සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.7.7. නළකලාප සුත්තං

1.7.7. බට මිටිය ගැන වදාළ දෙසුම

ඒකං සමයං ආයස්‌මා ච සාරිපුත්‌තෝ ආයස්‌මා ච මහාකොට්‌ඨිතෝ බාරාණසියං විහරන්‌ති ඉසිපතනේ මිගදායේ. අථ ඛෝ ආයස්‌මා මහාකොට්‌ඨිතෝ සායන්‌හසමයං පටිසල්‌ලානා වුට්‌ඨිතෝ යේනායස්මා සාරිපුත්‌තෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්‌මතා සාරිපුත්‌තේන සද්‌ධිං සම්‌මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදි.

ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා මහාකොට්‌ඨිතෝ ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ඒතදවෝච. කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්‌ත, සයංකතං ජරාමරණං, පරකතං ජරාමරණං, සයංකතඤ්‌ච පරකතඤ්‌ච ජරාමරණං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං ජරාමරණන්‌ති?

ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත් ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේත් වැඩසිටියේ බරණැස ඉසිපතන මිගදායේ. එදා ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ සවස් වරුවේ භාවනාවෙන් නැගිටලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සමඟ පිළිසඳර කතාබහේ යෙදුණා. පිළිසඳර කතා බහෙන් පසු එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් මහා කොට්ඨිතයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා.

“කිමද ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ජරා මරණ යනු තමා විසින් කරපු දෙයක්ද? ජරාමරණ යනු අනුන් විසින් කරපු දෙයක්ද? ජරාමරණ යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක්ද? ජරාමරණ යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයක්ද?”

න ඛෝ ආවුසෝ කොට්ඨිත, සයංකතං ජරාමරණං. න පරකතං ජරාමරණං. න සයංකතඤ්‌ච පරකතඤ්‌ච ජරාමරණං. නාපි අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං ජරාමරණං. අපි ච ජාතිපච්‌චයා ජරාමරණන්‌ති.

“ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, ජරා මරණ යනු තමා විසින් කරපු දෙයක් ද නොවේ. ජරාමරණ යනු අනුන් විසින් කරපු දෙයක් ද නොවේ. ජරාමරණ යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක් ද නොවේ. ජරාමරණ යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයකුත් නොවේ. ඇත්තෙන්ම ජරාමරණ හටගන්නේ ඉපදීම හේතු කොට ගෙනයි.”

කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්‌ත, සයංකතා ජාති. පරකතා ජාති, සයංකතා ච පරකතා ච ජාති, උදාහු අසයංකාරා අපරංකාරා අධිච්‌චසමුප්‌පන්‌නා ජාතී’ති?

“කිමද ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ඉපදීම යනු තමා විසින් කරපු දෙයක්ද? ඉපදීම යනු අනුන් විසින් කරපු දෙයක්ද? ඉපදීම යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක්ද? ඉපදීම යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයක්ද?”

න ඛෝ ආවුසෝ කොට්ඨිත, සයංකතා ජාති. න පරකතා ජාති, න සයංකතා ච පරකතා ච ජාති, නාපි අසයංකාරා අපරංකාරා අධිච්‌චසමුප්‌පන්‌නා ජාති. අපි ච භවපච්‌චයා ජාතී ති.

“ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, ඉපදීම යනු තමා විසින් කරපු දෙයක් ද නොවේ. ඉපදීම යනු අනුන් විසින් කරපු දෙයක් ද නොවේ. ඉපදීම යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක් ද නොවේ. ඉපදීම යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයකුත් නොවේ. ඇත්තෙන්ම ඉපදීම හටගන්නේ භවය හේතු කොට ගෙනයි.”

කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්‌ත, සයංකතෝ භවෝ, පරකතෝ භවෝ, සයංකතෝ ච පරකතෝච භවෝ, උදාහු අසයංකාරෝ අපරංකාරෝ අධිච්චසමුප්පන්නෝ භවෝ’ති?

“කිමද ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, භවය යනු තමා විසින් කරපු දෙයක්ද? භවය යනු අනුන් විසින් කරපු දෙයක්ද? භවය යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක්ද? භවය යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයක්ද?”

