා.

තේන ඛෝ පන සමයේන සුසීමෝ පරිබ්‌බාජකෝ රාජගහේ පටිවසති මහතියා පරිබ්‌බාජකපරිසාය සද්‌ධිං. අථ ඛෝ සුසීමස්‌ස පරිබ්‌බාජකස්‌ස පරිසා සුසීමං පරිබ්‌බාජකං ඒතදවෝචුං. ඒහි ත්‌වං ආවුසෝ සුසීම, සමණේ ගෝතමේ බ්‍රහ්‌මචරියං චර. ත්‌වං ධම්‌මං පරියාපුණිත්‌වා අම්‌හේ වාචෙය්‍යාසි. තං මයං ධම්‌මං පරියාපුණිත්‌වා ගිහීනං භාසිස්‌සාම. ඒවං මයම්‌පි සක්‌කතා භවිස්‌සාම ගරුකතා මානිතා පූජිතා අපචිතා ලාභිනෝ චීවර-පිණ්‌ඩපාතසේනාසන-ගිලානපච්‌චය-භේසජ්‌ජපරික්‌ඛාරානන්‌ති. ඒවමාවුසෝ’ති ඛෝ සුසීමෝ පරිබ්‌බාජකෝ සකාය පරිසාය පටිස්‌සුත්‌වා යේනායස්මා ආනන්‌දෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්‌මතා ආනන්‌දේන සද්‌ධිං සම්‌මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සුසීමෝ පරිබ්‌බාජකෝ ආයස්‌මන්‌තං ආනන්‌දං ඒතදවෝච. ඉච්‌ඡාමහං ආවුසෝ ආනන්‌ද, ඉමස්‌මිං ධම්‌මවිනයේ බ්‍රහ්‌මචරියං චරිතුන්‌ති.

නමුත් අන්‍යාගම්කාර තාපසාදීන්ට ලාභ සත්කාර ලැබුණේ නෑ. ගෞරවාදර ලැබුණේ නෑ. ගරු බුහුමන් ලැබුණේ නෑ. වැඳුම් පිදුම් ලැබුණේ නෑ. යටහත් පහත්කම් ලැබුණේ නෑ. ඒ වගේම සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස ලැබුණේ නෑ.

ඒ කාලයේ සුසීම කියන තාපසයත් විශාල තාපස පිරිසක් සමඟ රජගහ නුවරමයි හිටියේ. එතකොට සුසීම තවුසාගේ පිරිස සුසීම තවුසාට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් සුසීමයෙනි, මෙහෙ එන්න. දැන් ඔබ ශ්‍රමණ ගෞතමයන් ළඟ මහණ වෙන්න ඕන. ඊට පස්සේ ඔබ එතැනින් ධර්මය ඉගෙන ගෙන ඇවිත් අපිට උගන්වන්න. එතකොට අපි ඒ ධර්මය ඉගෙන ගෙන ගිහියන්ට බණ කියමු. එතකොට අපිත් බොහෝ ලාභසත්කාර ලබමු. ගෞරවාදර ලබමු. ගරු බුහුමන් ලබමු. වැඳුම් පිදුම් ලබමු. යටහත් පහත්කම් ලබමු. ඒ වගේම සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස ලබමු.” “එසේය, ආයුෂ්මතුනි” කියලා සිය පිරිසට පිළිතුරු දීපු සුසීම තවුසා ආයුෂ්මත් ආනන්ද තෙරුන් ළඟට ගියා. ගිහින් ආයුෂ්මත් ආනන්ද තෙරුන් සමඟ පිළිසඳර කතාබහේ යෙදුණා. පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ සුසීම තවුසා ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත් ආනන්දයන් වහන්ස, මමත් ඔය ශාසනය තුළ ධර්ම විනයේ හැසිරෙන්නට හරිම කැමතියි” කිව්වා.

අථ ඛෝ ආයස්‌මා ආනන්‌දෝ සුසීමං පරිබ්‌බාජකං ආදාය යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා ආනන්‌දෝ භගවන්‌තං ඒතදවෝච. අයං භන්තේ සුසීමෝ පරිබ්‌බාජකෝ ඒවමාහ. ඉච්‌ඡාමහං ආවුසෝ ආනන්‌ද, ඉමස්‌මිං ධම්‌මවිනයේ බ්‍රහ්‌මචරියං චරිතුන්‌ති. තේනහානන්‌ද සුසීමං පබ්‌බාජේථාති. අලත්‌ථ ඛෝ සුසීමෝ පරිබ්‌බාජකෝ භගවතෝ සන්තිකේ පබ්‌බජ්‌ජං, අලත්‌ථ උපසම්‌පදං.

එතකොට ආයුෂ්මත් ආනන්ද තෙරුන් සුසීම තවුසාත් කැටුව භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “ස්වාමීනී, මේ සුසීම තවුසා මෙහෙම කියනවා. ‘ප්‍රිය ආයුෂ්මත් ආනන්දයන් වහන්ස, මමත් ඔය ශාසනය තුළ ධර්ම විනයේ හැසිරෙන්නට හරිම කැමතියි’ කියලා.” “එහෙම නම් පින්වත් ආනන්ද, ඔය සුසීමව පැවිදි කරන්න” ඉතින් සුසීම තවුසා භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වුණා. උපසම්පදා වුණා.

තේන ඛෝ පන සමයේන සම්බහුලේහි භික්‌ඛූහි භගවතෝ සන්තිකේ අඤ්‌ඤා බ්‍යාකතා හෝති. ඛීණා ජාති වුසිතං බ්‍රහ්‌මචරියං කතං කරණීයං නාපරං ඉත්‌ථත්‌තායාති පජානාමා ති. අස්‌සෝසි ඛෝ ආයස්‌මා සුසීමෝ සම්බහුලේහි කිර භික්‌ඛූහි භගවතෝ සන්තිකේ අඤ්‌ඤා බ්‍යාකතා. ඛීණා ජාති වුසිතං බ්‍රහ්‌මචරියං කතං කරණීයං නාපරං ඉත්‌ථත්‌තායාති පජානාමා’ති.

ඒ කාලයේ බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ අරහත්වය ප්‍රකාශ කරනවා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙමත් නිවන පිණිස යළි කළ යුතු දෙයක් නැතැ’යි කියලා. ඉතින් ආයුෂ්මත් සුසීමයන්ට ද බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ‘ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කළ යුතු දේ කළා, ආයෙමත් නිවන පිණිස යළි කළ යුතු දෙයක් නැතැ’යි කියලා අරහත්වය ප්‍රකාශ කිරීම අසන්නට ලැබුණා.

අථ ඛෝ ආයස්‌මා සුසීමෝ යේන තේ භික්‌ඛූ තේනුපසංකමි. උපසංකමිත්වා තේහි භික්‌ඛූහි සද්‌ධිං සම්‌මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා සුසීමෝ තේ භික්‌ඛූ ඒතදවෝච. සච්‌චං කිර ආයස්‌මන්‌තේහි භගවතෝ සන්තිකේ අඤ්‌ඤා බ්‍යාකතා. ඛීණා ජාති වුසිතං බ්‍රහ්‌මචරියං කතං කරණීයං නාපරං ඉත්‌ථත්‌තායාති පජානාමාති? ඒවමාවුසෝ ති.

