සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.7.6. සම්මසන සුත්තං

1.7.6. නුවණින් විමසීම ගැන වදාළ දෙසුම

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා කුරූසු විහරති කම්‌මාසදම්‌මං නාම කුරූනං නිගමෝ. තත්‍ර ඛෝ භගවා භික්‌ඛූ ආමන්තේසි. භික්ඛවෝ ති. භදන්තේ ති තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කුරු රට කම්මාස්සදම්ම කියන කුරු ජනපදවාසීන්ගේ කුඩා නගරයේ. එහිදී භාග්‍යවතුන් වහන්සේ “පින්වත් මහණෙනි” කියා භික්ෂූන් අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා ද “පින්වතුන් වහන්ස” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී තමයි මේ දේශනය වදාළේ.

සම්‌මසථ නෝ තුම්හේ භික්ඛවේ අන්‌තරා සම්‌මසනන්‌ති? ඒවං වුත්‌තේ අඤ්ඤතරෝ භික්‌ඛු භගවන්‌තං ඒතදවෝච. අහං ඛෝ භන්තේ සම්‌මසාමි අන්‌තරං සම්‌මසනන්‌ති. යථා කථං පන ත්‌වං භික්‌ඛු සම්‌මසසි අන්‌තරං සම්‌මසනන්‌ති? අථ ඛෝ සෝ භික්‌ඛු ව්‍යාකාසි. යථා සෝ භික්‌ඛු ව්‍යාකාසි, න සෝ භික්‌ඛු භගවතෝ චිත්‌තං ආරාධේසි.

“පින්වත් මහණෙනි, ඔබ අභ්‍යන්තර ජීවිතය ගැන නුවණින් විමසනවාද?” මෙසේ විමසා වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා. “ස්වාමීනී, මම නම් අභ්‍යන්තර ජීවිතය ගැන නුවණින් විමසනවා.” “පින්වත් භික්ෂුව, ඔබ කොයි ආකාරයෙන් ද අභ්‍යන්තර ජීවිතය ගැන නුවණින් විමසන්නේ?” එතකොට ඒ භික්ෂුව තම අදහස ප්‍රකාශ කළා. ඒ භික්ෂුව යම් විදිහකින් එය පැවසූ නමුත්, ඒ භික්ෂුව ඒ තුළින් භාග්‍යවතුන් වහන්සේව සතුටට පත් කළේ නෑ.

ඒවං වුත්‌තේ ආයස්‌මා ආනන්‌දෝ භගවන්‌තං ඒතදවෝච. ඒතස්ස භගවා කාලෝ, ඒතස්ස සුගත කාලෝ, යං භගවා අන්‌තරා සම්‌මසනං භාසෙය්‍ය, භගවතෝ සුත්‌වා භික්‌ඛූ ධාරෙස්‌සන්‌තී’ති. තේනහානන්‌ද සුණාථ, සාධුකං මනසිකරෝථ, භාසිස්‌සාමී ති. ඒවං භන්තේ ති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

එතකොට ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට සැළ කළා. “භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලයයි. සුගතයන් වහන්ස, මේ එයට කාලයයි. භාග්‍යවතුන් වහන්සේ අභ්‍යන්තර ජීවිතය නුවණින් විමසීම ගැන යමක් වදාළ සේක් නම්, භාග්‍යවතුන් වහන්සේගෙන් අසාගෙන භික්ෂූන් සිතෙහි දරා ගන්නවා.”

“එසේ නම් පින්වත් ආනන්ද, හොඳින් අහගන්න ඕන. ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරන්න ඕන. මා කියා දෙන්නම්.” “එසේය, ස්වාමීනී” කියලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනය වදාළේ.

ඉධ භික්ඛවේ භික්‌ඛු සම්‌මසමානෝ සම්‌මසති අන්‌තරං සම්‌මසනං. යං ඛෝ ඉදං අනේකවිධං නානප්‌පකාරකං දුක්‌ඛං ලෝකේ උප්‌පජ්‌ජති ජරාමරණං, ඉදං නු ඛෝ දුක්‌ඛං කින්නිදානං කිංසමුදයං කිඤ්ජාතිකං කිම්පභවං, කිස්‌මිං සති ජරාමරණං හෝති, කිස්‌මිං අසති ජරාමරණං න හෝතී’ති. සෝ සම්‌මසමානෝ ඒවං පජානාති. යං ඛෝ ඉදං අනේකවිධං නානප්‌පකාරකං දුක්‌ඛං ලෝකේ උප්‌පජ්‌ජති ජරාමරණං. ඉදං ඛෝ දුක්‌ඛං උපධිනිදානං උපධිසමුදයං උපධිජාතිකං උපධිපභවං, උපධිස්‌මිං සති ජරාමරණං හෝති, උපධිස්‌මිං අසති ජරාමරණං න හෝතී’ති. සෝ ජරාමරණඤ්‌ච පජානාති, ජරාමරණසමුදයඤ්‌ච පජානාති, ජරාමරණනිරෝධඤ්‌ච පජානාති, යා ච ජරාමරණනිරෝධසාරුප්‌පගාමිනී පටිපදා, තඤ්‌ච පජානාති. තථා පටිපන්‌නෝ ච හෝති අනුධම්‌මචාරී. අයං වුච්‌චති භික්ඛවේ භික්‌ඛු සබ්‌බසෝ සම්‌මා දුක්‌ඛක්‌ඛයාය පටිපන්‌නෝ ජරාමරණනිරෝධාය.