න ඛෝ ආවුසෝ කොට්ඨිත, සයංකතෝ භවෝ. න පරකතෝ භවෝ. න සයංකතෝ ච පරකතෝ ච භවෝ. නාපි අසයංකාරෝ අපරංකාරෝ අධිච්චසමුප්පන්නෝ භවෝ. අපි ච උපාදාන පච්චයා භවෝ’ති.

“ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, භවය යනු තමා විසින් කරපු දෙයක් ද නොවේ. භවය යනු අනුන් විසින් කරපු දෙයක් ද නොවේ. භවය යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක් ද නොවේ. භවය යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයකුත් නොවේ. ඇත්තෙන්ම භවය හටගන්නේ උපාදාන හේතු කොට ගෙනයි.”

කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්‌ත, සයංකතං උපාදානං ….(පෙ)…. සයංකතා තණ්‌හා ….(පෙ)…. සයංකතා වේදනා ….(පෙ)…. සයංකතෝ ඵස්සෝ ….(පෙ)…. සයංකතං සළායතනං ….(පෙ)…. සයංකතං නාමරූපං, පරකතං නාමරූපං. සයංකතඤ්‌ච පරකතඤ්‌ච නාමරූපං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං නාමරූප න්‌ති?

“කිමද ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, උපාදාන යනු තමා විසින් කරපු දෙයක්ද? ….(පෙ)…. තණ්හාව යනු තමා විසින් කරපු දෙයක්ද? ….(පෙ)…. විඳීම යනු තමා විසින් කරපු දෙයක්ද? ….(පෙ)…. ස්පර්ශය යනු තමා විසින් කරපු දෙයක්ද? ….(පෙ)…. ආයතන හය යනු තමා විසින් කරපු දෙයක්ද? ….(පෙ)…. නාමරූප යනු තමා විසින් කරපු දෙයක්ද? නාමරූප යනු අනුන් විසින් කරපු දෙයක්ද? නාමරූප යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක්ද? නාමරූප යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයක්ද?”

න ඛෝ ආවුසෝ කොට්ඨිත, සයංකතං නාමරූපං. න පරකතං නාමරූපං. න සයංකතඤ්‌ච පරකතඤ්‌ච නාමරූපං. නාපි අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං නාමරූපං. අපි ච විඤ්‌ඤාණපච්‌චයා නාමරූපන්‌ති.

“ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, නාමරූප යනු තමා විසින් කරපු දෙයක් ද නොවේ. නාමරූප යනු අනුන් විසින් කරපු දෙයක් ද නොවේ. නාමරූප යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක් ද නොවේ. නාමරූප යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයකුත් නොවේ. ඇත්තෙන්ම නාමරූප හටගන්නේ විඤ්ඤාණය හේතු කොට ගෙනයි.”

කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්‌ත, සයංකතං විඤ්‌ඤාණං, පරකතං විඤ්‌ඤාණං, සයංකතඤ්‌ච පරකතඤ්‌ච විඤ්‌ඤාණං, උදාහු අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං විඤ්‌ඤාණන්‌ති?

“කිමද ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, විඤ්ඤාණය යනු තමා විසින් කරපු දෙයක්ද? විඤ්ඤාණය යනු අනුන් විසින් කරපු දෙයක්ද? විඤ්ඤාණය යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක්ද? විඤ්ඤාණය යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයක්ද?”

න ඛෝ ආවුසෝ කොට්ඨිත, සයංකතං විඤ්‌ඤාණං. න පරකතං විඤ්‌ඤාණං, න සයංකතඤ්‌ච පරකතඤ්‌ච විඤ්‌ඤාණං. නාපි අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං විඤ්‌ඤාණං. අපි ච නාමරූපපච්‌චයා විඤ්‌ඤාණන්‌ති.

“ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, විඤ්ඤාණය යනු තමා විසින් කරපු දෙයක් ද නොවේ. විඤ්ඤාණය යනු අනුන් විසින් කරපු දෙයක් ද නොවේ. විඤ්ඤාණය යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක් ද නොවේ. විඤ්ඤණය යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයකුත් නොවේ. ඇත්තෙන්ම විඤ්ඤාණය හටගන්නේ නාමරූප හේතු කොට ගෙනයි.”

