36. සැවැත් නුවරදී ……………….
පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇතිවේ. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇති වේ. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසේ හටගැනීම සිදු වේ.
පින්වත් මහණෙනි, යමෙක් මෙහෙම කියනවා. ‘ජරා මරණ කියන්නේ මොනවාද? මේ ජරා මරණ කාගෙද?’ පින්වත් මහණෙනි, තව කෙනෙක් මෙහෙම කියනවා, ‘ජරා මරණ කියන්නේ වෙන දෙයක්. මේ ජරා මරණ වෙන කෙනෙකුගේ දෙයක්’ කියලා. කියන ක්‍රමය වෙනස් වුණාට ඔය දෙකේම අර්ථය එකයි.
පින්වත් මහණෙනි, ‘එයමයි ජීවය, එයමයි ශරීරය’ කියන දෘෂ්ටිය තිබුණොත් නම් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. ඒ වගේම පින්වත් මහණෙනි, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියන දෘෂ්ටිය තිබුණොත් එතකොටත් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණ මධ්‍යම මාර්ගයෙනුයි දහම් දෙසන්නේ. ‘ඉපදීම හේතු කොට ගෙන ජරා මරණ ඇතිවෙනවා’ කියලා.
ඉපදීම කියන්නේ මොකක්ද? ….(පෙ)…. භවය කියන්නේ මොකක්ද? ….(පෙ)…. උපාදාන කියන්නේ මොකක්ද? ….(පෙ)…. තණ්හාව කියන්නේ මොකක්ද? ….(පෙ)…. විඳීම කියන්නේ මොකක්ද? ….(පෙ)…. ස්පර්ශය කියන්නේ මොකක්ද? ….(පෙ)…. ආයතන හය කියන්නේ මොකක්ද? ….(පෙ)…. නාමරූප කියන්නේ මොකක්ද? ….(පෙ)…. විඤ්ඤාණය කියන්නේ මොකක්ද? ….(පෙ)….
පින්වත් මහණෙනි, යමෙක් මෙහෙම කියනවා. ‘සංස්කාර කියන්නේ මොනවාද? මේ සංස්කාර කාගෙද?’ පින්වත් මහණෙනි, තව කෙනෙක් මෙහෙම කියනවා, ‘සංස්කාර කියන්නේ වෙන දෙයක්. මේ සංස්කාර වෙන කෙනෙකුගේ දෙයක්’ කියලා. කියන ක්‍රමය වෙනස් වුණාට ඔය දෙකේම අර්ථය එකයි.
පින්වත් මහණෙනි, ‘එයමයි ජීවය, එයමයි ශරීරය’ කියන දෘෂ්ටිය තිබුණොත් නම් මේ නිවන්- මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. ඒ වගේම පින්වත් මහණෙනි, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියන දෘෂ්ටිය තිබුණොත් එතකොටත් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණ මධ්‍යම මාර්ගයෙනුයි දහම් දෙසන්නේ. ‘අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇතිවෙනවා’ කියලා.
පින්වත් මහණෙනි, ඒ අවිද්‍යාව සහමුලින්ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් යම්කිසි යවුල් වැනි දෘෂ්ටි ඇත්නම්, පටලැවෙන මතවාද ඇත්නම්, කම්පා වන මතවාද ඇත්නම්, ඔය එක එක දේවල්, ඒ කියන්නේ ‘ජරා මරණ කියන්නේ මොනවද? මේ ජරා මරණ කාගෙද?’ කියල හරි, ‘ජරා මරණ වෙන දෙයක්. ජරා මරණ වෙන කෙනෙකුගේ දෙයක්’ කියල හරි, ‘එයයි ජීවය. එයයි ශරීරය’ කියල හරි, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියල හරි මතවාද ඇත්නම්, ඒ හැම දෙයක්ම ඔහුට ප්‍රහාණය වෙලා යනවා. මුලින්ම සිඳිලා යනවා. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා යනවා. අභාවයට පත්වෙලා යනවා. ආයෙ කවදාවත්ම හට නොගන්නා ස්වභාවයට පත්වෙලා යනවා.
පින්වත් මහණෙනි, ඒ අවිද්‍යාව සහමුලින්ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් යම්කිසි යවුල් වැනි දෘෂ්ටි ඇත්නම්, පටලැවෙන මතවාද ඇත්නම්, කම්පා වන මතවාද ඇත්නම්, ඔය එක එක දේවල්, ඒ කියන්නේ ‘ඉපදීම කියන්නේ මොකක්ද? ….(පෙ)…. භවය කියන්නේ මොකක්ද? ….(පෙ)…. උපාදාන කියන්නේ මොකක්ද? ….(පෙ)…. තණ්හාව කියන්නේ මොකක්ද? ….(පෙ)…. විඳීම කියන්නේ මොකක්ද? ….(පෙ)…. ස්පර්ශය කියන්නේ මොකක්ද? ….(පෙ)…. ආයතන හය කියන්නේ මොකක්ද? ….(පෙ)…. නාමරූප කියන්නේ මොකක්ද? ….(පෙ)…. විඤ්ඤාණය කියන්නේ මොකක්ද? ….(පෙ)….
පින්වත් මහණෙනි, ඒ අවිද්‍යාව සහමුලින්ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් යම්කිසි යවුල් වැනි දෘෂ්ටි ඇත්නම්, පටලැවෙන මතවාද ඇත්නම්, කම්පා වන මතවාද ඇත්නම්, ඔය එක එක දේවල්, ඒ කියන්නේ ‘සංස්කාර කියන්නේ මොනවාද? මේ සංස්කාර කාගෙද? කියලා හරි, ‘සංස්කාර වෙන දෙයක්. සංස්කාර වෙන කෙනෙකුගේ දෙයක්’ කියල හරි, ‘එයයි ජීවය. එයයි ශරීරය’ කියල හරි, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියල හරි මතවාද ඇත්නම්, ඒ හැම දෙයක්ම ඔහුට ප්‍රහාණය වෙලා යනවා. මුලින්ම සිඳිලා යනවා. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා යනවා. අභාවයට පත්වෙලා යනවා. ආයෙ කවදාවත්ම හට නොගන්නා ස්වභාවයට පත්වෙලා යනවා.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අවිජ්ජාදී පච්චය දේසනා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M