සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.6.9. විඤ්ඤාණ සුත්තං

1.6.9. විඤ්ඤාණය ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං…

සැවැත් නුවරදී ………….

සඤ්ඤෝජනීයේසු භික්ඛවේ ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ විඤ්‌ඤාණස්‌ස අවක්‌කන්‌ති හෝති. විඤ්‌ඤාණපච්‌චයා නාමරූපං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට විඤ්ඤාණයේ බැසගැනීම ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කොටගෙන නාමරූප ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.

සෙය්‍යථාපි භික්ඛවේ මහාරුක්‌ඛෝ, තස්‌ස යානි චේව මූලානි අධෝගමානි ….(පෙ)…. දීඝමද්ධානං තිට්ඨෙය්‍ය. ඒවමේව ඛෝ භික්ඛවේ සඤ්ඤෝජනීයේසු ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ විඤ්‌ඤාණස්‌ස අවක්‌කන්‌ති හෝති. විඤ්ඤාණ පච්චයා නාමරූපං. ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, මහා වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් ඒකෙ යටට බහින මුල් තියෙනවා ….(පෙ)…. ඒ උපාදානයෙන් බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේ.

පින්වත් මහණෙනි, ඔය විදිහමයි. බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට විඤ්ඤාණයේ බැසගැනීම ඇතිවෙනවා. විඤ්ඤාණය හේතු කොටගෙන නාමරූප ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.

සඤ්ඤෝජනීයේසු භික්ඛවේ ධම්මේසු ආදීනවානුපස්‌සිනෝ විහරතෝ විඤ්‌ඤාණස්‌ස අවක්‌කන්‌ති න හෝති. විඤ්‌ඤාණනිරෝධා නාමරූපනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝති.

පින්වත් මහණෙනි, බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට විඤ්ඤාණයේ බැසගැනීම නැතිවෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා. …(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.

සෙය්‍යථාපි භික්ඛවේ මහාරුක්‌ඛෝ, අථ පුරිසෝ ආගච්‌ඡෙය්‍ය ….(පෙ)…. ආයතිං අනුප්‌පාදධම්මෝ. ඒවමේව ඛෝ භික්ඛවේ සඤ්ඤෝජනීයේසු ධම්මේසු ආදීනවානුපස්‌සිනෝ විහරතෝ විඤ්‌ඤාණස්‌ස අවක්‌කන්‌ති න හෝති. විඤ්‌ඤාණ නිරෝධා නාමරූපනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී’ති.

පින්වත් මහණෙනි, මහා වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් එතැනට උදැල්ලකුයි කූඩයකුයි අරගෙන එක මනුස්සයෙක් එනවා ….(පෙ)…. ආයෙමත් කිසිදාක හට නොගන්නා ස්වභාවයට පත්වෙලා යනවා.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට විඤ්ඤාණයේ බැසගැනීම නැතිවෙනවා. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

විඤ්ඤාණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-6-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M