ඉදානේව ඛෝ මයං ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස භාසිතං ඒවං ආජානාම. න ඛෝ ආවුසෝ කොට්ඨිත, සයංකතං නාමරූපං, න පරකතං නාමරූපං, න සයංකතඤ්‌ච පරකතඤ්‌ච නාමරූපං, නාපි අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං නාමරූපං. අපි ච විඤ්‌ඤාණපච්‌චයා නාමරූපන්‌ති.

“දැන් ඉතින් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන්ගේ ප්‍රකාශයට අනුව අපි දන්නේ මෙහෙමයි. ‘ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, නාමරූප යනු තමා විසින් කරපු දෙයක්ද නොවේ. නාමරූප යනු අනුන් විසින් කරපු දෙයක්ද නොවේ. නාමරූප යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක්ද නොවේ. නාමරූප යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයකුත් නොවේ. ඇත්තෙන්ම නාමරූප හටගන්නේ විඤ්ඤාණය හේතු කොට ගෙනයි’ කියලා.

ඉදානේව ච පන මයං ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස භාසිතං ඒවං ආජානාම. න ඛෝ ආවුසෝ කොට්ඨිත, සයංකතං විඤ්‌ඤාණං, න පරකතං විඤ්‌ඤාණං, න සයංකතඤ්‌ච පරකතඤ්‌ච විඤ්‌ඤාණං, නාපි අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං විඤ්‌ඤාණං. අපි ච නාමරූපපච්‌චයා විඤ්‌ඤාණන්‌ති.

ඒ වගේම දැන් ඉතින් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන්ගේ ප්‍රකාශයට අනුව අපි දන්නේ මෙහෙමයි. ‘ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිත, විඤ්ඤාණය යනු තමා විසින් කරපු දෙයක්ද නොවේ. විඤ්ඤාණය යනු අනුන් විසින් කරපු දෙයක්ද නොවේ. විඤ්ඤාණය යනු තමා විසිනුත් කරපු, අනුන් විසිනුත් කරපු දෙයක්ද නොවේ. විඤාඤණය යනු තමා විසිනුත් නොකරපු අනුන් විසිනුත් නොකරපු ඉබේ හටගත් දෙයකුත් නොවේ. ඇත්තෙන්ම විඤ්ඤාණය හටගන්නේ නාමරූප හේතු කොට ගෙනයි’ කියලා.

යථා කථම්පනාවුසෝ සාරිපුත්‌ත, ඉමස්‌ස භාසිතස්‌ස අත්‌ථෝ දට්ඨබ්බෝ’ති? තේනහාවුසෝ උපමං තේ කරිස්‌සාමි. උපමායපිධේකච්‌චේ විඤ්‌ඤූ පුරිසා භාසිතස්‌ස අත්‌ථං ආජානන්‌ති.

ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ඔය ප්‍රකාශයේ අර්ථය අපි අවබෝධ කරගත යුත්තේ කොයි ආකාරයෙන්ද?”

“එහෙම නම් ප්‍රිය ආයුෂ්මතුනි, මං මේ ගැන උපමාවක් කියා දෙන්නම්. බුද්ධිමත් කෙනෙකුට මෙහිදී උපමාවකින් පවා යම් ප්‍රකාශයක අර්ථය අවබෝධ කරගන්න පුළුවනි.

සෙය්‍යථාපි ආවුසෝ, ද්වේ නළකලාපියෝ අඤ්‌ඤමඤ්‌ඤං නිස්‌සාය තිට්‌ඨෙය්‍යුං. ඒවමේව ඛෝ ආවුසෝ, නාමරූපපච්‌චයා විඤ්‌ඤාණං, විඤ්‌ඤාණපච්‌චයා නාමරූපං, නාමරූපපච්‌චයා සළායතනං, සළායතනපච්‌චයා ඵස්සෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති. තාසඤ්චේ ආවුසෝ, නළකලාපීනං ඒකං අපකඩ්‌ඪෙය්‍ය, ඒකා පපතෙය්‍ය, අපරං චේ අපකඩ්‌ඪෙය්‍ය, අපරා පපතෙය්‍ය. ඒවමේව ඛෝ ආවුසෝ, නාමරූපනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ, විඤ්‌ඤාණනිරෝධා නාමරූපනිරෝධෝ, නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ, සළායතනනිරෝධා ඵස්‌සනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතීති.

