සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.5.8. ලෝකායතික සුත්තං

1.5.8. ලෝකායතික බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

අථ ඛෝ ලෝකායතිකෝ බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. ….(පෙ)…. ඒකමන්තං නිසින්නෝ ඛෝ ලෝකායතිකෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච.

එදා ලෝකායතික බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතා බහේ යෙදුණා. පිළිසඳර කතා බහේ යෙදිලා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩි වුණ ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

කින්නු ඛෝ භෝ ගෝතම සබ්‌බමත්‌ථීති? සබ්‌බමත්‌ථීති ඛෝ බ්‍රාහ්‌මණ ජෙට්‌ඨමේතං ලෝකායතං.

“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම හැම දෙයක්ම තියෙනවාද?”

“පින්වත් බ්‍රාහ්මණය, හැම දෙයක්ම තියෙනවා යන මේ මතය ප්‍රධාන ලෝකායතයක්. (ලෝකයේ තිබෙන දෘෂ්ටියක්)”

කිං පන භෝ ගෝතම සබ්‌බං නත්‌ථීති? සබ්‌බං නත්‌ථීති ඛෝ බ්‍රාහ්‌මණ දුතියමේතං ලෝකායතං.

“එහෙම නම් භවත් ගෞතමයන් වහන්ස, හැමදේම නැද්ද?”

“පින්වත් බ්‍රාහ්මණය, සියල්ල නැත යන මේ මතය දෙවෙනි ලෝකායතයයි.”

කින්නු ඛෝ භෝ ගෝතම සබ්‌බමේකත්‌තන්‌ති? සබ්‌බමේකත්‌තන්‌ති ඛෝ බ්‍රාහ්‌මණ තතියමේතං ලෝකායතං.

“භවත් ගෞතමයන් වහන්ස, හැම දෙයක්ම එකම ස්වභාවයකට අයත්ද?”

“පින්වත් බ්‍රාහ්මණය, හැම දෙයක්ම එකම ස්වභාවයකට අයත් ය යන මේ මතය තුන්වෙනි ලෝකායතයයි.”

කිං පන භෝ ගෝතම සබ්‌බං පුථුත්‌තන්‌ති? සබ්‌බං පුථුත්‌තන්‌ති ඛෝ බ්‍රාහ්‌මණ චතුත්‌ථමේතං ලෝකායතං.

“භවත් ගෞතමයන් වහන්ස, හැම දෙයක්ම නා නා ස්වභාවයන්ට අයත්ද?”

“පින්වත් බ්‍රාහ්මණය, හැමදෙයක්ම නා නා ස්වභාවයන්ට අයත් ය යන මේ මතය හතර වෙනි ලෝකායතයයි.

ඒතේ තේ බ්‍රාහ්‌මණ උභෝ අන්තේ අනුපගම්‌ම මජ්‌ඣේන තථාගතෝ ධම්‌මං දේසේති. අවිජ්‌ජාපච්‌චයා සංඛාරා, සංඛාරපච්‌චයා විඤ්‌ඤාණං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති. අවිජ්‌ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ, සංඛාරනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී’ති.

පින්වත් බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණ මධ්‍යම මාර්ගයෙනුයි දහම් දෙසෙන්නේ. අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇති වෙනවා. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. ඒ අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.

ඒවං වුත්‌තේ ලෝකායතිකෝ බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම ….(පෙ)…. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්‌ජතග්‌ගේ පාණුපේතං සරණං ගතන්‌ති.

ඔහොම වදාළ විට ලෝකායතික බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතාමත්ම සුන්දරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා ගැන දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වශයෙන් පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

ලෝකායතික සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M