සැවැත් නුවරදී …………………
පින්වත් මහණෙනි, මේ කය ඔබගේ නොවේ. වෙන කෙනෙකුගේත් නොවේ. පින්වත් මහණෙනි, මේක පැරණි කර්මයක්. විශේෂයෙන් සකස් වුණ දෙයක්. චේතනාව මුල් කොට සකස් වුණ දෙයක්. විඳීමෙන්ම දැන ගත යුතු දෙයක්.
ඔය ගැන පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා කරන්නේ පටිච්චසමුප්පාදයම මනා කොට සිහි කිරීම මයි. ඔය විදිහට මෙය තිබුණොත් තමයි මෙය ඇතිවෙන්නේ. මෙය ඉපදීමෙන් තමයි මෙය උපදින්නේ. මෙය නැති වුණොත් මෙය නැතිවෙලා යනවා. මෙය නිරුද්ධ වෙන කොට මෙය නිරුද්ධ වෙලා යනවා.
ඒ කියන්නේ අවිද්‍යාව හේතු කොට ගන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කොට ගෙන විඤ්ාඤණය ඇතිවෙනවා …. (පෙ) …. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. ඒ අවිද්‍යාවම සහමුළින්ම නොඇල්මෙන් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා …. (පෙ) …. ඔය ආකාරයටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.
සාදු! සාදු!! සාදු!!!
න තුම්හ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M