සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.4.5. අවිජ්ජාදී පච්චය දේසනා සුත්තං

1.4.5. අවිද්‍යා ආදී හේතු ධර්මයන් ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………………

අවිජ්‌ජාපච්‌චයා භික්ඛවේ සංඛාරා, සංඛාරපච්‌චයා විඤ්‌ඤාණං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝතීති.

“පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇතිවේ. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇති වේ. ….(පෙ)…. ඔය ආකාරයට මේ මුළු මහත් දුක් රැසේ හටගැනීම සිදුවේ.”

ඒවං වුත්‌තේ අඤ්ඤතරෝ භික්‌ඛු, භගවන්‌තං ඒතදවෝච. කතමං නු ඛෝ භන්තේ, ජරාමරණං? කස්‌ස ච පනිදං ජරාමරණන්‌ති? නෝ කල්ලෝ පඤ්‌හෝති භගවා අවෝච. කතමං ජරාමරණං? කස්‌ස ච පනිදං ජරාමරණන්‌ති? ඉති වා භික්‌ඛු යෝ වදෙය්‍ය, අඤ්‌ඤං ජරාමරණං අඤ්‌ඤස්‌ස ච පනිදං ජරාමරණන්‌ති ඉති වා භික්‌ඛු යෝ වදෙය්‍ය, උභයමේතං ඒකත්‌ථං. බ්‍යඤ්‌ජනමේව නානං.

ඔය විදිහට පවසා වදාළ වෙලාවේ එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇසුවා.

“ස්වාමීනී, ජරා මරණ කියන්නේ මොනවාද? මේ ජරා මරණ කාගේද?”

“ඕක අදාළ නැති ප්‍රශ්නයක්” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා. “පින්වත් භික්ෂුව, යමෙක් මෙහෙම කියනවා. ‘ජරා මරණ කියන්නේ මොනවාද? මේ ජරා මරණ කාගෙද?’ පින්වත් භික්ෂුව, තව කෙනෙක් මෙහෙම කියනවා, ‘ජරා මරණ කියන්නේ වෙන දෙයක්. මේ ජරා මරණ වෙන කෙනෙකුගේ දෙයක්’ කියලා. කියන ක්‍රමය වෙනස් වුණාට ඔය දෙකේම අර්ථය එකයි.

තං ජීවං, තං සරීරන්‌ති වා භික්‌ඛු දිට්‌ඨියා සති බ්‍රහ්‌මචරියවාසෝ න හෝති. අඤ්‌ඤං ජීවං, අඤ්‌ඤං සරීරන්‌ති වා භික්‌ඛු දිට්‌ඨියා සති බ්‍රහ්‌මචරියවාසෝ න හෝති. ඒතේ තේ භික්‌ඛු උභෝ අන්තේ අනුපගම්‌ම මජ්‌ඣේන තථාගතෝ ධම්‌මං දේසේති ජාතිපච්‌චයා ජරාමරණන්‌ති.

පින්වත් භික්ෂුව, ‘එයමයි ජීවය, එයමයි ශරීරය’ කියන දෘෂ්ටිය තිබුණොත් නම් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. ඒ වගේම පින්වත් භික්ෂුව, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියන දෘෂ්ටිය තිබුණොත් එතකොටත් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. පින්වත් භික්ෂුව, තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණ මධ්‍යම මාර්ගයෙනුයි දහම් දෙසන්නේ. ‘ඉපදීම හේතු කොට ගෙන ජරා මරණ ඇතිවෙනවා’ කියලා.

කතමා නු ඛෝ භන්තේ, ජාති? කස්‌ස ච පනායං ජාතී ති? නෝ කල්ලෝ පඤ්‌හෝ ති භගවා අවෝච. කතමා ජාති? කස්‌ස ච පනායං ජාතීති? ඉති වා භික්‌ඛු යෝ වදෙය්‍ය, අඤ්‌ඤා ජාති, අඤ්‌ඤස්‌ස ච පනායං ජාතීති ඉති වා භික්‌ඛු යෝ වදෙය්‍ය, උභයමේතං ඒකත්‌ථං, බ්‍යඤ්‌ජනමේව නානං.

“ස්වාමීනී, ඉපදීම කියන්නේ මොනවාද? මේ ඉපදීම කාගෙද?”

“ඕක අදාළ නැති ප්‍රශ්නයක්” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා. “පින්වත් භික්ෂුව, යමෙක් මෙහෙම කියනවා. ‘ඉපදීම කියන්නේ මොනවාද? මේ ඉපදීම කාගෙද?’ පින්වත් භික්ෂුව, තව කෙනෙක් මෙහෙම කියනවා, ‘ඉපදීම කියන්නේ වෙන දෙයක්. මේ ඉපදීම වෙන කෙනෙකුගේ දෙයක්’ කියලා. කියන ක්‍රමය වෙනස් වුණාට ඔය දෙකේම අර්ථය එකයි.

තං ජීවං, තං සරීරන්‌ති වා භික්‌ඛු දිට්‌ඨියා සති බ්‍රහ්‌මචරියවාසෝ න හෝති. අඤ්‌ඤං ජීවං, අඤ්‌ඤං සරීරන්‌ති වා භික්‌ඛු දිට්‌ඨියා සති බ්‍රහ්‌මචරියවාසෝ න හෝති. ඒතේ තේ භික්‌ඛු උභෝ අන්තේ අනුපගම්‌ම මජ්‌ඣේන තථාගතෝ ධම්‌මං දේසේති භවපච්‌චයා ජාතී’ති.