එතකොට ආයුෂ්මත් සුසීමයන් ඒ භික්ෂූන් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂූන් සමඟ පිළිසඳර කතාබහේ යෙදුණා. පිළිසඳර කතාබහෙන් පසු එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් සුසීමයන් ඒ භික්ෂූන්ගෙන් මෙහෙම අහනවා. “ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙමත් නිවන පිණිස යළි කළ යුතු දෙයක් නැතැ’යි කියලා අරහත්වය ප්‍රකාශ කළා නෙව. ඒක ඇත්තක්ද?” “එසේය, ප්‍රිය ආයුෂ්මතුනි”

අපි නු තුම්හේ ආයස්‌මන්‌තෝ ඒවං ජානන්‌තා ඒවං පස්‌සන්‌තා අනේකවිහිතං ඉද්‌ධිවිධං පච්‌චනුභෝථ? ඒකෝපි හුත්‌වා බහුධා හෝථ. බහුධාපි හුත්‌වා ඒකෝ හෝථ. ආවීභාවං තිරෝභාවං තිරෝකුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්‌බතං අසජ්‌ජමානා ගච්‌ඡථ සෙය්‍යථාපි ආකාසේ. පඨවියාපි උම්‌මුජ්‌ජනිමුජ්‌ජං කරෝථ සෙය්‍යථාපි උදකේ. උදකේපි අභෙජ්‌ජමානේ ගච්‌ඡථ සෙය්‍යථාපි පඨවියං. ආකාසේපි පල්‌ලංකේන කමථ සෙය්‍යථාපි පක්‌ඛී සකුණෝ. ඉමේපි චන්‌දිමසුරියේ ඒවම්මහිද්‌ධිකේ ඒවම්මහානුභාවේ පාණිනා පරාමසථ පරිමජ්‌ජථ. යාව බ්‍රහ්‌මලෝකාපි කායේන වසං වත්‌තේථා ති? නෝ හේතං ආවුසෝ.

“එහෙම නම් ඔය ආයුෂ්මතුන් වහන්සේලා ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් නොයෙක් ආකාර වූ ඍද්ධි බලයනුත් ලබල ඇති නේද? ඒ කියන්නේ එක්කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වගේ පෙනී හිටින්න පුළුවන්ද? බොහෝ දෙනෙක්ව ඉඳගෙන එක්කෙනෙක් වගේ පෙනී හිටින්න පුළුවන්ද? පෙනිලාත් නොපෙනිලාත් බිත්ති හරහට පවුරු හරහට ඒවායේ වැදෙන්නේ නැතුව ආකාසේ යනවා වගේ යන්න පුළුවන්ද? මහ පොළොවෙත් වතුරේ ගිලෙනවා මතුවෙනවා වගේ කිමිදෙන්න පුළුවන්ද? කුරුල්ලෙක් ඉගිලෙනවා වගේ පළඟක් බැඳගෙන අහසින් යන්න පුළුවන්ද? මේ සා මහානුභාව සම්පන්න ඉරත්, හඳත් අතින් පිරිමදින්න පුළුවන්ද? බ්‍රහ්ම ලෝකය දක්වාම මේ කයෙන් අධිපති භාවයක් පවත්වන්නට පුළුවන්ද?” “අනේ නෑ! ප්‍රිය ආයුෂ්මතුනි.”

අපි නු තුම්හේ ආයස්‌මන්‌තෝ ඒවං ජානන්‌තා ඒවං පස්‌සන්‌තා දිබ්‌බාය සෝතධාතුයා විසුද්‌ධාය අතික්‌කන්‌තමානුසකාය උභෝ සද්දේ සුණාථ දිබ්‌බේ ච මානුසේ ච, යේ දූරේ සන්තිකේ චා ති? නෝ හේතං ආවුසෝ.

“එහෙම නම් ඔය ආයුෂ්මතුන් වහන්සේලා ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම්, මිනිස් හැකියාව ඉක්මවා ගිය දිව්‍ය ශ්‍රවණය මගින් දුර වූත්, ළග වූත් දිව්‍ය මනුෂ්‍ය ශබ්ද අසන්නට පුළුවන්ද?” “අනේ නෑ! ප්‍රිය ආයුෂ්මතුනි.”

අපි නු තුම්හේ ආයස්‌මන්‌තෝ, ඒවං ජානන්‌තා ඒවං පස්‌සන්‌තා පරසත්‌තානං පරපුග්‌ගලානං චේතසා චේතෝ පරිච්‌ච පජානාථ? සරාගං වා චිත්‌තං සරාගං චිත්‌තන්‌ති පජානාථ, වීතරාගං වා චිත්‌තං වීතරාගං චිත්‌තන්‌ති පජානාථ. සදෝසං වා චිත්‌තං සදෝසං චිත්‌තන්‌ති පජානාථ. වීතදෝසං වා චිත්‌තං වීතදෝසං චිත්‌තන්‌ති පජානාථ. සමෝහං වා චිත්‌තං සමෝහං චිත්‌තන්‌ති පජානාථ. වීතමෝහං වා චිත්‌තං වීතමෝහං චිත්‌තන්‌ති පජානාථ. සංඛිත්‌තං වා චිත්‌තං සංඛිත්‌තං චිත්‌තන්‌ති පජානාථ. වික්‌ඛිත්‌තං වා චිත්‌තං වික්‌ඛිත්‌තං චිත්‌තන්‌ති පජානාථ. මහග්‌ගතං වා චිත්‌තං මහග්‌ගතං චිත්‌තන්‌ති පජානාථ. අමහග්‌ගතං වා චිත්‌තං අමහග්‌ගතං චිත්‌තන්‌ති පජානාථ. සඋත්‌තරං වා චිත්‌තං සඋත්‌තරං චිත්‌තන්‌ති පජානාථ. අනුත්‌තරං වා චිත්‌තං අනුත්‌තරං චිත්‌තන්‌ති පජානාථ. සමාහිතං වා චිත්‌තං සමාහිතං චිත්‌තන්‌ති පජානාථ. අසමාහිතං වා චිත්‌තං අසමාහිතං චිත්‌තන්‌ති පජානාථ. විමුත්‌තං වා චිත්‌තං විමුත්‌තං චිත්‌තන්‌ති පජානාථ. අවිමුත්‌තං වා චිත්‌තං අවිමුත්‌තං චිත්‌තන්‌ති පජානාථා’ති? නෝ හේතං ආවුසෝ.