පින්වත් මහණෙනි, මේ සසුනෙහි භික්ෂුව නුවණින් විමසද්දී අභ්‍යන්තර ජීවිතය ගැනයි නුවණින් විමසන්නේ. අනේක ප්‍රකාර වූ නා නා ප්‍රකාර වූ යම් මේ ජරා මරණ දුකක් ලෝකයෙහි උපදිනවා නම් ඒ දුකට මුල මොකක්ද? හටගැනීම මොකක්ද? ඉපදීම මොකක්ද? ප්‍රභවය මොකක්ද? මොකක් තිබීමෙන්ද ජරාමරණ තිබෙන්නේ? මොකක් නැතිවීමෙන් ද ජරාමරණ නැතිවන්නේ? කියලා.

එතකොට ඒ භික්ෂුව නුවණින් විමසද්දී මේ විදිහට අවබෝධ කරනවා. ‘අනේක ප්‍රකාර වූ නා නා ප්‍රකාර වූ යම් මේ ජරාමරණ දුකක් ලෝකයෙහි උපදිනවා නම් ඒ දුකට මුල කෙලෙස් සහිත කර්මයි. කෙලෙස් සහිත කර්ම හටගැනීමෙනුයි, කෙලෙස් සහිත කර්ම ඉපදීමෙනුයි, කෙලෙස් සහිත කර්මය ප්‍රභවයෙනුයි ජරාමරණ හටගන්නේ. කෙලෙස් සහිත කර්ම තිබුණොත් තමයි ජරා මරණ තිබෙන්නේ. කෙලෙස් සහිත කර්ම නැතිවීමෙන් තමයි ජරා මරණ නැතිවෙන්නේ.

එතකොට ඒ භික්ෂුව ජරා මරණත් අවබෝධ කරනවා. ජරාමරණ හටගැනීමත් අවබෝධ කරනවා. ජරාමරණ නිරුද්ධ වීමත් අවබෝධ කරනවා. ජරාමරණ නිරුද්ධ වීම පිණිස පවතින යම් ප්‍රතිපදාවක් ඇත්නම් එයත් අවබෝධ කරනවා. ඒ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් ධර්මයට අනුව හැසිරෙනවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුවටයි කියන්නේ සර්වප්‍රකාරයෙන්ම මැනැවින්ම ජරාමරණ දුක් ක්ෂය වීම පිණිස පිළිපන් භික්ෂුව කියලා.

අථාපරං සම්‌මසමානෝ සම්‌මසති අන්‌තරා සම්‌මසනං. උපධි පනායං කින්නිදානෝ කිංසමුදයෝ කිඤ්ජාතිකෝ කිම්පභවෝ, කිස්‌මිං සති උපධි හෝති, කිස්‌මිං අසති උපධි න හෝතීති. සෝ සම්‌මසමානෝ ඒවං පජානාති. උපධි තණ්‌හානිදානෝ තණ්‌හාසමුදයෝ තණ්‌හාජාතිකෝ තණ්‌හාපභවෝ, තණ්‌හාය සති උපධි හෝති, තණ්‌හාය අසති උපධි න හෝතීති. සෝ උපධිඤ්‌ච පජානාති, උපධිසමුදයඤ්‌ච පජානාති, උපධිනිරෝධඤ්‌ච පජානාති, යා ච උපධිනිරෝධසාරුප්‌පගාමිනී පටිපදා, තඤ්‌ච පජානාති. තථා පටිපන්‌නෝ ච හෝති අනුධම්‌මචාරී. අයං වුච්‌චති භික්ඛවේ භික්‌ඛු සබ්‌බසෝ සම්‌මා දුක්‌ඛක්‌ඛයාය පටිපන්‌නෝ උපධිනිරෝධාය.

තවදුරටත් නුවණින් විමසද්දී අභ්‍යන්තර ජීවිතය ගැනයි නුවණින් විමසන්නේ. මේ කෙලෙස් සහිත කර්මයේ මුල මොකක්ද? හටගැනීම මොකක්ද? ඉපදීම මොකක්ද? ප්‍රභවය මොකක්ද? මොකක් තිබීමෙන් ද කෙලෙස් සහිත කර්ම තිබෙන්නේ? මොකක් නැතිවීමෙන් ද කෙලෙස් සහිත කර්ම නැතිවෙන්නේ? කියලා.

එතකොට ඒ භික්ෂුව නුවණින් විමසද්දී මේ විදිහට අවබෝධ කරනවා. ‘මේ කෙලෙස් සහිත කර්මයේ මුල තණ්හාවයි. තණ්හාව හටගැනීමෙනුයි, තණ්හාව ඉපදීමෙනුයි, තණ්හාව ප්‍රභවයෙනුයි කෙලෙස් සහිත කර්ම හටගන්නේ. තණ්හාව තිබුණොත් තමයි කෙලෙස් සහිත කර්ම තිබෙන්නේ. තණ්හාව නැතිවීමෙන් තමයි කෙලෙස් සහිත කර්ම නැතිවෙන්නේ.

