සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.6.10. නිදාන (පටිච්චසමුප්පාද) සුත්තං

1.6.10. මූලික කරුණ (පටිච්චසමුප්පාදය) ගැන වදාළ දෙසුම

ඒකං සමයං භගවා කුරූසු විහරති කම්‌මාස්සදම්‌මං නාම කුරූනං නිගමෝ. අථ ඛෝ ආයස්‌මා ආනන්‌දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්‌මා ආනන්‌දෝ භගවන්‌තං ඒතදවෝච. අච්‌ඡරියං භන්තේ අබ්‌භුතං භන්තේ. යාව ගම්‌භීරෝ චායං භන්තේ පටිච්‌චසමුප්‌පාදෝ ගම්‌භීරාවභාසෝ ච, අථ ච පන මේ උත්‌තානකුත්‌තානකෝ විය ඛායතී ති.

ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ කුරු රට කම්මාස්සදම්ම කියන කුරු ජනපදවාසීන්ගේ කුඩා නගරයේ. එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවා.

“ස්වාමීනී, ආශ්චර්යයි! ස්වාමීනී අද්භූතයි! ස්වාමීනී, මේ පටිච්චසමුප්පාද ධර්මය ඉතා ගැඹුරුයි නෙව. ගැඹුරු වැටහීම් ඇති දෙයක් නෙව. නමුත් ස්වාමීනී, මට නම් පැහැදිලි සරල දෙයක් හැටියටයි වැටහෙන්නේ.”

මා හේවං ආනන්‌ද, මා හේවං ආනන්‌ද. ගම්‌භීරෝ චායං ආනන්‌ද පටිච්‌චසමුප්‌පාදෝ ගම්‌භීරාවභාසෝ ච. ඒතස්‌ස ආනන්‌ද ධම්‌මස්‌ස අඤ්ඤාණා අනනුබෝධා අප්‌පටිවේධා ඒවමයං පජා තන්‌තාකුලකජාතා ගුළාගුණ්‌ඨිකජාතා මුඤ්‌ජබබ්‌බජභූතා අපායං දුග්‌ගතිං විනිපාතං සංසාරං නාතිවත්‌තති.

“පින්වත් ආනන්ද, එහෙම කියන්න එපා! පින්වත් ආනන්ද, එහෙම කියන්න එපා! පින්වත් ආනන්ද, මේ පටිච්චසමුප්පාද ධර්මය ඉතාමත් ගැඹුරු දෙයක්. ගැඹුරු වැටහීම් ඇති දෙයක්. පින්වත් ආනන්ද, මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව නොදැනීම නිසාමයි, අවබෝධ නොවීම නිසාමයි, වටහා නොගැනීම නිසාමයි මේ සත්ව ප්‍රජාව මේ ආකාරයෙන් අවුල් වූ නූල් පන්දුවක් වගේ ඉන්නේ. අවුල් වූ නූල් ගොඩක් වගේ ඉන්නේ. අවුල් වූ මුඤ්ජ තණකොළ, බබුස් තණකොළ ගොඩක් වගේ ඉන්නේ. ඒ නිසාමයි අපායේ දුගතියේ වැටි වැටී යන මේ සංසාර ගමන ඉක්මවා ගත නොහැකිව ඉන්නේ.

උපාදානීයේසු ආනන්‌ද ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා පවඩ්‌ඪති. තණ්‌හාපච්‌චයා උපාදානං, උපාදානපච්‌චයා භවෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් ආනන්ද, බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. බැඳීයාම හේතු කොට ගෙන භවය ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.

සෙය්‍යථාපි ආනන්‌ද මහාරුක්‌ඛෝ, තස්‌ස යානි චේව මූලානි අධෝගමානි, යානි ච තිරියං‌ගමානි. සබ්‌බානි තානි උද්‌ධං ඕජං අභිහරන්‌ති. ඒවං ‌හි සෝ ආනන්‌ද මහාරුක්‌ඛෝ තදාහාරෝ තදුපාදානෝ චිරං දීඝමද්‌ධානං තිට්‌ඨෙය්‍ය. ඒවමේව ඛෝ ආනන්‌ද උපාදානීයේසු ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා පවඩ්‌ඪති. තණ්‌හාපච්‌චයා උපාදානං, උපාදානපච්‌චයා භවෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් ආනන්ද, මහා වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් ඒකෙ යටට බහින මුල් තියෙනවා නම්, හරස් අතට යන මුල් තියෙනවා නම්, ඒ සෑම මුලක්ම කරන්නේ උඩු අතට ඕජස් අදින එකයි. පින්වත් ආනන්ද, ඔය විදිහටයි ඒ මහා වෘක්ෂය ඒ ආහාරයෙන්, ඒ උපාදානයෙන් බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේ.