“එහෙම නම් ඔය ආයුෂ්මතුන් වහන්සේලා ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් අනිත් සත්වයන්ගේ අනිත් උදවියගේ සිත විනිවිද දකිනවා ඇති නේද? ඒ කියන්නේ සරාගී සිත සරාගී සිතක්ය කියලා දන්නවා නේද? විරාගී සිත විරාගී සිතක්ය කියලා දන්නවා නේද? ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක්ය කියලා දන්නවා නේද? මෝහ සහිත සිත මෝහ සහිත සිතක්ය කියලා දන්නවා නේද? මෝහ රහිත සිත මෝහ රහිත සිතක්ය කියලා දන්නවා නේද? හැකිලුන සිත හැකිලුන සිතක්ය කියලා දන්නවා නේද? විසිරුණු සිත විසිරුණු සිතක්ය කියලා දන්නව නේද? ධ්‍යාන සහිත සිත ධ්‍යාන සහිත සිතක්ය කියලා දන්නවා නේද? ධ්‍යාන රහිත සිත ධ්‍යාන රහිත සිතක්ය කියලා දන්නවා නේද? ශ්‍රේෂ්ඨ සිත ශ්‍රේෂ්ඨ සිතක්ය කියලා දන්නවා නේද? උසස් සිත උසස් සිතක්ය කියලා දන්නවා නේද? වඩාත් උසස් සිත වඩාත් උසස් සිතක්ය කියලා දන්නවා නේද? සමාහිත සිත සමාහිත සිතක්ය කියලා දන්නවා නේද? අසමාහිත සිත අසමාහිත සිතක්ය කියලා දන්නවා නේද? විමුක්තියට පත් සිත විමුක්තියට පත් සිතක්ය කියලා දන්නවා නේද? විමුක්තියට පත් නොවුණ සිත විමුක්තියට පත් නොවුණ සිතක්ය කියලා දන්නවා නේද?” “අනේ නෑ! ප්‍රිය ආයුෂ්මතුනි.”

අපි නු තුම්හේ ආයස්‌මන්‌තෝ, ඒවං ජානන්‌තා ඒවං පස්‌සන්‌තා අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරථ? සෙය්‍යථීදං. ඒකම්‌පි ජාතිං ද්‌වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්‌සෝපි ජාතියෝ පඤ්‌චපි ජාතියෝ දසපි ජාතියෝ වීසම්‌පි ජාතියෝ තිංසම්‌පි ජාතියෝ චත්‌තාරීසම්‌පි ජාතියෝ පඤ්‌ඤාසම්‌පි ජාතියෝ ජාතිසතම්‌පි ජාතිසහස්‌සම්‌පි ජාතිසතසහස්‌සම්‌පි, අනේකේපි සංවට්‌ටකප්‌පේ අනේකේපි විවට්‌ටකප්‌පේ අනේකේපි සංවට්‌ටවිවට්‌ටකප්‌පේ, අමුත්‍රාසිං ඒවන්නාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්‌ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ. සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං ඒවන්නාමෝ ඒවංගොත්‌තෝ ඒවංවණ්‌ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්‌ඛපටිසංවේදී ඒවමායුපරියන්‌තෝ, සෝ තතෝ චුතෝ ඉධූපපන්‌නෝති. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරථා’ති? නෝ හේතං ආවුසෝ.

“එහෙම නම් ඔය ආයුෂ්මතුන් වහන්සේලා ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් නොයෙක් ආකාර වූ කලින් ගත කරපු ජීවිත ගැන සිහි කරන්න පුළුවන් ඇති නේද? ඒ කියන්නේ, එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්, නොයෙක් ආකාර වූ වැනසීගෙන යන කල්පත්, නොයෙක් ආකාර වූ වැඩීගෙන යන කල්පත්, නොයෙක් ආකාර වූ වැනැසී ගෙන යන්නා වූද, වැඩෙන්නා වූද කල්පයන් ගැන සිහි කරන්නට පුළුවන් නේද? ඒ කාලෙ මගේ නම මේකයි, මගේ කුලය මේකයි, මගේ හැඩරුව මෙහෙමයි, මේවා තමයි කෑවෙ බිව්වේ. සැප දුක් වින්ඳේ මෙහෙමයි. මැරිල ගියේ මෙහෙමයි. එතැනින් චුත වෙලා අසවල් තැන උපන්නා. එතකොට ඒ කාලෙ මගේ නම මේකයි. මගේ කුලය මේකයි. මගේ හැඩරුව මෙහෙමයි. මේවා තමයි කෑවෙ, බිව්වේ. සැප දුක් වින්ඳේ මෙහෙමයි. මැරිල ගියේ මෙහෙමයි. එතැනින් චුත වෙලා මෙතැන උපන්නා කියලා කරුණු සහිතව වැටහීම් සහිතව නොයෙක් ආකාරයෙන් කලින් ගත කරපු ජීවිත ගැන සිහි කරන්න පුළුවන් නේද?” “අනේ නෑ! ප්‍රිය ආයුෂ්මතුනි.”

අපි නු තුම්හේ ආයස්‌මන්‌තෝ, ඒවං ජානන්‌තා ඒවං පස්‌සන්‌තා දිබ්බේන චක්‌ඛුනා විසුද්‌ධේන අතික්‌කන්‌තමානුසකේන සත්‌තේ පස්‌සථ චවමානේ උප්පජ්‌ජමානේ. හීනේ පණීතේ සුවණ්‌ණේ දුබ්‌බණ්‌ණේ සුගතේ දුග්‌ගතේ යථාකම්‌මූපගේ සත්‌තේ පජානාථ? ඉමේ වත භොන්‌තෝ සත්‌තා කායදුච්‌චරිතේන සමන්‌නාගතා වචීදුච්‌චරිතේන සමන්‌නාගතා මනෝදුච්‌චරිතේන සමන්‌නාගතා අරියානං උපවාදකා මිච්‌ඡාදිට්‌ඨිකා මිච්‌ඡාදිට්‌ඨිකම්‌මසමාදානා. තේ කායස්‌ස භේදා පරම්මරණා අපායං දුග්‌ගතිං විනිපාතං නිරයං උපපන්‌නා. ඉමේ වා පන භොන්තෝ සත්‌තා කායසුචරිතේන සමන්‌නාගතා වචීසුචරිතේන සමන්‌නාගතා මනෝසුචරිතේන සමන්‌නාගතා අරියානං අනුපවාදකා සම්‌මාදිට්‌ඨිකා සම්‌මාදිට්‌ඨිකම්‌මසමාදානා. තේ කායස්‌ස භේදා පරම්මරණා සුගතිං සග්‌ගං ලෝකං උපපන්‌නාති. ඉති දිබ්‌බේන චක්‌ඛුනා විසුද්‌ධේන අතික්‌කන්‌තමානුසකේන සත්‌තේ පස්‌සථ චවමානේ උප්පජ්‌ජමානේ හීනේ පණීතේ සුවණ්‌ණේ දුබ්‌බණ්‌ණේ සුගතේ දුග්‌ගතේ යථාකම්‌මූපගේ සත්‌තේ පජානාථා’ති? නෝ හේතං ආවුසෝ.

