සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.5.2. දුතිය පඤ්ච භයවේර සුත්තං

1.5.2. පස් ආකාර බිය හා වෛර ගැන වදාළ දෙවෙනි දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………..

අථ ඛෝ සම්බහුලා භික්ඛූ යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නේ ඛෝ තේ භික්ඛූ භගවා ඒතදවෝච.

එදා බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ආවා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.

යතෝ ච ඛෝ භික්ඛවේ අරියසාවකස්‌ස පඤ්‌ච භයානි වේරානි වූපසන්‌තානි හොන්‌ති, චතූහි ච සෝතාපත්‌තියං‌ගේහි සමන්නාගතෝ හෝති, අරියෝ චස්‌ස ඤායෝ පඤ්‌ඤාය සුදිට්ඨෝ හෝති සුප්‌පටිවිද්‌ධෝ, සෝ ආකංඛමානෝ අත්‌තනාව අත්‌තානං බ්‍යාකරෙය්‍ය. ඛීණනිරයොම්‌හි ….(පෙ)…. අවිනිපාතධම්මෝ නියතෝ සම්‌බෝධිපරායනෝ’ති.

පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා හට පස් ආකාර බිය හා වෛරයන් සංසිඳී ගියොත්, සෝතාපත්ති අංග හතරෙන් යුක්ත වුණොත්, ඒ වගේම ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ වෙලා, ඉතා හොඳින් අවබෝධ වෙලා තිබුණොත්, ඔහුට කැමති නම් තමන් විසින්ම තමන් ගැන ප්‍රකාශ කරන්න පුළුවනි, ‘මම නම් නිරය ක්ෂය වෙලා ගිය කෙනෙක්. තිරිසන් යෝනිය ක්ෂය වෙලා ගිය කෙනෙක්. ප්‍රේත ලෝකය ක්ෂය වෙලා ගිය කෙනෙක්. අපාය නම් වූ දුගතියට වැටෙන ස්වභාවය ක්ෂය වෙලා ගිය කෙනෙක්. මම සෝතාපන්න කෙනෙක්. අපායට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. නියත වශයෙන්ම ආර්ය සත්‍යාවබෝධයට පිහිටක් ඇති කර ගත් කෙනෙක්’ය කියලා.

කතමානි පඤ්‌ච භයානි වේරානි වූපසන්‌තානි හොන්‌ති? යං භික්ඛවේ පාණාතිපාතී ….(පෙ)…. භයං වේරං පසවති. ….(පෙ)…. අදින්‌නාදායී ….(පෙ)…. කාමේසුමිච්‌ඡාචාරී ….(පෙ)…. මුසාවාදී ….(පෙ)…. යං භික්ඛවේ සුරාමේරයමජ්‌ජපමාදට්‌ඨායී ….(පෙ)…. භයං වේරං පසවති. ….(පෙ)…. දුක්ඛං දෝමනස්සං වේදයති, සුරාමේරයමජ්‌ජපමාදට්‌ඨානා පටිවිරතස්‌ස ඒවං තං භයං වේරං වූපසන්‌තං හෝති. ඉමානි පඤ්‌ච භයානි වේරානි වූපසන්‌තානි හොන්‌ති.

සංසිඳී යන පස් ආකාර වූ භය වෛරයන් මොනවාද? පින්වත් මහණෙනි, සතුන් මරණ කෙනා ….(පෙ)…. මෙලොවදීම යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, සොරකම් කරන කෙනා ….(පෙ)…. යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, වැරදි කාම සේවනයේ යෙදෙන කෙනා ….(පෙ)…. යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, බොරු කියන කෙනා ….(පෙ)…. යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, පින්වත් මහණෙනි, මත් වීමටත්, ප්‍රමාද වීමටත් හේතුවන සුරාව හා මත් ද්‍රව්‍ය පානය කරන කෙනා මත් වීමටත්, ප්‍රමාද වීමටත් හේතුවන සුරාව හා මත් ද්‍රව්‍ය පානය කිරීම හේතු කරගෙන මෙලොවදීම යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, පරලොවදිත් යම් භයක්, වෛරයක් රැස් කරගන්නවා නම්, මානසිකවත් යම් දුකක්, දොම්නසක් විඳිනවා නම් මෙබඳු වූ ඒ භයත්, වෛරයත් මත් වීමටත්, ප්‍රමාද වීමටත් හේතුවන සුරාව හා මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වෙන් වුණ කෙනෙකුට සංසිඳී යනවා. මෙන්න මේ භය, වෛරයන් පහ තමයි සංසිඳී යන්නේ.

කතමේහි චතූහි සෝතාපත්‌තියං‌ගේහි සමන්නාගතෝ හෝති? ඉධ භික්ඛවේ අරියසාවකෝ බුද්‌ධේ අවෙච්‌චප්‌පසාදේන සමන්නාගතෝ හෝති. ….(පෙ)…. ධම්මේ ….(පෙ)…. සං‌ඝේ අවෙච්‌චප්‌පසාදේන සමන්නාගතෝ හෝති ….(පෙ)…. අරියකන්‌තේහි සීලේහි සමන්නාගතෝ හෝති. ….(පෙ)…. ඉමේහි චතූහි සෝතාපත්‌තියං‌ගේහි සමන්නාගතෝ හෝති.