එතකොට ඒ භික්ෂුව කෙලෙස් සහිත කර්මත් අවබෝධ කරනවා. කෙලෙස් සහිත කර්ම හටගැනීමත් අවබෝධ කරනවා. කෙලෙස් සහිත කර්ම නිරුද්ධ වීමත් අවබෝධ කරනවා. කෙලෙස් සහිත කර්ම නිරුද්ධ වීම පිණිස පවතින යම් ප්‍රතිපදාවක් ඇත්නම් එයත් අවබෝධ කරනවා. ඒ ප්‍රතිපත්තියෙහි යෙදෙමින් ධර්මයට අනුව හැසිරෙනවා. පින්වත් මහණෙනි, මේ භික්ෂුවටයි කියන්නේ සර්වප්‍රකාරයෙන්ම මැනැවින්ම කෙලෙස් සහිත කර්ම ක්ෂය වීම පිණිස පිළිපන් භික්ෂුව කියලා.

අථාපරං සම්‌මසමානෝ සම්‌මසති අන්‌තරා සම්‌මසනං, තණ්‌හා පනායං කත්‌ථ උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති කත්‌ථ නිවිසමානා නිවිසතීති? සෝ සම්‌මසමානෝ ඒවං පජානාති. යං ඛෝ කිඤ්චි ලෝකේ පියරූපං සාතරූපං, එත්‌ථේසා තණ්‌හා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති, එත්‌ථ නිවිසමානා නිවිසති. කිඤ්‌ච ලෝකේ පියරූපං සාතරූපං? චක්‌ඛුං ලෝකේ පියරූපං සාතරූපං. එත්‌ථේසා තණ්‌හා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති, එත්‌ථ නිවිසමානා නිවිසති.

සෝතං ලෝකේ පියරූපං සාතරූපං ….(පෙ)…. ඝානං ලෝකේ පියරූපං සාතරූපං ….(පෙ)…. ජිව්‌හා ලෝකේ පියරූපං සාතරූපං ….(පෙ)…. කායෝ ලෝකේ පියරූපං සාතරූපං ….(පෙ)…. මනෝ ලෝකේ පියරූපං සාතරූපං, එත්‌ථේ සා තණ්‌හා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති, එත්‌ථ නිවිසමානා නිවිසති.

තවදුරටත් නුවණින් විමසද්දී අභ්‍යන්තර ජීවිතය ගැනයි නුවණින් විමසන්නේ. මේ තණ්හාව උපදිනවා නම් කොහේද උපදින්නේ? පවතිනවා නම් කොහේද පවතින්නේ? කියලා. එතකොට ඒ භික්ෂුව නුවණින් විමසද්දී මේ විදිහට අවබෝධ කරනවා. ‘මේ ලෝකයේ ප්‍රිය ස්වරූප ඇති මිහිරි ස්වරූප ඇති යමක් තිබේ නම් අන්න එතැන තමයි මේ තණ්හාව උපදිනවා නම් උපදින්නේ. අන්න එතැන තමයි පවතිනවා නම් පවතින්නේ. ලෝකයෙහි තිබෙන ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ දෙය මොකක්ද? ඇස ලෝකයෙහි තිබෙන ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ දෙයකි. අන්න එතැන තමයි මේ තණ්හාව උපදිනවා නම් උපදින්නේ. අන්න එතැන තමයි පවතිනවා නම් පවතින්නේ. කණ ලෝකයෙහි තිබෙන ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ දෙයකි. ….(පෙ)…. නාසය ලෝකයෙහි තිබෙන ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ දෙයකි. ….(පෙ)…. දිව ලෝකයෙහි තිබෙන ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ දෙයකි. ….(පෙ)…. කය ලෝකයෙහි තිබෙන ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ දෙයකි. ….(පෙ)…. මනස ලෝකයෙහි තිබෙන ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ දෙයකි. අන්න එතැන තමයි මේ තණ්හාව උපදිනවා නම් උපදින්නේ. අන්න එතැනමයි පවතිනවා නම් පවතින්නේ.

යේ හි කේචි භික්ඛවේ අතීතමද්‌ධානං සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං, තං නිච්‌චතෝ අද්‌දක්‌ඛුං, සුඛතෝ අද්‌දක්‌ඛුං, අත්‌තතෝ අද්‌දක්‌ඛුං, ආරෝග්‍යතෝ අද්‌දක්‌ඛුං, ඛේමතෝ අද්‌දක්‌ඛුං. තේ තණ්‌හං වඩ්‌ඪේසුං. යේ තණ්‌හං වඩ්‌ඪේසුං, තේ උපධිං වඩ්‌ඪේසුං. යේ උපධිං වඩ්‌ඪේසුං, තේ දුක්‌ඛං වඩ්‌ඪේසුං. යේ දුක්‌ඛං වඩ්‌ඪේසුං, තේ න පරිමුච්‌චිංසු ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි, න පරිමුච්‌චිංසු දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, අතීතයේ හිටපු යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය නිත්‍ය වශයෙන් දැක්කා නම්, සැප වශයෙන් දැක්කා නම්, ආත්ම වශයෙන් දැක්කා නම්, ආරෝග්‍ය වශයෙන් දැක්කා නම්, ආරක්ෂිත තැනක් වශයෙන් දැක්කා නම් ඔවුන් වර්ධනය කරගත්තේ තණ්හාවයි. යමෙක් වැඩුවේ තණ්හාව නම් ඔවුන් වර්ධනය කරගෙන තිබෙන්නේ කෙලෙස් සහිත කර්මයි. යමෙක් වැඩුවේ කෙලෙස් සහිත කර්ම නම්, ඔවුන් වැඩුවේ දුකයි. යමෙක් වැඩුවේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නම් නිදහස් වුණේ නෑ. ඔවුන් දුකින් නම් නිදහස් වුණේ නෑ කියලයි මං කියන්නේ.