“එහෙම නම් ඔය ආයුෂ්මතුන් වහන්සේලා ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය දිවැස් නුවණින්, චුත වෙන උපදින සත්වයන්ව දකින්නට පුළුවන් නේද? පහත් වූත්, උසස් වූත්, ලස්සන වූත්, කැත වූත්, යහපත් ගති ඇත්තා වූත්, අයහපත් ගති ඇත්තා වූත්, කර්මානුරූපව ගමනක් යන සත්වයන්ව දකින්නට පුළුවන් නේද? ඒකාන්තයෙන්ම මේ සත්වයන් කයින් පව් කරගෙන, වචනයෙන් පව් කරගෙන, මනසින් පව් කරගෙන ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිත්‍යා දෘෂ්ටික වෙලා, මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙලක යෙදිලා කය බිඳී මරණයට පත්වෙලා සැප රහිත වූ නපුරු ගති ඇති යටට වැටෙන නරකාදියේ ඉපදිලා ඉන්නවා නෙව. ඒකාන්තයෙන්ම මේ සත්වයන් කයින් පින් කරගෙන, වචනයෙන් පින් කරගෙන, මනසින් පින් කරගෙන, ආර්යයන් වහන්සේලාට උපස්ථාන කරලා, සම්‍යක් දෘෂ්ටික වෙලා, සම්‍යක් දෘෂ්ටික වැඩපිළිවෙලක යෙදිලා කය බිඳී මරණයට පත්වෙලා සුන්දර ගති ඇති සුගතියේ ඉපදිලා ඉන්නවා නෙව කියලා ඔය විදිහට මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය දිවැස් නුවණින් චුත වෙන උපදින සත්වයන්ව දකින්නට පුළුවන් නේද? පහත් වූත්, උසස් වූත් ලස්සන වූත්, කැත වූත් යහපත් ගති ඇත්තා වූත් අයහපත් ගති ඇත්තා වූත් කර්මානුරූපව ගමනක් යන සත්වයන්ව දකින්නට පුළුවන් නේද?” “අනේ නෑ! ප්‍රිය ආයුෂ්මතුනි.”

අපි නු තුම්හේ ආයස්‌මන්‌තෝ, ඒවං ජානන්‌තා ඒවං පස්‌සන්‌තා යේ තේ සන්‌තා විමොක්‌ඛා අතික්‌කම්‌ම රූපේ ආරුප්‌පා, තේ කායේන ඵුසිත්‌වා විහරථා’ති? නෝ හේතං ආවුසෝ. එත්‌ථදානි ආයස්‌මන්‌තෝ, ඉදඤ්‌ච වෙය්‍යාකරණං ඉමේසඤ්‌ච ධම්‌මානං අසමාපත්‌ති. ඉදං නෝ ආවුසෝ කථන්‌ති? පඤ්‌ඤාවිමුත්‌තා ඛෝ මයං ආවුසෝ සුසීමා’ති.

න ඛ්‌වාහං ඉමස්‌ස ආයස්‌මන්‌තානං සංඛිත්තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානාමි. සාධු මේ ආයස්‌මන්‌තෝ තථා භාසන්‌තු, යථාහං ඉමස්‌ස ආයස්‌මන්‌තානං සංඛිත්තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානෙය්‍යන්‌ති. ආජානෙය්‍යාසි වා ත්‌වං ආවුසෝ සුසීම, න වා ත්‌වං ආජානෙය්‍යාසි. අථ ඛෝ පඤ්‌ඤාවිමුත්‌තා මයන්‌ති.

“එහෙම නම් ඔය ආයුෂ්මතුන් වහන්සේලා ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් රූප ධ්‍යාන ඉක්මවා ගිය අරූපී වූ ශාන්ත විමෝක්ෂයක් වේ නම් අන්න ඒ සමාධීන් ඔබ විසින් කයින් ස්පර්ශ කරගෙන ද ඉන්නේ?” “අනේ නෑ! ප්‍රිය ආයුෂ්මතුනි.”

“එහෙම නම් දැන් ඔය ආයුෂ්මතුන් වහන්සේලා කියපු මේ කාරණයට අනුව ඔය තත්ව එකක්වත් ඇති කරගෙන නෑ. එතකොට ප්‍රිය ආයුෂ්මතුනි, ඕක කොහොමද වුණේ?” “ප්‍රිය ආයුෂ්මත් සුසීම, අපි කවුරුත් ප්‍රඥා විමුක්ත උදවියයි.” “අනේ ප්‍රිය ආයුෂ්මතුනි, ඔබවහන්සේලා ඔය කෙටියෙන් කියපු කාරණාවේ අර්ථය විස්තර වශයෙන් මට තේරෙන්නේ නෑ. මට ඔය ආයුෂ්මතුන් වහන්සේලා කෙටියෙන් පැවසූ කාරණාවේ අර්ථය විස්තර වශයෙන් දැනගැනීම පිණිස ආයුෂ්මතුන් වහන්සේලා අනේ ඒ විදිහට කියා දෙනු මැනැව.” “ප්‍රිය ආයුෂ්මත් සුසීම, ඔබ තේරුම් ගත්තා හෝ වේවා, ඔබ තේරුම් නොගත්තා හෝ වේවා කොහොම වුණත් අපි ප්‍රඥා විමුක්ත උදවියයි.”

අථ ඛෝ ආයස්‌මා සුසීමෝ උට්‌ඨායාසනා යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා සුසීමෝ යාවතකෝ තේහි භික්‌ඛූහි සද්‌ධිං අහෝසි කථාසල්‌ලාපෝ, තං සබ්‌බං භගවතෝ ආරෝචේසි.

එතකොට ආයුෂ්මත් සුසීමයන් අසුනෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් සුසීමයන් ඒ භික්ෂූන් සමඟ යම්තාක් කතා බහ කළා නම්, ඒ සියල්ලම භාග්‍යවතුන් වහන්සේට සැළ කළා.

‘පුබ්බේ ඛෝ සුසීම, ධම්‌මට්‌ඨිතිඤාණං, පච්‌ඡා නිබ්‌බානේ ඤාණන්‌ති.’

න ඛ්‌වාහං භන්තේ, ඉමස්‌ස භගවතා සංඛිත්තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානාමි. සාධු මේ භන්තේ, භගවා තථා භාසතු, යථාහං ඉමස්‌ස භගවතා සංඛිත්තේන භාසිතස්‌ස විත්ථාරේන අත්‌ථං ආජානෙය්‍යන්‌ති.

“පින්වත් සුසීම, ඉස්සෙල්ලාම ඇතිවෙන්නේ ධම්මඨිති ඤාණයයි. ඊට පස්සේ තමයි නිවන අවබෝධ වෙන්නේ.” “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය කෙටියෙන් පවසා වදාළ කාරණාවේ අර්ථය විස්තර වශයෙන් මට තේරෙන්නේ නෑ. මට ඔය භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් පවසා වදාළ කාරණාවේ අර්ථය විස්තර වශයෙන් දැනගැනීම පිණිස භාග්‍යවතුන් වහන්සේ අනේ ඒ විදිහට කියා දෙන සේක්වා!”

‘ආජානෙය්‍යාසි වා ත්‌වං සුසීම, න වා ත්‌වං ආජානෙය්‍යාසි, අථ ඛෝ ධම්‌මට්‌ඨිතිඤාණං පුබ්‌බේ, පච්‌ඡා නිබ්‌බානේ ඤාණං.’

“පින්වත් සුසීම, ඔබ තේරුම් ගත්තා හෝ වේවා, ඔබ තේරුම් නොගත්තා හෝ වේවා කොහොම වුණත් ඉස්සෙල්ලාම ඇතිවෙන්නේ ධම්මඨිති ඤාණයයි. ඊට පස්සේ තමයි නිවන අවබෝධ වෙන්නේ.