ප්‍රිය ආයුෂ්මතුනි, එකිනෙකට හේත්තු කරපු බට මිටි දෙකක් තියෙනවා කියල හිතමු. ප්‍රිය ආයුෂ්මතුනි, නාමරූප හේතු කොට ගෙන විඤ්ඤාණය පවතින්නෙත්, විඤ්ඤාණය හේතු කොටගෙන නාමරූප පවතින්නෙත් ඔන්න ඔය විදිහටමයි. නාමරූප හේතු කොටගෙන ආයතන හය ඇතිවෙනවා. ආයතන හය හේතු කොටගෙන ස්පර්ශය ඇතිවෙනවා. ….(පෙ)…. ඔන්න ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, ඒ බට මිටි දෙකෙන් එකක් ඉවත් කරපු ගමන් අනිත් බට මිටිය වැටෙනවා. අනිත් බට මිටිය ඉවත් කරපු ගමන් ඒ බට මිටිය වැටෙනවා.

ප්‍රිය ආයුෂ්මතුනි, නාමරූප නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙන්නෙත්, විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙන්නෙත් ඔන්න ඔය විදිහටමයි. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා. ….(පෙ)…. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.”

අච්‌ඡරියං ආවුසෝ සාරිපුත්‌ත, අබ්‌භුතං ආවුසෝ සාරිපුත්‌ත. යාව සුභාසිතඤ්චිදං ආයස්‌මතා සාරිපුත්‌තේන. ඉදඤ්‌ච පන මයං ආයස්‌මතෝ සාරිපුත්‌තස්‌ස සුභාසිතං ඉමේහි ඡත්‌තිංසාය වත්‌ථූහි අනුමෝදාම.

“ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ආශ්චර්යයි! ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, අද්භූතයි! ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් විසින් කොයිතරම් සොඳුරු දෙයක්ද මේ පැවසුවේ. ඉතින් ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයන් විසින් ඉතා සොඳුරු ලෙස පවසන ලද මේ ප්‍රකාශය අපි තිස් හය කරුණකින් අනුමෝදන් වෙනවා.

ජරාමරණස්‌ස චේ ආවුසෝ, භික්‌ඛු නිබ්‌බිදාය විරාගාය නිරෝධාය ධම්‌මං දේසේති, ධම්‌මකථිකෝ භික්‌ඛූති අලං වචනාය. ජරාමරණස්‌ස චේ ආවුසෝ, භික්‌ඛු නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්‌නෝ හෝති, ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නෝ භික්‌ඛූති අලං වචනාය. ජරාමරණස්‌ස චේ ආවුසෝ, භික්‌ඛු නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදා විමුත්‌තෝ හෝති, දිට්‌ඨධම්‌මනිබ්‌බානප්‌පත්‌තෝ භික්‌ඛූති අලං වචනාය.

ප්‍රිය ආයුෂ්මත්නි, ඉදින් භික්ෂුව ජරාමරණ ගැන කළකිරීම පිණිසත්, නොඇල්ම පිණිසත්, ඇල්ම නිරුද්ධ වීම පිණිසත් දහම් දෙසනවා නම් අන්න ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවක් වශයෙන්ම හඳුන්වන්න පුළුවනි.

ප්‍රිය ආයුෂ්මත්නි, ඉදින් භික්ෂුව ජරාමරණ ගැන කළකිරීම පිණිසත්, නොඇල්ම පිණිසත්, ඇල්ම නිරුද්ධ වීම පිණිසත් ප්‍රතිපත්තියෙහි යෙදෙනවා නම් අන්න ඒ භික්ෂුව ධම්මානුධම්ම පටිපන්න භික්ෂුවක් වශයෙන්ම හඳුන්වන්න පුළුවනි.

ප්‍රිය ආයුෂ්මත්නි, ඉදින් භික්ෂුව ජරාමරණ ගැන කළකිරීමෙන්, නොඇල්මෙන්, ඇල්ම නිරුද්ධ වීමෙන් උපාදාන රහිතව නිදහස් වුණා නම් අන්න ඒ භික්ෂුව මේ ජීවිතයේදීම ඒ අමා නිවන අවබෝධ කළ භික්ෂුවක් වශයෙන්ම හඳුන්වන්න පුළුවනි.

