සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.6.8. නාමරූප සුත්තං

1.6.8. නාමරූප ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………….

සඤ්ඤෝජනීයේසු භික්ඛවේ ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ නාමරූපස්‌ස අවක්‌කන්‌ති හෝති. නාමරූපපච්‌චයා සළායතනං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට නාමරූපවල බැසගැනීම ඇතිවෙනවා. නාමරූප හේතු කොටගෙන ආයතන හය ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.

සෙය්‍යථාපි භික්ඛවේ මහාරුක්‌ඛෝ, තස්‌ස යානි චේව මූලානි අධෝගමානි, යානි ච තිරියංගමානි, සබ්‌බානි තානි උද්‌ධං ඕජං අභිහරන්‌ති. ඒවංහි සෝ භික්ඛවේ මහාරුක්‌ඛෝ තදාහාරෝ තදුපාදානෝ චිරං දීඝමද්‌ධානං තිට්‌ඨෙය්‍ය. ඒවමේව ඛෝ භික්ඛවේ සඤ්ඤෝජනීයේසු ධම්මේසු අස්‌සාදානුපස්‌සිනෝ විහරතෝ නාමරූපස්‌ස අවක්‌කන්‌ති හෝති. නාමරූප පච්චයා සළායතනං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

පින්වත් මහණෙනි, මහා වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් ඒකෙ යටට බහින මුල් තියෙනවා නම්, හරස් අතට යන මුල් තියෙනවා නම්, ඒ සෑම මුලක්ම කරන්නේ උඩු අතට ඕජස් අදින එකයි. පින්වත් මහණෙනි, ඔය විදිහටයි ඒ මහා වෘක්ෂය ඒ ආහාරයෙන්, ඒ උපාදානයෙන් බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේ.

පින්වත් මහණෙනි, ඔය විදිහමයි. බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට නාමරූපවල බැසගැනීම ඇතිවෙනවා. නාමරූප හේතු කොටගෙන ආයතන හය ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.

සඤ්ඤෝජනීයේසු භික්ඛවේ ධම්මේසු ආදීනවානුපස්‌සිනෝ විහරතෝ නාමරූපස්‌ස අවක්‌කන්‌ති න හෝති. නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝති.

පින්වත් මහණෙනි, බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට නාමරූපවල බැසගැනීම නැතිවෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. …(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.

සෙය්‍යථාපි භික්ඛවේ මහාරුක්‌ඛෝ, අථ පුරිසෝ ආගච්‌ඡෙය්‍ය කුද්‌දාලපිටකං ආදාය ….(පෙ)…. ආයතිං අනුප්‌පාදධම්මෝ.

පින්වත් මහණෙනි, මහා වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් එතැනට උදැල්ලකුයි කූඩයකුයි අරගෙන එක මනුස්සයෙක් එනවා. …(පෙ)…. ආයෙමත් කිසිදාක හට නොගන්නා ස්වභාවයට පත්වෙලා යනවා.

ඒවමේව ඛෝ භික්ඛවේ සඤ්ඤෝජනීයේසු ධම්මේසු ආදීනවානුපස්‌සිනෝ විහරතෝ නාමරූපස්‌ස අවක්‌කන්‌ති න හෝති. නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතීති.

පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. බන්ධනයන් ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට නාමරූපවල බැසගැනීම නැතිවෙනවා. නාමරූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.

සාදු! සාදු!! සාදු!!!

නාමරූප සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-6-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M