තං කිම්මඤ්‌ඤසි සුසීම, රූපං නිච්‌චං වා අනිච්‌චං වා ති? අනිච්‌චං භන්තේ. යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වා ති? දුක්‌ඛං භන්තේ. යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං කල්‌ලං නු තං සමනුපස්‌සිතුං. ඒතං මම ඒසෝහමස්‌මි ඒසෝ මේ අත්‌තා’ති? නෝ හේතං භන්තේ. වේදනා නිච්‌චා වා අනිච්‌චා වා ති? අනිච්‌චා භන්තේ ….(පෙ)…. සඤ්‌ඤා නිච්‌චා වා අනිච්‌චා වා ති? අනිච්‌චා භන්තේ. ….(පෙ)…. සංඛාරා නිච්‌චා වා අනිච්‌චා වා ති? අනිච්‌චා භන්තේ. ….(පෙ)…. විඤ්‌ඤාණං නිච්‌චං වා අනිච්‌චං වා ති? අනිච්‌චං භන්තේ. යං පනානිච්‌චං දුක්‌ඛං වා තං සුඛං වා ති? දුක්‌ඛං භන්තේ. යං පනානිච්‌චං දුක්‌ඛං විපරිණාමධම්‌මං කල්‌ලං නු තං සමනුපස්‌සිතුං. ඒතං මම ඒසෝ හමස්‌මි ඒසෝ මේ අත්‌තා ති? නෝ හේතං භන්තේ.

පින්වත් සුසීම, මේ ගැන ඔබ මොකක්ද හිතන්නේ? රූපය නිත්‍යයයිද? අනිත්‍යයිද?” “ස්වාමීනී, අනිත්‍යයි.” “යමක් අනිත්‍ය නම්, ඒක දුකක්ද? නැත්නම් සැපක්ද?” “ස්වාමීනී, දුකයි.” “යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, ඒ දෙය ‘මේක මගේ, මේ තමයි මම, මේ තමයි මගේ ආත්මය’ කියලා මුළාවෙන් ගන්න එක හරිද?” “අනේ ස්වාමීනී, ඒක වැරදියි.”

“වේදනාව නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනී, අනිත්‍යයි.” ….(පෙ)…. “සඤ්ඤාව නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනී, අනිත්‍යයි.” ….(පෙ)…. “සංස්කාර නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනී, අනිත්‍යයි.” ….(පෙ)…. “විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” “ස්වාමීනී, අනිත්‍යයි.” “යමක් අනිත්‍ය නම්, ඒක දුකක්ද? නැත්නම් සැපක්ද?” “ස්වාමීනී, දුකයි.” “යමක් අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වෙන ස්වභාවයට අයිති නම්, ඒ දෙය ‘මේක මගේ, මේ තමයි මම, මේ තමයි මගේ ආත්මය’ කියලා මුළාවෙන් ගන්න එක හරිද?” “අනේ ස්වාමීනී, ඒක වැරදියි.”

තස්‌මාතිහ සුසීම, යං කිඤ්‌චි රූපං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං රූපං නේතං මම නේසෝ හමස්‌මි න මේසෝ අත්‌තාති. ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. යා කාචි වේදනා අතීතානාගතපච්‌චුප්‌පන්‌නා ….(පෙ)…. යා කාචි සඤ්‌ඤා ….(පෙ)…. යේ කේචි සංඛාරා අතීතානාගතපච්‌චුප්‌පන්‌නා අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකා වා සුඛුමා වා හීනා වා පණීතා වා යේ දූරේ සන්තිකේ වා, සබ්බේ සංඛාරා නේතං මම නේසෝ හමස්‌මි න මේසෝ අත්‌තා’ති. ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං. යං කිඤ්‌චි විඤ්‌ඤාණං අතීතානාගතපච්‌චුප්‌පන්‌නං අජ්‌ඣත්‌තං වා බහිද්‌ධා වා ඕළාරිකං වා සුඛුමං වා හීනං වා පණීතං වා යං දූරේ සන්තිකේ වා, සබ්‌බං විඤ්‌ඤාණං නේතං මම නේසෝ හමස්‌මි න මේසෝ අත්‌තාති ඒවමේතං යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

“එහෙම නම් පින්වත් සුසීම, අතීත අනාගත වර්තමාන වූ යම්කිසි රූපයක් ඇත්නම්, තමා තුළ වේවා, බාහිර හෝ වේවා, ගොරෝසු හෝ වේවා, සියුම් හෝ වේවා, පහත් හෝ වේවා, උසස් හෝ වේවා, දුර හෝ වේවා, ළඟ හෝ වේවා, ඒ සියලු රූප ‘මේක මගේ දෙයක් නොවෙයි. මේ මම නම් නොවෙයි. මේක මගේ ආත්මය නොවෙයි’ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන.

අතීත අනාගත වර්තමාන වූ යම්කිසි වේදනාවක් ඇත්නම් ….(පෙ)…. අතීත අනාගත වර්තමාන වූ යම්කිසි සඤ්ඤාවක් ඇත්නම් ….(පෙ)…. අතීත අනාගත වර්තමාන වූ යම්කිසි සංස්කාර ඇත්නම් ….(පෙ)…. අතීත අනාගත වර්තමාන වූ යම්කිසි විඤ්ඤාණයක් ඇත්නම් තමා තුළ වේවා, බාහිර හෝ වේවා, ගොරෝසු හෝ වේවා, සියුම් හෝ වේවා, පහත් හෝ වේවා, උසස් හෝ වේවා, දුර හෝ වේවා, ළඟ හෝ වේවා, ඒ සියලු විඤ්ඤාණ ‘මේක මගේ දෙයක් නොවෙයි. මේ මම නම් නොවෙයි. මේක මගේ ආත්මය නොවෙයි’ කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕන.

ඒවං පස්‌සං සුසීම සුතවා අරියසාවකෝ රූපස්‌මිම්‌පි නිබ්‌බින්‌දති, වේදනායපි නිබ්‌බින්‌දති, සඤ්‌ඤායපි නිබ්‌බින්‌දති, සංඛාරේසුපි නිබ්‌බින්‌දති, විඤ්‌ඤාණස්‌මිම්‌පි නිබ්‌බින්‌දති. නිබ්‌බින්‌දං විරජ්‌ජති, විරාගා විමුච්‌චති, විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං නාපරං ඉත්‌ථත්‌තායා’ති පජානාති.

පින්වත් සුසීම, ඔය විදිහට දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. වේදනාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සඤ්ඤාව ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. සංස්කාර ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. විඤ්ඤාණය ගැනත් අවබෝධයෙන්ම කළකිරෙනවා. කළකිරීම නිසා නොඇලී යනවා. නොඇලීම නිසා නිදහස් වෙනවා. නිදහස් වුණ විට මං දැන් නිදහස් කියලා අවබෝධයෙන්ම දන්නවා. ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දේ කළා. ආයෙමත් නිවන පිණිස යළි කළ යුතු දෙයක් නැතැයි කියලා අවබෝධ වෙනවා.