යේපි හි කේචි භික්ඛවේ අනාගතමද්‌ධානං සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං, තං නිච්‌චතෝ දක්‌ඛින්‌ති, සුඛතෝ දක්‌ඛින්‌ති, අත්‌තතෝ දක්‌ඛින්‌ති, ආරෝග්‍යතෝ දක්‌ඛින්‌ති, ඛේමතෝ දක්‌ඛින්‌ති, තේ තණ්‌හං වඩ්‌ඪෙස්‌සන්‌ති. යේ තණ්‌හං වඩ්‌ඪෙස්‌සන්‌ති, තේ උපධිං වඩ්ඪෙස්සන්ති, යේ උපධිං වඩ්ඪෙස්සන්ති. තේ දුක්ඛං වඩ්‌ඪෙස්‌සන්‌ති. යේ දුක්ඛං වඩ්ඪෙස්‌සන්‌ති ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි, න පරිමුච්‌චිස්‌සන්‌ති දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, අනාගතයේ පහළ වන්නා වූ යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය නිත්‍ය වශයෙන් දකිනවා නම්, සැප වශයෙන් දකිනවා නම්, ආත්ම වශයෙන් දකිනවා නම්, ආරෝග්‍ය වශයෙන් දකිනවා නම්, ආරක්ෂිත තැනක් වශයෙන් දකිනවා නම් ඔවුන් වර්ධනය කරගන්නේ තණ්හාවයි. යමෙක් වඩන්නේ තණ්හාව නම් ඔවුන් වර්ධනය කරගන්නේ කෙලෙස් සහිත කර්මයි. යමෙක් වඩන්නේ කෙලෙස් සහිත කර්ම නම්, ඔවුන් වඩන්නේ දුකයි. යමෙක් වඩන්නේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නම් නිදහස් වෙන්නේ නෑ. ඔවුන් දුකින් නම් නිදහස් වෙන්නේ නෑ කියලයි මං කියන්නේ.

යේපි හි කේචි භික්ඛවේ ඒතරහි සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං, තං නිච්‌චතෝ පස්‌සන්‌ති, සුඛතෝ පස්‌සන්‌ති, අත්‌තතෝ පස්‌සන්‌ති, ආරෝග්‍යතෝ පස්‌සන්‌ති, ඛේමතෝ පස්‌සන්‌ති, තේ තණ්‌හං වඩ්‌ඪෙන්‌ති, යේ තණ්‌හං වඩ්‌ඪෙන්‌ති, තේ උපධිං වඩ්‌ඪෙන්‌ති. යේ උපධිං වඩ්‌ඪෙන්‌ති, තේ දුක්‌ඛං වඩ්‌ඪෙන්‌ති. යේ දුක්‌ඛං වඩ්‌ඪෙන්‌ති, තේ න පරිමුච්‌චන්‌ති ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි, න පරිමුච්‌චන්‌ති දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, වර්තමානයේ සිටින්නා වූ යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය නිත්‍ය වශයෙන් දකිනවා නම්, සැප වශයෙන් දකිනවා නම්, ආත්ම වශයෙන් දකිනවා නම්, ආරෝග්‍ය වශයෙන් දකිනවා නම්, ආරක්ෂිත තැනක් වශයෙන් දකිනවා නම් ඔවුන් වර්ධනය කරගන්නේ තණ්හාවයි. යමෙක් වඩන්නේ තණ්හාව නම් ඔවුන් වර්ධනය කරගන්නේ කෙලෙස් සහිත කර්මයි. යමෙක් වඩන්නේ කෙලෙස් සහිත කර්ම නම්, ඔවුන් වඩන්නේ දුකයි. යමෙක් වඩන්නේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නම් නිදහස් වෙන්නේ නෑ. ඔවුන් දුකින් නම් නිදහස් වෙන්නේ නෑ කියලයි මං කියන්නේ.