කොයි ආකාර වූ සෝතාපත්ති අංග හතරකින්ද යුක්ත වුණේ?

පින්වත් මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා ‘ඒ භාග්‍යවතුන් වහ්නසේ මේ මේ කරුණු නිසා අරහං වන සේක! ….(පෙ)…. කියල බුදු සමිඳාණන් ගැන අවබෝධාත්මක පැහැදීමකිනුයි යුක්තව සිටින්නේ. මේ ධර්මය නම් භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාළ දෙයක්! ….(පෙ)…. කියල ශ්‍රී සද්ධර්මය ගැනත් අවබෝධාත්මක පැහැදීමකිනුයි යුක්තව සිටින්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන රාග, ද්වේෂ, මෝහ නසාලන පිළිවෙතට බැසගත් සේක! ….(පෙ)…. කියල ශ්‍රාවක සඟරුවන ගැනත් අවබෝධාත්මක පැහැදීමකිනුයි යුක්තව සිටින්නේ. ඒ වගේම කැඩිලා නැති, ….(පෙ)…. ආර්යකාන්ත සීලයෙනුත් යුක්ත වෙලයි ඉන්නේ. ඔන්න ඔය සෝතාපත්ති අංග හතරෙන් තමයි යුක්ත වෙලා ඉන්නේ.

කතමෝ චස්‌ස අරියෝ ඤායෝ පඤ්‌ඤාය සුදිට්ඨෝ හෝති සුප්‌පටිවිද්‌ධෝ? ඉධ භික්ඛවේ අරියසාවකෝ පටිච්‌චසමුප්‌පාදඤ්‌ඤේව සාධුකං යෝනිසෝ මනසිකරොති ….(පෙ)…. අයමස්‌ස අරියෝ ඤායෝ පඤ්‌ඤාය සුදිට්ඨෝ හෝති සුප්‌පටිවිද්‌ධෝ.

ඔහු තුළ කොයි ආකාරයේ ආර්ය න්‍යායක්ද අවබෝධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් අවබෝධ වෙලා තියෙන්නේ?

පින්වත් මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා පටිච්චසමුප්පාදය ම යි ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරන්නේ. ….(පෙ)…. මෙන්න මේ ආර්ය න්‍යාය ඔහු තුළ අවබෝධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් අවබෝධ වෙලා තියෙන්නේ.

යතෝ ච ඛෝ භික්ඛවේ අරියසාවකස්‌ස ඉමානි පඤ්‌ච භයානි වේරානි වූපසන්‌තානි හොන්‌ති, ඉමේහි ච චතූහි සෝතාපත්‌තියං‌ගේහි සමන්නාගතෝ හෝති, අයමස්‌ස අරියෝ ඤායෝ පඤ්‌ඤාය සුදිට්ඨෝ හෝති සුප්‌පටිවිද්‌ධෝ, සෝ ආකංඛමානෝ අත්‌තනාව අත්‌තානං බ්‍යාකරෙය්‍ය. ඛීණනිරයොම්‌හි ඛීණතිරච්‌ඡානයෝනියෝ ඛීණපෙත්‌තිවිසයෝ ඛීණාපායදුග්‌ගතිවිනිපාතෝ, සෝතාපන්‌නෝහමස්‌මි අවිනිපාතධම්මෝ නියතෝ සම්‌බොධිපරායනෝ’ති.

පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයා හට මෙන්න මේ පස් ආකාර බිය හා වෛරයන් සංසිඳී ගියොත්, මේ සෝතාපත්ති අංග හතරෙන් යුක්ත වුණොත්, ඒ වගේම මේ ආර්ය න්‍යායත් ප්‍රඥාවෙන් අවබෝධ වෙලා, ඉතා හොඳින් අවබෝධ වෙලා තිබුණොත්, ඔහුට කැමති නම් තමන් විසින්ම තමන් ගැන ප්‍රකාශ කරන්න පුළුවනි, ‘මම නම් නිරය ක්ෂය වෙලා ගිය කෙනෙක්. තිරිසන් යෝනිය ක්ෂය වෙලා ගිය කෙනෙක්. ප්‍රේත ලෝකය ක්ෂය වෙලා ගිය කෙනෙක්. අපාය නම් වූ දුගතියට වැටෙන ස්වභාවය ක්ෂය වෙලා ගිය කෙනෙක්. මම සෝතාපන්න කෙනෙක්. අපායට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. නියත වශයෙන්ම ආර්ය සත්‍යාවබෝධයට පිහිටක් ඇති කර ගත් කෙනෙක්’ය කියලා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය පඤ්ච භයවේර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M