ජාතිපච්‌චයා ජරාමරණන්‌ති සුසීම පස්‌සසීති? ඒවං භන්තේ. භවපච්‌චයා ජාතීති සුසීම පස්‌සසී’ති? ඒවං භන්තේ. උපාදානපච්‌චයා භවෝති සුසීම පස්‌සසී’ති? ඒවං භන්තේ. තණ්‌හාපච්‌චයා උපාදානන්‌ති සුසීම පස්‌සසී’ති? ඒවං භන්තේ. වේදනාපච්‌චයා තණ්‌හාති ….(පෙ)…. ඵස්‌සපච්‌චයා වේදනාති ….(පෙ)…. සළායතනපච්‌චයා ඵස්සෝත ….(පෙ)…. නාමරූපපච්‌චයා සළායතනන්‌ති ….(පෙ)…. විඤ්‌ඤාණපච්‌චයා නාමරූපන්‌ති ….(පෙ)…. සංඛාරපච්‌චයා විඤ්‌ඤාණන්‌ති ….(පෙ)…. අවිජ්‌ජාපච්‌චයා සංඛාරාති සුසීම පස්‌සසී’ති? ඒවං භන්තේ.

පින්වත් සුසීම, ජරාමරණ තියෙන්නේ ඉපදීම හේතු කොටගෙන බව දකිනවා නේද?” “එහෙමයි ස්වාමීනී” “ඉපදීම තියෙන්නේ භවය හේතු කොටගෙන බව දකිනවා නේද?” “එහෙමයි ස්වාමීනී” “භවය තියෙන්නේ උපාදාන හේතු කොටගෙන බව දකිනවා නේද?” “එහෙමයි ස්වාමීනී” “උපාදාන තියෙන්නේ තණ්හාව හේතු කොටගෙන බව දකිනවා නේද?” “එහෙමයි ස්වාමීනී” “තණ්හාව තියෙන්නේ විඳීම හේතු කොටගෙන බව දකිනවා නේද?” “එහෙමයි ස්වාමීනී” “විඳීම තියෙන්නේ ස්පර්ශය හේතු කොටගෙන බව ….(පෙ)…. ස්පර්ශය තියෙන්නේ ආයතන හය හේතු කොටගෙන බව ….(පෙ)…. ආයතන හය තියෙන්නේ නාමරූප හේතු කොටගෙන බව ….(පෙ)…. නාමරූප තියෙන්නේ විඤ්ඤාණය හේතු කොටගෙන බව ….(පෙ)…. විඤ්ඤාණය තියෙන්නේ සංස්කාර හේතු කොටගෙන බව ….(පෙ)…. සංස්කාර තියෙන්නේ අවිද්‍යාව හේතු කොටගෙන බව දකිනවා නේද?” “එහෙමයි ස්වාමීනී”

ජාතිනිරෝධා ජරාමරණනිරෝධෝති සුසීම පස්‌සසී’ති? ඒවං භන්තේ. භවනිරෝධා ජාතිනිරෝධෝති සුසීම පස්‌සසී’ති? ඒවං භන්තේ. උපාදානනිරෝධා භවනිරෝධෝති ….(පෙ)…. තණ්‌හානිරෝධා උපාදානනිරෝධෝති ….(පෙ)…. වේදනානිරෝධා තණ්‌හානිරෝධෝති ….(පෙ)…. ඵස්‌සනිරෝධා වේදනානිරෝධෝති ….(පෙ)…. සළායතනනිරෝධා ඵස්‌සනිරෝධෝති ….(පෙ)…. නාමරූපනිරෝධා සළායතනනිරෝධෝති ….(පෙ)…. විඤ්‌ඤාණනිරෝධා නාමරූපනිරෝධෝති ….(පෙ)…. සංඛාරනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝති ….(පෙ)…. අවිජ්‌ජානිරෝධා සංඛාරනිරෝධෝති සුසීම පස්‌සසී’ති? ඒවං භන්තේ.

“පින්වත් සුසීම, ජරාමරණ නිරුද්ධ වන්නේ ඉපදීම නිරුද්ධ වීමෙන් බව දකිනවා නේද?” “එහෙමයි, ස්වාමීනී” “ඉපදීම නිරුද්ධ වන්නේ භවය නිරුද්ධ වීමෙන් බව දකිනවා නේද?” “එහෙමයි, ස්වාමීනී” “භවය නිරුද්ධ වන්නේ උපාදාන නිරුද්ධ වීමෙන් බව දකිනවා නේද?” “එහෙමයි, ස්වාමීනී” “උපාදාන නිරුද්ධ වන්නේ තණ්හාව නිරුද්ධ වීමෙන් බව දකිනවා නේද?” “එහෙමයි, ස්වාමීනී” “තණ්හාව නිරුද්ධ වන්නේ විඳීම නිරුද්ධ වීමෙන් බව දකිනවා නේද?” “එහෙමයි, ස්වාමීනී” “විඳීම නිරුද්ධ වන්නේ ස්පර්ශය නිරුද්ධ වීමෙන් බව ….(පෙ)…. ස්පර්ශය නිරුද්ධ වන්නේ ආයතන හය නිරුද්ධ වීමෙන් බව ….(පෙ)…. ආයතන හය නිරුද්ධ වන්නේ නාමරූප නිරුද්ධ වීමෙන් බව ….(පෙ)…. නාමරූප නිරුද්ධ වන්නේ විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් බව ….(පෙ)…. විඤ්ඤාණය නිරුද්ධ වන්නේ සංස්කාර නිරුද්ධ වීමෙන් බව ….(පෙ)…. සංස්කාර නිරුද්ධ වන්නේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් බව දකිනවා නේද?” “එහෙමයි, ස්වාමීනී”

අපි නු ත්‌වං සුසීම, ඒවං ජානන්තෝ ඒවං පස්‌සන්‌තෝ අනේකවිහිතං ඉද්‌ධිවිධං පච්‌චනුභෝසි? ඒකෝපි හුත්‌වා බහුධා හෝසි, බහුධාපි හුත්‌වා ඒකෝ හෝසි, ආවීභාවං තිරෝභාවං තිරෝකුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්‌බතං අසජ්‌ජමානෝ ගච්‌ඡසි සෙය්‍යථාපි ආකාසේ. පඨවියම්පි උම්‌මුජ්‌ජනිමුජ්‌ජං කරෝසි සෙය්‍යථාපි උදකේ. උදකේපි අභිජ්‌ජමානෝ ගච්‌ඡසි සෙය්‍යථාපි පඨවියං. ආකාසේපි පල්‌ලං‌කේන කමසි සෙය්‍යථාපි පක්‌ඛී සකුණෝ, ඉමේපි චන්‌දිමසුරියේ ඒවම්මහිද්‌ධිකේ ඒවම්මහානුභාවේ, පාණිනා පරාමසසි පරිමජ්‌ජසි, යාව බ්‍රහ්‌මලෝකාපි කායේන වසං වත්‌තේසී’ති? නෝ හේතං භන්තේ.