සෙය්‍යථාපි භික්ඛවේ ආපානීයකංසෝ වණ්‌ණසම්පන්නෝ ගන්‌ධසම්පන්නෝ රසසම්‌පන්‌නෝ, සෝ ච ඛෝ විසේන සංසට්‌ඨෝ. අථ පුරිසෝ ආගච්‌ඡෙය්‍ය ඝම්‌මාභිතත්‌තෝ ඝම්‌මපරේතෝ කිලන්‌තෝ තසිතෝ පිපාසිතෝ. තමේනං ඒවං වදෙය්‍යුං. අයං තේ අම්‌භෝ පුරිස, ආපානීයකංසෝ වණ්‌ණසම්පන්නෝ ගන්‌ධසම්පන්නෝ රසසම්පන්නෝ, සෝ ච ඛෝ විසේන සංසට්‌ඨෝ, සචේ ආකංඛසි පිව. පිවතෝ හි ඛෝ තං ඡාදිස්‌සති වණ්‌ණේනපි ගන්ධේනපි රසේනපි. පිවීත්‌වා ච පන තතෝනිදානං මරණං වා නිගච්‌ඡසි මරණමත්‌තං වා දුක්‌ඛන්‌ති. සෝ තං ආපානීයකංසං සහසා අපටිසංඛා පිවෙය්‍ය, න ‌පටිනිස්‌සජ්‌ජෙය්‍ය. සෝ තතෝ නිදානං මරණං වා නිගච්‌ඡෙය්‍ය, මරණමත්‌තං වා දුක්‌ඛං.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. රසවත් බීමක් තියෙනවා කියල හිතමු. ඒකෙ පැහැයත් ලස්සනයි. සුවඳත් මිහිරියි. ඒ වගේම ප්‍රණීත රසයක් තියෙනවා. නමුත් ඒ බීමට භයානක විසක් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඔතැනට මනුස්සයෙක් එනවා. ඔහු පෑවිල්ලෙන් පීඩා විඳලා, පෑවිල්ලෙන්ම තැවිලා, කලන්තෙ හැදිලා, හොඳටම පිපාසයෙනුයි ඉන්නේ. ඔහුට කෙනෙක් මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, මෙන්න ඔබට රසවත් බීමක්! හැබැයි මේකෙ පැහැය නම් ලස්සනයි. සුවඳත් මිහිරියි. ඒ වගේම ප්‍රණීත රසයක් තියෙනවා. භයානක විසකුත් මිශ්‍රවෙලයි තියෙන්නේ. කැමති නම් බොන්න’ කියලා.

එතකොට ඒ පෙනුම නිසා, ඒ සුවඳ නිසා, ඒ රසය නිසා, බොන වෙලාවට ගොඩාක් කැමති වේවි. නමුත් ඒක බිව්වට පස්සේ ඒ හේතුව නිසාම ඔබ මරණයට පත්වේවි. එක්කො මාරාන්තික වේදනා විඳින්නට සිදු වේවි. එතකොට ඔහු ඒ කියමන ගණන් ගන්නේ නෑ. ඒ බීම බොනවා මිස බැහැර කරන්නේ නෑ. ඒ හේතුව නිසාම ඔහු මරණයට පත්වෙනවා. එක්කො මාරාන්තික වේදනා විඳින්නට සිදුවෙනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ යේ හි කේචි අතීතමද්‌ධානං සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං. තං නිච්‌චතෝ අද්‌දක්‌ඛුං, සුඛතෝ අද්‌දක්‌ඛුං, අත්‌තතෝ අද්‌දක්‌ඛුං, ආරෝග්‍යතෝ අද්‌දක්‌ඛුං, ඛේමතෝ අද්‌දක්‌ඛුං. තේ තණ්‌හං වඩ්‌ඪේසුං. යේ තණ්‌හං ….(පෙ)…. යේ දුක්ඛං වඩ්ඪේසුං. තේ න පරිමුච්‌චිංසු ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි. න පරිමුච්චිංසු දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. අතීතයේ හිටපු යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය නිත්‍ය වශයෙන් දැක්කා නම්, සැප වශයෙන් දැක්කා නම්, ආත්ම වශයෙන් දැක්කා නම්, ආරෝග්‍ය වශයෙන් දැක්කා නම්, ආරක්ෂිත තැනක් වශයෙන් දැක්කා නම් ඔවුන් වර්ධනය කරගත්තේ තණ්හාවයි. යමෙක් වැඩුවේ තණ්හාව නම් ….(පෙ)…. ඔවුන් වැඩුවේ දුකයි. යමෙක් වැඩුවේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීම් වලින්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නම් නිදහස් වුණේ නෑ. ඔවුන් දුකින් නම් නිදහස් වුණේ නෑ කියලයි මං කියන්නේ.

කේචි භික්ඛවේ අනාගතමද්‌ධානං සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං, තං නිච්‌චතෝ දක්‌ඛින්‌ති, සුඛතෝ ….(පෙ)…. අත්‌තතෝ ….(පෙ)…. ආරෝග්‍යතෝ ….(පෙ)…. ඛේමතෝ දක්‌ඛින්‌ති, තේ තණ්‌හං වඩ්‌ඪෙස්‌සන්‌ති. යේ තණ්‌හං ….(පෙ)…. යේ දුක්ඛං වඩ්ඪෙස්‌සන්‌ති. තේ ….(පෙ)…. න පරිමුච්‌චිස්‌සන්‌ති දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, අනාගතයේ පහළ වන්නා වූ යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය නිත්‍ය වශයෙන් දකිනවා නම්, සැප වශයෙන් දකිනවා නම්, ආත්ම වශයෙන් දකිනවා නම්, ආරෝග්‍ය වශයෙන් දකිනවා නම්, ආරක්ෂිත තැනක් වශයෙන් දකිනවා නම් ඔවුන් වර්ධනය කරගන්නේ තණ්හාවයි. යමෙක් වඩන්නේ තණ්හාව නම් ….(පෙ)…. ඔවුන් වඩන්නේ දුකයි. යමෙක් වඩන්නේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නම් නිදහස් වෙන්නේ නෑ. ඔවුන් දුකින් නම් නිදහස් වෙන්නේ නෑ කියලයි මං කියන්නේ.