පින්වත් ආනන්ද, ඔන්න ඔය විදිහමයි. බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. බැඳීයාම හේතු කොට ගෙන භවය ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.

උපාදානීයේසු ආනන්‌ද ධම්මේසු ආදීනවානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා නිරුජ්‌ඣති. තණ්‌හානිරෝධා උපාදානනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝති.

පින්වත් ආනන්ද, බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.

සෙය්‍යථාපි ආනන්‌ද මහාරුක්‌ඛෝ, අථ පුරිසෝ ආගච්‌ඡෙය්‍ය කුද්‌දාලපිටකං ආදාය. සෝ තං රුක්‌ඛං මූලේ ඡින්‌දෙය්‍ය, මූලේ ඡෙත්‌වා පලිඛණෙය්‍ය, පලිඛණිත්‌වා මූලානි උද්‌ධරෙය්‍ය, අන්‌තමසෝ උසීරනාළමත්‌තානිපි. සෝ තං රුක්‌ඛං ඛණ්‌ඩාඛණ්‌ඩිකං ඡින්‌දෙය්‍ය, ඛණ්‌ඩාඛණ්‌ඩිකං ඡෙත්වා ඵාලෙය්‍ය, ඵාලෙත්‌වා සකලිකං සකලිකං කරෙය්‍ය, සකලිකං සකලිකං කරිත්‌වා වාතාතපේ විසෝසෙය්‍ය, වාතාතපේ විසෝසෙත්‌වා අග්‌ගිනා ඩහෙය්‍ය, අග්‌ගිනා ඩහෙත්‌වා මසිං කරෙය්‍ය, මසිං කරිත්‌වා මහාවාතේ වා ඕපුනෙය්‍ය, නදියා වා සීඝසෝතාය පවාහෙය්‍ය. ඒවං හි සෝ ආනන්‌ද මහාරුක්‌ඛෝ උච්‌ඡින්‌නමූලෝ අස්‌ස තාලාවත්‌ථුකතෝ අනභාවකතෝ ආයතිං අනුප්‌පාදධම්මෝ.

පින්වත් ආනන්ද, මහා වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් එතැනට උදැල්ලකුයි කූඩයකුයි අරගෙන එක මනුස්සයෙක් එනවා. ඒ පුද්ගලයා ඒ වෘක්ෂය මුලින්ම කපනවා. මුලින්ම කපලා ගහ වටේ යටට හාරනවා. ගහ වටේ යටට හාරලා අඩු ගණනේ සැවැන්දරා මුලක් තරම් වත් මුලක් ඉතුරු නොකොට හැම මුලක්ම උදුරනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ වෘක්ෂය කෑලි කෑලිවලට කපනවා. කෑලි කෑලිවලට කපල පලනවා. පලලා කොටස් කොටස් කරනවා. කොටස් කොටස් කරලා අව්වේ වේලනවා. අව්වේ වේලලා ගිනි තියනවා. ගිනි තියලා අළු බවට පත් කරනවා. අළු බවට පත් කරලා මහා සුළඟේ විසුරුවා හරිනවා. එහෙමත් නැත්නම් සැඩ දිය කඳ ඇති ගඟේ පා කොට හරිනවා. එතකොට පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ඒ මහා වෘක්ෂය මුලින්ම සිඳිලා යනවා. කරටිය කැඩිච්ච තල් ගසක් වගේ වෙලා යනවා. අභාවයට පත් වෙලා යනවා. ආයෙ කිසිදාක හට නොගන්නා ස්වභාවයට පත්වෙනවා.

ඒවමේව ඛෝ ආනන්‌ද උපාදානීයේසු ධම්මේසු ආදීනවානුපස්‌සිනෝ විහරතෝ තණ්‌හා නිරුජ්‌ඣති. තණ්‌හානිරෝධා උපාදානනිරෝධෝ, උපාදානනිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාතිනිරෝධෝ, ජාතිනිරෝධා ජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී’ති.

පින්වත් ආනන්ද, ඔන්න ඔය විදිහමයි. බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. බැඳීයාම නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා, මරණ, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම් නිරුද්ධ වෙනවා. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

නිදාන (පටිච්චසමුප්පාද) සූත්‍රය නිමා විය.

දුක්‌ඛවග්ගෝ ඡට්‌ඨෝ.

හයවෙනි දුක්ඛ වර්ගය අවසන් විය.

තත්‍රැද්‌දානං.

පරිවීමංසනුපාදානං ද්‌වේ ච සඤ්ඤෝජනානි ච,
මහාරුක්‌ඛේන ද්‌වේ වුත්‌තා තරුණේන ච සත්‌තමං,
නාමරූපඤ්‌ච විඤ්‌ඤාණං නිදානේන ච තේ දසාති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-6-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M