“එහෙම නම් පින්වත් සුසීම, ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් නොයෙක් ආකාර වූ ඍද්ධි බලයනුත් ලබල ඇති නේද? ඒ කියන්නේ එක්කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වගේ පෙනී හිටින්න පුළුවන්ද? බොහෝ දෙනෙක්ව ඉඳගෙන එක්කෙනෙක් වගේ පෙනී හිටින්න පුළුවන්ද? පෙනිලාත් නොපෙනිලාත් බිත්ති හරහට පවුරු හරහට ඒවායේ වැදෙන්නේ නැතුව ආකාසේ යනවා වගේ යන්න පුළුවන්ද? මහ පොළොවෙත් වතුරේ ගිලෙනවා මතුවෙනවා වගේ කිමිදෙන්න පුළුවන්ද? කුරුල්ලෙක් ඉගිලෙනවා වගේ පළඟක් බැඳගෙන අහසින් යන්න පුළුවන්ද? මේ සා මහානුභාව සම්පන්න ඉරත්, හඳත් අතින් පිරිමදින්න පුළුවන්ද? බ්‍රහ්ම ලෝකය දක්වාම කයෙන් අධිපති භාවයක් පවත්වන්නට පුළුවන්ද?” “අනේ නෑ! ස්වාමීනී.”

අපි නු ත්‌වං සුසීම, ඒවං ජානන්‌තෝ ඒවං පස්‌සන්‌තෝ දිබ්‌බාය සෝතධාතුයා විසුද්‌ධාය අතික්‌කන්‌තමානුසකාය උභෝ සද්දේ සුණාසි දිබ්‌බේ ච මානුසේ ච යේ දූරේ සන්තිකේ චා ති? නෝ හේතං භන්තේ.

“එහෙම නම් පින්වත් සුසීම, ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම්, මිනිස් හැකියාව ඉක්මවා ගිය දිව්‍ය ශ්‍රවණය මගින් දුර වූත්, ළග වූත් දිව්‍ය මනුෂ්‍ය ශබ්ද අසන්නට පුළුවන්ද?” “අනේ නෑ! ස්වාමීනී.”

අපි නු ත්‌වං සුසීම, ඒවං ජානන්තෝ ඒවං පස්‌සන්‌තෝ පරසත්‌තානං පරපුග්‌ගලානං චේතසා චේතෝ පරිච්‌ච පජානාසි. සරාගං වා චිත්‌තං සරාගං චිත්‌තන්‌ති පජානාසි ….(පෙ)…. අවිමුත්‌තං වා චිත්‌තං අවිමුත්‌තං චිත්‌තන්‌ති පජානාසීති? නෝ හේතං භන්තේ.

“එහෙම නම් පින්වත් සුසීම, ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් අනිත් සත්වයන්ගේ අනිත් උදවියගේ සිත විනිවිද දකිනවා ඇති නේද? ඒ කියන්නේ සරාගී සිත සරාගී සිතක්ය කියලා දන්නවා නේද? ….(පෙ)…. විමුක්තියට පත් නොවුණ සිත විමුක්තියට පත් නොවුණ සිතක්ය කියලා දන්නවා නේද?” “අනේ නෑ! ස්වාමීනී.”

අපි නු ත්‌වං සුසීම, ඒවං ජානන්‌තෝ ඒවං පස්‌සන්‌තෝ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරසි. සෙය්‍යථීදං. ඒකම්‌පි ජාතිං ….(පෙ)…. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරසී’ති? නෝ හේතං භන්තේ.

“එහෙම නම් පින්වත් සුසීම, ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් නොයෙක් ආකාර වූ කලින් ගත කරපු ජීවිත ගැන සිහි කරන්න පුළුවන් ඇති නේද? ඒ කියන්නේ, එක ජීවිතයක්, ….(පෙ)…. කරුණු සහිතව වැටහීම් සහිතව නොයෙක් ආකාරයෙන් කලින් ගත කරපු ජීවිත ගැන සිහි කරන්න පුළුවන් නේද?” “අනේ නෑ! ස්වාමීනී.”

අපි නු ත්‌වං සුසීම, ඒවං ජානන්තෝ ඒවං පස්‌සන්‌තෝ දිබ්බේන චක්‌ඛුනා විසුද්‌ධේන අතික්‌කන්‌තමානුසකේන සත්‌තේ පස්‌සසි චවමානේ උප්පජ්ජමානේ ….(පෙ)…. යථාකම්‌මූපගේ සත්‌තේ පජානාසී’ති? නෝ හේතං භන්තේ.

“එහෙම නම් පින්වත් සුසීම, ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය දිවැස් නුවණින්, චුත වෙන උපදින සත්වයන්ව දකින්නට පුළුවන් නේද? ….(පෙ)…. කර්මානුරූපව ගමනක් යන සත්වයන්ව දකින්නට පුළුවන් නේද?” “අනේ නෑ! ස්වාමීනී.”

අපි නු ත්‌වං සුසීම, ඒවං ජානන්තෝ ඒවං පස්‌සන්‌තෝ යේ තේ සන්‌තා විමොක්‌ඛා අතික්‌කම්‌ම රූපේ ආරුප්‌පා තේ කායේන ඵුසිත්‌වා විහරසී’ති? නෝ හේතං භන්තේ.

“එහෙම නම් පින්වත් සුසීම, ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් රූප ධ්‍යාන ඉක්මවා ගිය අරූපී වූ ශාන්ත විමෝක්ෂයක් වේ නම් අන්න ඒ සමාධීන් ඔබ විසින් කයින් ස්පර්ශ කරගෙන ද ඉන්නේ?” “අනේ නෑ! ස්වාමීනී.”

එත්‌ථදානි සුසීම, ඉදඤ්‌ච වෙය්‍යාකරණං ඉමේසඤ්‌ච ධම්‌මානං අසමාපත්‌ති. ඉදං නෝ සුසීම, කථන්‌ති?

“එහෙම නම්, දැන් පින්වත් සුසීම කියපු මේ කාරණයට අනුව ඔය තත්ව එකක්වත් ඇති කරගෙන නෑ. එතකොට සුසීම, ඕක කොහොමද වුණේ?”

අථ ඛෝ ආයස්‌මා සුසීමෝ භගවතෝ පාදේසු සිරසා නිපතිත්‌වා භගවන්‌තං ඒතදවෝච. අච්‌චයෝ මං භන්තේ, අච්‌චගමා යථාබාලං යථාමූළ්‌හං යථාඅකුසලං, යෝ’හං ඒවං ස්වාක්ඛාතේ ධම්‌මවිනයේ ධම්‌මත්‌ථේනකෝ පබ්‌බජිතෝ. තස්‌ස මේ භන්තේ, භගවා අච්‌චයං අච්‌චයතෝ පතිගණ්‌හාතු ආයතිං සංවරායා’ති.

එතකොට ආයුෂ්මත් සුසීමයන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා ඉදිරියේ සිරසින් වැඳ වැටුණා. “අනේ ස්වාමීනී, මගේ අතින් වරදක් සිදුවුණා. අඥාන බාලයෙක් වගේ, මෝඩයෙක් වගේ, අදක්ෂයෙක් වගේ ඒ වරද මාව යට කරගෙන ගියා. මේ වගේ ඉතා යහපත් ලෙස දේශනා කොට වදාළ ධර්ම විනය තිබෙන ශාසනයේ මං මහණ වුණේ ධර්මය සොරකම් කරන්නෙක් හැටියටයි. අනේ, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මගෙන් සිදුවෙච්ච ඒ වරදට මාගේ ඉදිරි සංවරය පිණිස වරදක් වශයෙන් පිළිගන්නා සේක්වා!”