යේහි කේචි භික්ඛවේ ඒතරහි සමණා වා බ්‍රාහ්මණා වා යං ලෝකේ පියරූප සාතරූපං, තං නිච්‌චතෝ පස්‌සන්‌ති, සුඛතෝ පස්‌සන්‌ති, අත්‌තතෝ පස්‌සන්‌ති, ආරොග්‍යතෝ පස්‌සන්‌ති, ඛේමතෝ පස්‌සන්‌ති. තේ තණ්‌හං වඩ්‌ඪෙන්‌ති. යේ තණ්‌හං (වඩ්‌ඪෙන්‌ති) ….(පෙ)…. තේ න පරිමුච්‌චන්‌ති ජාතියා ජරාමරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි න පරිමුච්‌චන්‌ති දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, වර්තමානයේ සිටින්නා වූ යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය නිත්‍ය වශයෙන් දකිනවා නම්, සැප වශයෙන් දකිනවා නම්, ආත්ම වශයෙන් දකිනවා නම්, ආරෝග්‍ය වශයෙන් දකිනවා නම්, ආරක්ෂිත තැනක් වශයෙන් දකිනවා නම් ඔවුන් වර්ධනය කරගන්නේ තණ්හාවයි. යමෙක් වඩන්නේ තණ්හාව නම්….(පෙ)…. ඔවුන් වඩන්නේ දුකයි. යමෙක් වඩන්නේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නම් නිදහස් වෙන්නේ නෑ. ඔවුන් දුකින් නම් නිදහස් වෙන්නේ නෑ කියලයි මං කියන්නේ.

යේ ච ඛෝ කේචි භික්ඛවේ අතීතමද්‌ධානං සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං, තං අනිච්‌චතෝ අද්‌දක්‌ඛුං, දුක්‌ඛතෝ අද්‌දක්‌ඛුං, අනත්‌තතෝ අද්‌දක්‌ඛුං, රෝගතෝ අද්‌දක්‌ඛුං භයතෝ අද්‌දක්‌ඛුං. තේ තණ්‌හං පජහිංසු. යේ තණ්‌හං පජහිංසු, තේ උපධිං පජහිංසු. යේ උපධිං පජහිංසු, තේ දුක්‌ඛං පජහිංසු. යේ දුක්‌ඛං පජහිංසු. තේ පරිමුච්‌චිංසු ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි. පරිමුච්‌චිංසු දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, අතීතයේ හිටපු යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය අනිත්‍ය වශයෙන් දැක්කා නම්, දුක් වශයෙන් දැක්කා නම්, අනාත්ම වශයෙන් දැක්කා නම්, රෝග වශයෙන් දැක්කා නම්, අනාරක්ෂිත තැනක් වශයෙන් දැක්කා නම් ඔවුන් අත්හැර ගත්තේ තණ්හාවයි. යමෙක් අත්හැරියේ තණ්හාව නම් ඔවුන් අත්හැර තිබෙන්නේ කෙලෙස් සහිත කර්මයි. යමෙක් අත්හැරියේ කෙලෙස් සහිත කර්ම නම්, ඔවුන් අත්හැරියේ දුකයි. යමෙක් අත්හැරියේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නිදහස් වෙලා ගියා. ඔවුන් දුකින් නිදහස් වෙලා ගියා කියලයි මං කියන්නේ.

යේපි හි කේචි භික්ඛවේ අනාගතමද්‌ධානං සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං, තං අනිච්‌චතෝ දක්‌ඛින්‌ති, දුක්‌ඛතෝ දක්‌ඛින්‌ති, අනත්‌තතෝ දක්‌ඛින්‌ති, රෝගතෝ දක්‌ඛින්‌ති, භයතෝ දක්‌ඛින්‌ති. තේ තණ්‌හං පජහිස්‌සන්‌ති. යේ තණ්‌හං පජහිස්‌සන්‌ති, තේ ….(පෙ)…. පරිමුච්‌චිස්‌සන්‌ති දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, අනාගතයේ පහළ වන්නා වූ යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය අනිත්‍ය වශයෙන් දකිනවා නම්, දුක් වශයෙන් දකිනවා නම්, අනාත්ම වශයෙන් දකිනවා නම්, රෝග වශයෙන් දකිනවා නම්, අනාරක්ෂිත තැනක් වශයෙන් දකිනවා නම් ඔවුන් අත්හැර ගන්නේ තණ්හාවයි. යමෙක් අත්හැර දමන්නේ තණ්හාව නම් ….(පෙ)…. ඔවුන් අත්හැර දමන්නේ දුකයි. යමෙක් අත්හැර දමන්නේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නිදහස් වෙලා යනවා. ඔවුන් දුකින් නිදහස් වෙලා යනවා කියලයි මං කියන්නේ.

