68. ඒ දිනවල ආයුෂ්මත් මූසිල තෙරුන්ද, ආයුෂ්මත් සවිට්ඨ තෙරුන්ද, ආයුෂ්මත් නාරද තෙරුන් ද, ආයුෂ්මත් ආනන්ද තෙරුන්ද වැඩසිටියේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ.
එදා ආයුෂ්මත් සවිට්ඨ තෙරුන් ආයුෂ්මත් මූසිල තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා. “ප්‍රිය ආයුෂ්මත් මූසිල, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඉපදීම හේතු කොට ගෙන ජරාමරණ ඇති වෙන බවට ආයුෂ්මත් මූසිලයන් හට තමා තුළින්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවාද?”
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඉපදීම හේතු කොට ගෙන ජරාමරණ ඇති වෙනවා යන ඔය කාරණය මං දකිනවා. ඒ වගේම මං දන්නවා.”
“ප්‍රිය ආයුෂ්මත් මූසිල, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම භවය හේතු කොට ගෙන ඉපදීම ඇති වෙන බවට ….(පෙ)…. උපාදාන හේතු කොට ගෙන භවය ඇති වෙන බවට ….(පෙ)…. තණ්හාව හේතු කොට ගෙන උපාදාන ඇති වෙන බවට ….(පෙ)…. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇති වෙන බවට ….(පෙ)…. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වෙන බවට ….(පෙ)…. ආයතන හය හේතු කොට ගෙන ස්පර්ශය ඇති වෙන බවට ….(පෙ)…. නාමරූප හේතු කොට ගෙන ආයතන හය ඇති වෙන බවට ….(පෙ)…. විඤ්ඤාණය හේතු කොට ගෙන නාමරූප ඇති වෙන බවට ….(පෙ)…. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇති වෙන බවට ….(පෙ)…. අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇති වෙන බවට ආයුෂ්මත් මූසිලයන් හට තමා තුළින්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවාද?”
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇති වෙනවා යන ඔය කාරණය මං දකිනවා. ඒ වගේම මං දන්නවා.”
“ප්‍රිය ආයුෂ්මත් මූසිල, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරුද්ධ වෙන බවට ආයුෂ්මත් මූසිලයන් හට තමා තුළින්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවද?”
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා යන ඔය කාරණය මං දකිනවා. ඒ වගේම මං දන්නවා.”
“ප්‍රිය ආයුෂ්මත් මූසිල, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම භවය නිරුද්ධ වීමෙන් ඉපදීම වෙන බවට ….(පෙ)…. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙන බවට ….(පෙ)…. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙන බවට ….(පෙ)…. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙන බවට ….(පෙ)…. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙන බවට ….(පෙ)…. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙන බවට ….(පෙ)…. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙන බවට ….(පෙ)…. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙන බවට ….(පෙ)…. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙන බවට ….(පෙ)…. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙන බවට ආයුෂ්මත් මූසිලයන් හට තමා තුළින්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවාද?”
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා යන ඔය කාරණය මං දකිනවා. ඒ වගේම මං දන්නවා.”
“ප්‍රිය ආයුෂ්මත් මූසිල, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඒ අමා නිවන යනු භව නිරෝධයමයි කියලා ආයුෂ්මත් මූසිලයන් හට තමා තුළින්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවද?”
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඒ අමා නිවන යනු භව නිරෝධයමයි යන ඔය කාරණය මං දකිනවා. ඒ වගේම මං දන්නවා.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මත් මූසිලයන් ක්ෂීණාශ්‍රව වූ රහතන් වහන්සේ නමක් නෙව.” එහෙම පවසන කොට ආයුෂ්මත් මූසිල තෙරුන් නිශ්ශබ්ද වුණා.
එතකොට ආයුෂ්මත් නාරද තෙරුන් ආයුෂ්මත් සවිට්ඨ තෙරුන්ට මෙහෙම කිව්වා.
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨයෙනි, ඔය ප්‍රශ්නය මගෙන් අසනවාටත් මං කැමතියි. ඒ නිසා ඔය ප්‍රශ්නය මා වෙතිනුත් අසනු මැනැව. මමත් ඔබට උත්තර දෙන්නම්.” “ප්‍රිය ආයුෂ්මත් නාරදයන් ද මේ ප්‍රශ්නයට යොමු වේවා. මම ප්‍රිය ආයුෂ්මත් නාරදයන්ගෙන් දැන් මේ ප්‍රශ්නය අසන්නම්. ප්‍රිය ආයුෂ්මත් නාරදයන් ද මෙය විසඳාලුව මැනැව.”
“ප්‍රිය ආයුෂ්මත් නාරද, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඉපදීම හේතු කොට ගෙන ජරාමරණ ඇති වෙන බවට ආයුෂ්මත් නාරදයන් හට තමා තුළින්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවද?”
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඉපදීම හේතු කොට ගෙන ජරාමරණ ඇති වෙනවා යන ඔය කාරණය මං දකිනවා. ඒ වගේම මං දන්නවා.”