තග්‌ඝ ත්‌වං සුසීම, අච්‌චයෝ අච්‌චගමා යථාබාලං යථාමූළ්‌හං යථාඅකුසලං, යෝ ත්‌වං ඒවං ස්වාක්ඛාතේ ධම්‌මවිනයේ ධම්‌මත්‌ථේනකෝ පබ්‌බජිතෝ. සෙය්‍යථාපි සුසීම, චෝරං ආගුචාරිං ගහෙත්‌වා රඤ්‌ඤෝ දස්‌සෙය්‍යුං. අයං තේ දේව චෝරෝ ආගුචාරී. ඉමස්‌ස යං ඉච්‌ඡසි තං දණ්‌ඩං පණේහීති. තමේනං රාජා ඒවං වදෙය්‍ය. ගච්‌ඡථ භෝ ඉමං පුරිසං දළ්‌හාය රජ්‌ජුයා පච්‌ඡාබාහං ගාළ්‌හබන්‌ධනං බන්‌ධිත්‌වා ඛුරමුණ්‌ඩකං කරිත්‌වා ඛරස්‌සරේන පණවේන රථියාය රථියං සිංඝාටකේන සිංඝාටකං පරිණෙත්‌වා දක්‌ඛිණේන ද්‌වාරේන නික්‌ඛාමෙත්‌වා දක්‌ඛිණතෝ නගරස්‌ස සීසං ඡින්‌දථාති. තමේනං රඤ්‌ඤෝ පුරිසා දළ්‌හාය රජ්‌ජුයා පච්‌ඡාබාහං ගාළ්‌හබන්‌ධනං බන්‌ධිත්‌වා ඛුරමුණ්‌ඩකං කරිත්‌වා ඛරස්‌සරේන පණවේන රථියාය රථියං සිංඝාටකේන සිං‌ඝාටකං පරිණෙත්‌වා දක්‌ඛිණේන ද්‌වාරේන නික්‌ඛාමෙත්‌වා දක්‌ඛිණතෝ නගරස්‌ස සීසං ඡින්‌දෙය්‍යුං.

“පින්වත් සුසීම, ඇත්තෙන්ම ඔබ අඥාන බාලයෙක් වගේ, මෝඩයෙක් වගේ, අදක්ෂයෙක් වගේ ඒ වරද ඔබව යට කරගෙන ගියා. මේ වගේ ඉතා යහපත් ලෙස දේශනා කොට වදාළ ධර්ම විනය තිබෙන ශාසනයේ ඔබ මහණ වුණේ ධර්මය සොරකම් කරන්නෙක් හැටියට නෙව.

පින්වත් සුසීම, ඕක මේ වගේ දෙයක්. අපරාධ කරපු සොරෙක්ව රජතුමාට පෙන්නනවා කියලා හිතමු. ‘දේවයන් වහන්ස, මෙන්න ඔබවහන්සේට වරද කරපු ඒ සොරා. මොහුට කැමති දඬුවමක් නියම කළ මැනැව. එතකොට රජතුමා ඔහුට මෙහෙම කියනවා. ‘ඒයි! භවතිනි, යවු. දැන් මේ මිනිහව දැඩි වරපටින් දෑත් පිටුපසට කොට බැඳලා, හිස බූ ගාලා, නපුරු හඬ ඇති බෙර වාදනය කරමින් පාරක් පාරක් ගානේ හංදියක් හංදියක් ගානේ අරගෙන ගිහින් දකුණු දොරටුවෙන් නික්මිලා, නුවරට දකුණු පැත්තේ දී හිස ගසා දමාපල්ලා’ කියලා. එතකොට රාජ පුරුෂයෝ මේ මිනිහව දැඩි වරපටින් දෑත් පිටුපසට කොට බැඳලා, හිස බූ ගාලා, නපුරු හඬ ඇති බෙර වාදනය කරමින් පාරක් පාරක් ගානේ, හංදියක් හංදියක් ගානේ අරගෙන ගිහින් දකුණු දොරටුවෙන් නික්මිලා නුවරට දකුණු පැත්තෙදි හිස ගසා දමනවා.

තං කිං මඤ්‌ඤසි සුසීම අපි නු සෝ පුරිසෝ තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයේථා’ති? ඒවං භන්තේ.

පින්වත් සුසීම, ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ? අර පුද්ගලයා ඒ කාරණය මුල් කොට දුක් දොම්නස් විඳිනවා නේද?” “එහෙමයි, ස්වාමීනී”

යං ඛෝ සෝ සුසීම, පුරිසෝ තතෝනිදානං දුක්‌ඛං දෝමනස්‌සං පටිසංවේදයේථ. යා ච ඒවං ස්වාක්ඛාතේ ධම්‌මවිනයේ ධම්‌මත්‌ථේනකස්‌ස පබ්‌බජ්‌ජා, අයං තතෝ දුක්‌ඛවිපාකතරා ච කටුකවිපාකතරා ච. අපි ච විනිපාතාය සංවත්‌තති. යතෝ ච ඛෝ ත්‌වං සුසීම, අච්‌චයං අච්‌චයතෝ දිස්‌වා යථාධම්‌මං පටිකරෝසි, තං තේ මයං පටි‌ගණ්‌හාම. වුද්‌ධි හේසා සුසීම, අරියස්‌ස විනයේ යෝ අච්‌චයං අච්‌චයතෝ දිස්‌වා යථාධම්‌මං පටිකරෝති, ආයතිඤ්‌ච සංවරං ආපජ්‌ජතී’ති.

“පින්වත් සුසීම, අර පුද්ගලයා ඒ කාරණය මුල් කොට යම් දුකක් දොම්නසක් විඳිනවා නම්, මේ වගේ ඉතා යහපත් ලෙස දේශනා කොට ඇති ධර්ම විනය ඇති මේ ශාසනයේ ධර්මය සොරකම් කරන කෙනෙකුගේ යම් පැවිද්දක් වෙයි නම්, ඒ හේතුවෙන් අර දුකටත් වඩා භයානක විපාකවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. අනික, නිරයේ ඉපදීමටත් හේතු වෙනවා.

නමුත් පින්වත් සුසීම, ඔබ වරද, වරද වශයෙන්ම දැකලා ධර්මයට අනුකූලව පිළියම් කරනවා නෙව. ඔබගේ ඒ වරද අපි පිළිගන්නවා. පින්වත් සුසීම, යම් කෙනෙක් වරද, වරද වශයෙන් දැකලා ධර්මයට අනුකූල විදිහට පිළියම් කරනවා නම්, මත්තෙහි සංවරභාවය පත්වෙනවා නම් ඒක මේ ආර්ය විනයෙහි අභිවෘද්ධියක්මයි.

සාදු! සාදු!! සාදු!!!

සුසීම සූත්‍රය නිමා විය.

මහාවග්ගෝ සත්‌තමෝ.

හත් වෙනි මහා වර්ගය අවසන් විය.

තත්‍රැද්‌දානං.

ද්වේ අස්‌සුතවතා වුත්‌තා පුත්‌තමංසේන චාපරං
අත්‌ථිරාගෝ ච නගරං සම්‌මසන නළකලාපියං
කෝසම්‌බි උපයන්‌ති ච දසමෝ වුත්තෝ සුසීමේනාති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-7-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M