යේපි හි කේචි භික්ඛවේ ඒතරහි සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං, තං අනිච්‌චතෝ පස්‌සන්‌ති, දුක්‌ඛතෝ පස්‌සන්‌ති, අනත්‌තතෝ පස්‌සන්‌ති, රෝගතෝ පස්‌සන්‌ති, භයතෝ පස්‌සන්‌ති. තේ තණ්‌හං පජහන්‌ති. යේ තණ්‌හං පජහන්‌ති, තේ උපධිං පජහන්‌ති. යේ උපධිං පජහන්‌ති, තේ දුක්‌ඛං පජහන්‌ති. යේ දුක්‌ඛං පජහන්‌ති, තේ පරිමුච්‌චන්‌ති ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි, පරිමුච්‌චන්‌ති දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, වර්තමානයේ සිටින්නා වූ යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය අනිත්‍ය වශයෙන් දකිනවා නම්, දුක් වශයෙන් දකිනවා නම්, අනාත්ම වශයෙන් දකිනවා නම්, රෝග වශයෙන් දකිනවා නම්, අනාරක්ෂිත තැනක් වශයෙන් දකිනවා නම් ඔවුන් අත්හැර දමන්නේ තණ්හාවයි. යමෙක් අත්හැර දමන්නේ තණ්හාව නම් ….(පෙ)…. ඔවුන් අත්හැර දමන්නේ දුකයි. යමෙක් අත්හැර දමන්නේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නිදහස් වෙනවා. ඔවුන් දුකින් නිදහස් වෙනවා කියලයි මං කියන්නේ.

සෙය්‍යථාපි භික්ඛවේ, ආපානීයකංසෝ වණ්‌ණසම්පන්නෝ ගන්‌ධසම්පන්නෝ රසසම්‌පන්‌නෝ, සෝ ච ඛෝ විසේන සංසට්‌ඨෝ. අථ පුරිසෝ ආගච්‌ඡෙය්‍ය ඝම්‌මාභිතත්‌තෝ ඝම්‌මපරේතෝ කිලන්‌තෝ තසිතෝ පිපාසිතෝ. තමේනං ඒවං වදෙය්‍යුං. අයං තේ අම්‌භෝ පුරිස, ආපානීයකංසෝ වණ්‌ණසම්පන්නෝ ගන්‌ධසම්පන්නෝ රසසම්පන්නෝ, සෝ ච ඛෝ විසේන සංසට්‌ඨෝ. සචේ ආකංඛසි පිව. පිවතෝ හි ඛෝ තං ඡාදිස්‌සති වණ්‌ණේනපි ගන්ධේනපි රසේනපි. පීවිත්‌වා ච පන තතෝනිදානං මරණං වා නිගච්‌ඡසි, මරණමත්‌තං වා දුක්‌ඛන්‌ති. අථ ඛෝ භික්ඛවේ තස්‌ස පුරිසස්‌ස ඒවමස්‌ස. සක්‌කා ඛෝ මේ අයං සුරාපිපාසිතා පානීයේන වා විනේතුං, දධිමණ්‌ඩකේන වා විනේතුං, මත්ථලෝණිකාය වා විනේතුං, ලෝණසෝවීරකේන වා විනේතුං. න ත්වේවාහං තං පිවෙය්‍යං, යං මම අස්‌ස දීඝරත්‌තං අහිතාය දුක්ඛායාති. සෝ තං ආපානීයකංසං පටිසංඛා න පිවෙය්‍ය, පටිනිස්‌සජ්‌ජෙය්‍ය. සෝ තතෝනිදානං න මරණං වා නිගච්‌ඡෙය්‍ය, මරණමත්‌තං වා දුක්‌ඛං.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. රසවත් බීමක් තියෙනවා කියලා හිතමු. ඒකෙ පැහැයත් ලස්සනයි. සුවඳත් මිහිරියි. ඒ වගේම ප්‍රණීත රසයක් තියෙනවා. නමුත් ඒ බීමට භයානක විසක් මිශ්‍ර වෙලා තියෙන්නේ. ඔතැනට මනුස්සයෙක් එනවා. ඔහු පෑවිල්ලෙන් පීඩා විඳලා, පෑවිල්ලෙන්ම තැවිලා, කලන්තේ හැදිලා, හොඳටම පිපාසයෙනුයි ඉන්නේ. ඔහුට කෙනෙක් මෙහෙම කියනවා. ‘එම්බා පුරුෂය, මෙන්න ඔබට රසවත් බීමක්! හැබැයි මේකෙ පැහැය නම් ලස්සනයි. සුවඳත් මිහිරියි. ඒ වගේම ප්‍රණීත රසයක් තියෙනවා. භයානක විසකුත් මිශ්‍රවෙලයි තියෙන්නේ. කැමති නම් බොන්න’ කියලා.

එතකොට ඒ පෙනුම නිසා, ඒ සුවඳ නිසා, ඒ රසය නිසා, බොන වෙලාවට ගොඩක් කැමති වේවි. නමුත් ඒක බිව්වට පස්සේ ඒ හේතුව නිසාම ඔබ මරණයට පත්වේවි. එක්කො මාරාන්තික වේදනා විඳින්නට සිදුවේවි. එතකොට ඔහු ඒ කියමන හිතට ගන්නවා. මෙහෙම හිතනවා. ‘මට මේ සුරා පානයට තියෙන ආශාව ඇල්වතුර බීලා නැති කරගන්න පුළුවන් නෙව. එහෙමත් නැත්නම් මෝරු බීලා හරි නැති කරගන්න පුළුවන් නෙව. ලුණු කැඳෙන් හරි නැති කරගන්න පුළුවන් නෙව. ලුණු කාඩි වතුරෙන් හරි නැති කරගන්න පුළුවන් නෙව. මට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස, පවතින දෙයක් මට බොන්න ඕන කමක් නෑ’ කියලා. ඒ පුද්ගලයා නුවණින් සළකලා ඒ මධුවිත බොන්නේ නෑ. බැහැර කරනවා. ඒ හේතුව නිසාම ඔහු මැරෙන්නෙත් නෑ. මාරාන්තික දුක් වේදනා විඳින්නෙත් නෑ.

