සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.5.7. ජාණුස්සෝණි සුත්තං

1.5.7. ජාණුස්සෝණි බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

සාවත්‌ථියං…

සැවැත් නුවරදී ……………….

අථ ඛෝ ජාණුස්‌සෝණි බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්‌ධිං සම්මෝදි. ….(පෙ)…. ඒකමන්තං නිසින්නෝ ඛෝ ජාණුස්‌සෝණි බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච.

එදා ජාණුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතා බහේ යෙදුණා. පිළිසඳර කතා බහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.

කින්නු ඛෝ භෝ ගෝතම සබ්‌බමත්ථීති? සබ්‌බමත්‌ථීති ඛෝ බ්‍රාහ්‌මණ අයමේකෝ අන්‌තෝ.

“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම හැම දෙයක්ම තියෙනවද?”

“පින්වත් බ්‍රාහ්මණය, හැම දෙයක්ම තියෙනවා යන මේ මතය එක අන්තයක්.”

කිං පන භෝ ගෝතම සබ්‌බං නත්ථී ති? සබ්‌බං නත්‌ථීති ඛෝ බ්‍රාහ්‌මණ අයං දුතියෝ අන්‌තෝ. ඒතේ තේ බ්‍රාහ්‌මණ උභෝ අන්තේ අනුපගම්‌ම මජ්ඣේන තථාගතෝ ධම්‌මං දේසේති. අවිජ්‌ජාපච්‌චයා සංඛාරා. සංඛාරපච්‌චයා විඤ්‌ඤාණං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති. අවිජ්‌ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ. සංඛාරනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී’ති.

“එහෙම නම් භවත් ගෞතමයන් වහන්ස, හැම දෙයක්ම නැද්ද?”

“පින්වත් බ්‍රාහ්මණය, සියල්ල නැත යන මේ මතය දෙවෙනි අන්තයයි.

පින්වත් බ්‍රාහ්මණය, තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණ මධ්‍යම මාර්ගයෙනුයි දහම් දෙසෙන්නේ. අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇති වෙනවා. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. ….(පෙ)…. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. ඒ අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.

ඒවං වුත්‌තේ ජාණුස්‌සෝණි බ්‍රාහ්මණෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම ….(පෙ)…. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්‌ජතග්‌ගේ පාණුපේතං සරණං ගතන්‌ති.

ඔහොම වදාළ විට ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පැවසුවා. “භවත් ගෞතමයන් වහන්ස, ඉතාමත්ම සුන්දරයි! …. (පෙ) …. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් මා ගැන දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වශයෙන් පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

ජාණුස්සෝණි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-5-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M