“ප්‍රිය ආයුෂ්මත් නාරද, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම භවය හේතු කොට ගෙන ඉපදීම ඇති වෙන බවට ….(පෙ)…. උපාදාන හේතු කොට ගෙන භවය ඇති වෙන බවට ….(පෙ)…. තණ්හාව හේතු කොට ගෙන උපාදාන ඇති වෙන බවට ….(පෙ)…. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇති වෙන බවට ….(පෙ)…. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇති වෙන බවට ….(පෙ)…. ආයතන හය හේතු කොට ගෙන ස්පර්ශය ඇති වෙන බවට ….(පෙ)…. නාමරූප හේතු කොට ගෙන ආයතන හය ඇති වෙන බවට ….(පෙ)…. විඤ්ඤාණය හේතු කොට ගෙන නාමරූප ඇති වෙන බවට ….(පෙ)…. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇති වෙන බවට ….(පෙ)…. අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇති වෙන බවට ආයුෂ්මත් නාරදයන් හට තමා තුළින්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවාද?”
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇති වෙනවා යන ඔය කාරණය මං දකිනවා. ඒ වගේම මං දන්නවා.”
“ප්‍රිය ආයුෂ්මත් නාරද, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරුද්ධ වෙන බවට ආයුෂ්මත් නාරදයන් හට තමා තුළින්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවද?”
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙනවා යන ඔය කාරණය මං දකිනවා. ඒ වගේම මං දන්නවා.”
“ප්‍රිය ආයුෂ්මත් නාරද, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම භවය නිරුද්ධ වීමෙන් ඉපදීම වෙන බවට ….(පෙ)…. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙන බවට ….(පෙ)…. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙන බවට ….(පෙ)…. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙන බවට ….(පෙ)…. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙන බවට ….(පෙ)…. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙන බවට ….(පෙ)…. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙන බවට ….(පෙ)…. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙන බවට ….(පෙ)…. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙන බවට ….(පෙ)…. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙන බවට ආයුෂ්මත් නාරදයන් හට තමා තුළින්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවාද?”
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා යන ඔය කාරණය මං දකිනවා. ඒ වගේම මං දන්නවා.”
“ප්‍රිය ආයුෂ්මත් නාරද, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඒ අමා නිවන යනු භව නිරෝධයමයි කියලා ආයුෂ්මත් නාරදයන් හට තමා තුළින්ම ඇතිවෙච්ච අවබෝධයක් තියෙනවද?”
“ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨ, හුදු ශ්‍රද්ධාවකින් තොරවම, රුචියකින් තොරවම, ඇසූ පමණකින් තොරවම, කරුණු සලකා බැලීම් පමණකින් තොරවම, මතවාදයකට ආ පමණින් තොරවම ඒ අමා නිවන යනු භව නිරෝධයමයි කියන ඔය කාරණය මං දකිනවා. ඒ වගේම මං දන්නවා.”
“එහෙම නම් ප්‍රිය ආයුෂ්මත් නාරදයන් ක්ෂීණාශ්‍රව වූ රහතන් වහන්සේ නමක් නෙව.”
“ප්‍රිය ආයුෂ්මත්නි, ඒ අමා නිවන යනු භව නිරෝධමයි කියන ඔය කාරණය දියුණු කරපු ප්‍රඥාවෙන් මනා කොට අවබෝධ වෙලයි තියෙන්නේ. නමුත් මං තවම ක්ෂීණාශ්‍රව වූ රහතන් වහන්සේ නමක් නොවෙයි.
ප්‍රිය ආයුෂ්මත්නි, ඒක මේ වගේ දෙයක්. කාන්තාර මාර්ගයක ළිඳක් තියෙනවා කියල හිතමු. නමුත් වතුර ගන්න ලණුවක් වත් භාජනයක් වත් නෑ. ඔතනට මනුස්සයෙක් එනවා. ඔහු පෑවිල්ලට අහුවෙලා, පෑවිල්ලෙන් පීඩා විඳ විඳ, කලන්තෙ හැදිලා, පිපාසයෙන් පෙළෙමින් ඉන්නේ. ඔහු හොඳට ළං වෙලා ළිඳ ඇතුළ බලනවා. මේ තියෙන්නේ වතුර කියලා ඔහුට අවබෝධයක් ඇතිවෙනවා. නමුත් ඒ වතුර කයෙන් ස්පර්ශ කරලා නෑ.
ප්‍රිය ආයුෂ්මතුනි, ඔන්න ඔය විදිහමයි. ඒ අමා නිවන යනු භව නිරෝධමයි කියන ඔය කාරණය දියුණු කරපු ප්‍රඥාවෙන් මනා කොට අවබෝධ වෙලයි තියෙන්නේ. නමුත් මං තවම ක්ෂීණාශ්‍රව වූ රහතන් වහන්සේ නමක් නොවෙයි.
එසේ පැවසූ විට ආයුෂ්මත් ආනන්ද තෙරුන් ආයුෂ්මත් සවිට්ඨ තෙරුන්ගෙන් මෙහෙම ඇහුවා. “ප්‍රිය ආයුෂ්මත් සවිට්ඨයෙනි, ඔය විදිහට කියන ඔබ ආයුෂ්මත් නාරදයන් ගැන මොකක්ද කියන්නේ?” “ප්‍රිය ආයුෂ්මත් ආනන්දයෙනි, එහෙම කියන මම ප්‍රිය ආයුෂ්මත් නාරදයන් ගැන යහපත මිස, කුසලය මිස වෙන මොකවත් කියන්නේ නෑ.”
සාදු! සාදු!! සාදු!!!
කෝසම්බිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-7-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M