ඒවමේව ඛෝ භික්ඛවේ යේ හි කේචි අතීතමද්‌ධානං සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං, තං අනිච්‌චතෝ අද්‌දක්‌ඛුං, දුක්‌ඛතෝ අද්‌දක්‌ඛුං, අනත්‌තතෝ අද්‌දක්‌ඛුං, රෝගතෝ අද්‌දක්‌ඛුං, භයතෝ අද්‌දක්‌ඛුං. තේ තණ්‌හං පජහිංසු. යේ තණ්‌හං පජහිංසු තේ උපධිං පජහිංසු. යේ උපධිං පජහිංසු, තේ දුක්‌ඛං පජහිංසු. යේ දුක්‌ඛං පජහිංසු, තේ පරිමුච්‌චිංසු ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි. පරිමුච්‌චිංසු දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. අතීතයේ හිටපු යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය අනිත්‍ය වශයෙන් දැක්කා නම්, දුක් වශයෙන් දැක්කා නම්, අනාත්ම වශයෙන් දැක්කා නම්, රෝග වශයෙන් දැක්කා නම්, අනාරක්ෂිත තැනක් වශයෙන් දැක්කා නම් ඔවුන් අත්හැර ගත්තේ තණ්හාවයි. යමෙක් අත්හැරියේ තණ්හාව නම් ….(පෙ)…. ඔවුන් අත්හැරියේ දුකයි. යමෙක් අත්හැරියේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නිදහස් වෙලා ගියා. ඔවුන් දුකින් නිදහස් වෙලා ගියා කියලයි මං කියන්නේ.

යේපි හි කේචි භික්ඛවේ අනාගතමද්‌ධානං සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං, තං අනිච්‌චතෝ දක්ඛින්ති ….(පෙ)…. තේ පරිමුච්චිස්සන්ති ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි, පරිමුච්‌චිස්සන්ති දුක්‌ඛස්‌මාති වදාමි.

පින්වත් මහණෙනි, අනාගතයේ පහළ වන්නා වූ යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය අනිත්‍ය වශයෙන් දකිනවා නම්, දුක් වශයෙන් දකිනවා නම්, අනාත්ම වශයෙන් දකිනවා නම්, රෝග වශයෙන් දකිනවා නම්, අනාරක්ෂිත තැනක් වශයෙන් දකිනවා නම් ඔවුන් අත්හැර දමන්නේ තණ්හාවයි. යමෙක් අත්හැර දමන්නේ තණ්හාව නම් ….(පෙ)…. ඔවුන් අත්හැර දමන්නේ දුකයි. යමෙක් අත්හැර දමන්නේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නිදහස් වෙලා යනවා. ඔවුන් දුකින් නිදහස් වෙලා යනවා කියලයි මං කියන්නේ.

යේපි හි කේචි භික්ඛවේ ඒතරහි සමණා වා බ්‍රාහ්‌මණා වා යං ලෝකේ පියරූපං සාතරූපං, තං අනිච්‌චතෝ පස්සන්ති, දුක්‌ඛතෝ පස්සන්ති, අනත්‌තතෝ පස්සන්ති, රෝගතෝ පස්සන්ති, භයතෝ පස්සන්ති. තේ තණ්‌හං පජහන්‌ති. යේ තණ්‌හං පජහන්‌ති, තේ උපධිං පජහන්‌ති. යේ උපධිං පජහන්‌ති, තේ දුක්‌ඛං පජහන්‌ති. යේ දුක්‌ඛං පජහන්‌ති, තේ පරිමුච්‌චන්‌ති ජාතියා ජරාය මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්‌සේහි උපායාසේහි. පරිමුච්‌චන්‌ති දුක්‌ඛස්‌මාති වදාමී’ති.

පින්වත් මහණෙනි, වර්තමානයේ සිටින්නා වූ යම්කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ප්‍රිය ස්වරූප වූ මිහිරි ස්වරූප වූ යමක් ඇත්නම් එය අනිත්‍ය වශයෙන් දකිනවා නම්, දුක් වශයෙන් දකිනවා නම්, අනාත්ම වශයෙන් දකිනවා නම්, රෝග වශයෙන් දකිනවා නම්, අනාරක්ෂිත තැනක් වශයෙන් දකිනවා නම් ඔවුන් අත්හැර දමන්නේ තණ්හාවයි. යමෙක් අත්හැර දමන්නේ තණ්හාව නම් ….(පෙ)…. ඔවුන් අත්හැර දමන්නේ දුකයි. යමෙක් අත්හැර දමන්නේ දුක නම්, ඔවුන් ඉපදීමෙන්, ජරා මරණයෙන්, සෝකවලින්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙලීම්වලින් නිදහස් වෙනවා. ඔවුන් දුකින් නිදහස් වෙනවා කියලයි මං කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

සම්මසන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-7-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M