සැවැත් නුවරදී ………….
පින්වත් මහණෙනි, මහා වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් ඒකෙ යටට බහින මුල් තියෙනවා නම්, හරස් අතට යන මුල් තියෙනවා නම්, ඒ සෑම මුලක්ම කරන්නේ උඩු අතට ඕජස් අදින එකයි. පින්වත් මහණෙනි, ඔය විදිහටයි ඒ මහා වෘක්ෂය ඒ ආහාරයෙන්, ඒ උපාදානයෙන් බොහෝ දීර්ඝ කාලයක් පවතින්නේ.
පින්වත් මහණෙනි, ඔය විදිහමයි. බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආශ්වාදය අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි වැඩෙන්නේ. තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම හටගන්නවා.
පින්වත් මහණෙනි, මහා වෘක්ෂයක් තියෙනවා කියල හිතමු. ඉතින් එතැනට උදැල්ලකුයි කූඩයකුයි අරගෙන එක මනුස්සයෙක් එනවා. ඒ පුද්ගලයා ඒ වෘක්ෂය මුලින්ම කපනවා. මුලින්ම කපලා ගහ වටේ යටට හාරනවා. ගහ වටේ යටට හාරලා අඩු ගණනේ සැවැන්දරා මුලක් තරම් වත් මුලක් ඉතුරු නොකොට හැම මුලක්ම උදුරනවා. ….(පෙ)…. එහෙමත් නැතිනම් සැඩ දිය කඳ ඇති ගඟේ පා කොට හරිනවා. එතකොට පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට ඒ මහා වෘක්ෂය මුලින්ම සිඳිලා යනවා. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා යනවා. අභාවයට පත්වෙලා යනවා. ආයෙ කිසිදාක හටනොගන්නා ස්වභාවයට පත්වෙලා යනවා.
පින්වත් මහණෙනි, ඔය විදිහමයි. බැඳීයාම ඇතිවෙන දේවල් ගැන ආදීනව අනුව බල බලා සිටින කෙනෙකුට තණ්හාවයි නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
දුතිය මහා රුක්ඛ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-6-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M