ජාතියා චේ ආවුසෝ භික්ඛු ….(පෙ)…. භවස්‌ස චේ ….(පෙ)…. උපාදානස්‌ස චේ ….(පෙ)…. තණ්‌හාය චේ ….(පෙ)…. වේදනාය චේ ….(පෙ)…. ඵස්‌සස්‌ස චේ ….(පෙ)…. සළායතනස්‌ස චේ ….(පෙ)…. නාමරූපස්‌ස චේ ….(පෙ)…. විඤ්‌ඤාණස්‌ස චේ ….(පෙ)…. සංඛාරානං චේ (නිබ්බිදාය) ….(පෙ)…. දිට්‌ඨධම්‌මනිබ්‌බානප්‌පත්‌තෝ භික්‌ඛූති අලං වචනාය.

ප්‍රිය ආයුෂ්මත්නි, ඉදින් භික්ෂුව ඉපදීම ගැන ….(පෙ)…. භවය ගැන ….(පෙ)…. උපාදන ගැන ….(පෙ)…. තණ්හාව ගැන ….(පෙ)…. විඳීම ගැන ….(පෙ)…. ස්පර්ශය ගැන ….(පෙ)…. ආයතන හය ගැන ….(පෙ)…. නාමරූප ගැන ….(පෙ)…. විඤ්ඤාණය ගැන ….(පෙ)…. සංස්කාර ගැන ….(පෙ)…. උපාදාන රහිතව නිදහස් වුණා නම් අන්න ඒ භික්ෂුව මේ ජීවිතයේදීම ඒ අමා නිවන අවබෝධ කළ භික්ෂුවක් වශයෙන්ම හඳුන්වන්න පුළුවනි.

අවිජ්‌ජාය චේ ආවුසෝ, භික්‌ඛු නිබ්‌බිදාය විරාගාය නිරෝධාය ධම්‌මං දේසේති, ධම්‌මකථිකෝ භික්‌ඛූති අලං වචනාය. අවිජ්‌ජාය චේ ආවුසෝ, භික්‌ඛු නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්‌නෝ හෝති, ධම්‌මානුධම්‌මප්‌පටිපන්‌නෝ භික්‌ඛූති අලං වචනාය. අවිජ්‌ජාය චේ ආවුසෝ, භික්‌ඛු නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදා විමුත්‌තෝ හෝති, දිට්‌ඨධම්‌මනිබ්‌බානප්‌පත්‌තෝ භික්‌ඛූති අලං වචනායා’ති.

ප්‍රිය ආයුෂ්මත්නි, ඉදින් භික්ෂුව අවිද්‍යාව ගැන කළකිරීම පිණිසත්, නොඇල්ම පිණිසත්, ඇල්ම නිරුද්ධ වීම පිණිසත් දහම් දෙසනවා නම් අන්න ඒ භික්ෂුව ධර්ම කථික භික්ෂුවක් වශයෙන්ම හඳුන්වන්න පුළුවනි.

ප්‍රිය ආයුෂ්මත්නි, ඉදින් භික්ෂුව අවිද්‍යාව ගැන කළකිරීම පිණිසත්, නොඇල්ම පිණිසත්, ඇල්ම නිරුද්ධ වීම පිණිසත් ප්‍රතිපත්තියෙහි යෙදෙනවා නම් අන්න ඒ භික්ෂුව ධම්මානුධම්ම පටිපන්න භික්ෂුවක් වශයෙන්ම හඳුන්වන්න පුළුවනි.

ප්‍රිය ආයුෂ්මත්නි, ඉදින් භික්ෂුව අවිද්‍යාව ගැන කළකිරීමෙන්, නොඇල්මෙන්, ඇල්ම නිරුද්ධ වීමෙන් උපාදාන රහිතව නිදහස් වුණා නම් අන්න ඒ භික්ෂුව මේ ජීවිතයේදීම ඒ අමා නිවන අවබෝධ කළ භික්ෂුවක් වශයෙන්ම හඳුන්වන්න පුළුවනි.”

සාදු! සාදු!! සාදු!!!

නළකලාප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-7-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M