සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.5.9. පඨම අරියසාවක සුත්තං

1.5.9. ආර්ය ශ්‍රාවකයා ගැන වදාළ පළමු දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

න භික්ඛවේ සුතවතෝ අරියසාවකස්‌ස ඒවං හෝති. කින්නු ඛෝ කිස්‌මිං සති කිං හෝති, කිස්‌සුප්‌පාදා කිං උප්‌පජ්‌ජති, කිස්‌මිං සති සංඛාරා හොන්‌ති, කිස්‌මිං සති විඤ්‌ඤාණං හෝති, කිස්‌මිං සති නාමරූපං හෝති, කිස්‌මිං සති සළායතනං හෝති, කිස්‌මිං සති ඵස්සෝ හෝති, කිස්‌මිං සති වේදනා හෝති, කිස්‌මිං සති තණ්‌හා හෝති, කිස්‌මිං සති උපාදානං හෝති, කිස්‌මිං සති භවෝ හෝති, කිස්‌මිං සති ජාති හෝති, කිස්‌මිං සති ජරාමරණං හෝතී’ති?

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට මෙහෙම හිතෙන්නේ නෑ.

ඒ කියන්නේ ‘ඇත්තෙන්ම කුමක් ඇති කල්හි කුමක් වෙයිද? කුමක් ඉපදීමෙන් කුමක් උපදීද? කුමක් ඇති කල්හිද සංස්කාර ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද විඤ්ඤාණය ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද නාමරූප ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද ආයතන හය ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද ස්පර්ශය ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද විඳීම ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද තණ්හාව ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද උපාදාන ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද භවය ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද ඉපදීම ඇතිවන්නේ? කුමක් ඇති කල්හිද ජරාමරණ ඇතිවන්නේ’ කියලා.

අථ ඛෝ භික්ඛවේ සුතවතෝ අරියසාවකස්‌ස අපරප්‌පච්‌චයා ඤාණමේවෙත්‌ථ හෝති. ඉමස්‌මිං සති ඉදං හෝති. ඉමස්‌සුප්‌පාදා ඉදං උප්‌පජ්‌ජති. අවිජ්‌ජාය සති සංඛාරා හොන්‌ති. සංඛාරේසු සති විඤ්‌ඤාණං හෝති. විඤ්‌ඤාණේ සති නාමරූපං හෝති ….(පෙ)…. ජාතියා සති ජරාමරණං හෝතීති. සෝ ඒවං පජානාති. ඒවං අයං ලෝකෝ සමුදයතී’ති.

නමුත් පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට මේ පිළිබඳව අනුන්ගේ උපකාරයකින් තොර වූ අවබෝධ ඤාණයක් තියෙනවා.

‘මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. අවිද්‍යාව තිබෙන විටයි සංස්කාර ඇතිවන්නේ. සංස්කාර තිබෙන විටයි විඤ්ඤාණය ඇතිවන්නේ. විඤ්ඤාණය තිබෙන විටයි නාමරූප ඇතිවන්නේ. ….(පෙ)…. ඉපදීම තිබෙන විටයි ජරා මරණ ඇතිවන්නේ. මෙන්න මෙහෙමයි මේ ලෝකය හටගන්නේ’ කියලා ඔහු ඔය විදිහට දැනගන්නවා.

න භික්ඛවේ සුතවතෝ අරියසාවකස්‌ස ඒවං හෝති. කිං නු ඛෝ කිස්‌මිං අසති කිං න හෝති, කිස්‌ස නිරෝධා කිං නිරුජ්‌ඣති, කිස්‌මිං අසති සංඛාරා න හොන්‌ති, කිස්‌මිං අසති විඤ්‌ඤාණං න හෝති, කිස්‌මිං අසති නාමරූපං න හෝති, කිස්‌මිං අසති සළායතනං න හෝති, කිස්‌මිං අසති ඵස්සෝ න හෝති, කිස්‌මිං අසති වේදනා න හෝති, කිස්‌මිං අසති තණ්‌හා න හෝති, කිස්‌මිං අසති උපාදානං න හෝති, කිස්‌මිං අසති භවෝ න හෝති, කිස්‌මිං අසති ජාති න හෝති, කිස්‌මිං අසති ජරාමරණං න හෝතී’ති.

පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට මෙහෙම හිතෙන්නේ නෑ. ඒ කියන්නේ, ‘ඇත්තෙන්ම කුමක් නැති කල්හි කුමක් නැති වෙයිද? කුමක නිරුද්ධ වීමෙන් කුමක් නිරුද්ධ වෙයිද? කුමක් නැති කල්හිද සංස්කාර නැතිවන්නේ? කුමක් නැති කල්හිද විඤ්ඤාණය නැතිවන්නේ? කුමක් නැති කල්හිද නාමරූප නැතිවන්නේ? කුමක් නැති කල්හිද ආයතන හය නැතිවන්නේ? කුමක් නැති කල්හිද ස්පර්ශය නැතිවන්නේ? කුමක් නැති කල්හිද විඳීම නැතිවන්නේ? කුමක් නැති කල්හිද තණ්හාව නැතිවන්නේ? කුමක් නැති කල්හිද උපාදාන නැතිවන්නේ? කුමක් නැති කල්හිද භවය නැතිවන්නේ? කුමක් නැති කල්හිද ඉපදීම නැතිවන්නේ? කුමක් නැති කල්හිද ජරාමරණ නැතිවන්නේ?’ කියලා.

අථ ඛෝ භික්ඛවේ සුතවතෝ අරියසාවකස්‌ස අපරප්‌පච්‌චයා ඤාණමේවෙත්‌ථ හෝති. ඉමස්‌මිං අසති ඉදං න හෝති. ඉමස්‌ස නිරෝධා ඉදං නිරුජ්‌ඣති. අවිජ්‌ජාය අසති සංඛාරා න හොන්‌ති. සංඛාරේසු අසති විඤ්‌ඤාණං න හෝති. විඤ්‌ඤාණේ අසති නාමරූපං න හෝති. නාමරූපේ අසති සළායතනං න හෝති ….(පෙ)…. ඵස්සෝ න හෝති. ….(පෙ)…. වේදනා න හෝති ….(පෙ)…. තණ්හා න හෝති ….(පෙ)…. උපාදානං න හෝති ….(පෙ)…. භවෝ න හෝති ….(පෙ)…. ජාති න හෝති. ජාතියා අසති ජරාමරණං න හෝතීති. සෝ ඒවං පජානාති. ඒවං අයං ලෝකෝ නිරුජ්‌ඣතීති.

නමුත් පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට මේ පිළිබඳව අනුන්ගේ උපකාරයකින් තොර වූ අවබෝධ ඤාණයක් තියෙනවා.

‘මෙය නැති කල්හි මෙය නැති වේ. මෙය නිරුද්ධ වීමෙන් තමයි මෙය නිරුද්ධ වන්නේ. අවිද්‍යාව නැති වෙන විටයි, සංස්කාර නැතිවන්නේ. සංස්කාර නැතිවන විටයි විඤ්ඤාණය නැතිවන්නේ. විඤ්ඤාණය නැතිවන විටයි නාමරූප නැතිවන්නේ. ….(පෙ)…. ඉපදීම නැතිවෙන විටයි ජරා මරණ නැතිවන්නේ. මෙන්න මෙහෙමයි මේ ලෝකය නිරුද්ධ වන්නේ’ කියලා ඔහු ඔය විදිහට දැනගන්නවා.

යතෝ ඛෝ භික්ඛවේ අරියසාවකෝ ඒවං ලෝකස්‌ස සමුදයඤ්‌ච අත්‌ථංගමඤ්‌ච යථාභූතං පජානාති. අයං වුච්‌චති භික්ඛවේ අරියසාවකෝ දිට්‌ඨිසම්පන්නෝ ඉතිපි ….(පෙ)…. අමතද්‌වාරං ආහච්‌ච තිට්‌ඨති ඉතිපීති.

පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා හට ඔය ආකාරයෙන් ලෝකයේ හටගැනීමත්, ලෝකයේ නැතිවීමත් යථාර්ථ වශයෙන්ම අවබෝධ වුණොත්, පින්වත් මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයාටයි සම්මා දිට්ඨියෙන් යුතු කෙනා කියන්නේ. ….(පෙ)…. අමා නිවන් දොරෙහි වැදි වැදී සිටින කෙනා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

පඨම අරියසාවක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M