පින්වත් භික්ෂුව, ‘එයමයි ජීවය, එයමයි ශරීරය’ කියන දෘෂ්ටිය තිබුණොත් නම් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. ඒ වගේම පින්වත් භික්ෂුව, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියන දෘෂ්ටිය තිබුණොත් එතකොටත් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. පින්වත් භික්ෂුව, තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණ මධ්‍යම මාර්ගයෙනුයි දහම් දෙසන්නේ. ‘භවය හේතු කොට ගෙන ඉපදීම ඇතිවෙනවා’ කියලා.

කතමෝ නු ඛෝ භන්තේ, භවෝ? කස්‌ස ච පනායං භවෝ ති? නෝ කල්ලෝ පඤ්‌හෝ ති භගවා අවෝච. කතමෝ භවෝ, කස්‌ස ච පනායං භවෝති ඉති වා භික්‌ඛු යෝ වදෙය්‍ය? අඤ්‌ඤස්ස භවෝ අඤ්‌ඤෝ පනායං භවෝති ඉති වා භික්‌ඛු යෝ වදෙය්‍ය, උභයමේතං ඒකත්‌ථං, බ්‍යඤ්‌ජනමේව නානං.

“ස්වාමීනී, භවය කියන්නේ මොකක්ද? මේ භවය කාගෙද?”

“ඕක අදාළ නැති ප්‍රශ්නයක්” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා. “පින්වත් භික්ෂුව, යමෙක් මෙහෙම කියනවා. ‘භවය කියන්නේ මෙකක්ද? මේ භවය කාගෙද?’ පින්වත් භික්ෂුව, තව කෙනෙක් මෙහෙම කියනවා, ‘භවය කියන්නේ වෙන දෙයක්. මේ භවය වෙන කෙනෙකුගේ දෙයක්’ කියලා. කියන ක්‍රමය වෙනස් වුණාට ඔය දෙකේම අර්ථය එකයි.

තං ජීවං තං සරීරන්‌ති වා භික්‌ඛු දිට්‌ඨියා සති බ්‍රහ්‌මචරියවාසෝ න හෝති. අඤ්‌ඤං ජීවං අඤ්‌ඤං සරීරන්‌ති වා භික්‌ඛු දිට්‌ඨියා සති බ්‍රහ්‌මචරියවාසෝ න හෝති. ඒතේ තේ භික්‌ඛු උභෝ අන්තේ අනුපගම්‌ම මජ්‌ඣේන තථාගතෝ ධම්‌මං දේසේති. උපාදානපච්‌චයා භවෝති ….(පෙ)…. තණ්‌හාපච්‌චයා උපාදානන්‌ති ….(පෙ)…. වේදනාපච්‌චයා තණ්‌හාති ….(පෙ)…. ඵස්‌සපච්‌චයා වේදනාති ….(පෙ)…. සළායතනපච්‌චයා ඵස්සෝති ….(පෙ)…. නාමරූපපච්‌චයා සළායතනන්‌ති ….(පෙ)…. විඤ්‌ඤාණපච්‌චයා නාමරූපන්‌ති ….(පෙ)…. සංඛාරපච්‌චයා විඤ්‌ඤාණන්‌ති.

පින්වත් භික්ෂුව, ‘එයමයි ජීවය, එයමයි ශරීරය’ කියන දෘෂ්ටිය තිබුණොත් නම් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. ඒ වගේම පින්වත් භික්ෂුව, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියන දෘෂ්ටිය තිබුණොත් එතකොටත් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. පින්වත් භික්ෂුව, තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණ මධ්‍යම මාර්ගයෙනුයි දහම් දෙසන්නේ. උපාදාන හේතු කොට ගෙන භවය ඇතිවෙනවා කියලා. ….(පෙ)…. තණ්හාව හේතු කොට ගෙන උපාදාන ඇතිවෙනවා කියලා. ….(පෙ)…. විඳීම හේතු කොට ගෙන තණ්හාව ඇතිවෙනවා කියලා ….(පෙ)…. ස්පර්ශය හේතු කොට ගෙන විඳීම ඇතිවෙනවා කියලා ….(පෙ)…. ආයතන හය හේතු කොට ගෙන ස්පර්ශය ඇතිවෙනවා කියලා ….(පෙ)…. නාමරූප හේතු කොට ගෙන ආයතන හය ඇතිවෙනවා කියලා ….(පෙ)…. විඤ්ඤාණය හේතු කොට ගෙන නාමරූප ඇතිවෙනවා කියලා ….(පෙ)…. සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය ඇතිවෙනවා කියලා ….(පෙ)….

කතමේ නු ඛෝ භන්තේ, සංඛාරා? කස්‌ස ච පනිමේ සංඛාරා ති? නෝ කල්ලෝ පඤ්‌හෝ ති භගවා අවෝච. කතමේ සංඛාරා, කස්‌ස ච පනිමේ සංඛාරාති ඉති වා භික්‌ඛු වදෙය්‍ය, අඤ්‌ඤේ සංඛාරා අඤ්‌ඤස්‌ස ච පනිමේ සංඛාරාති ඉති වා භික්‌ඛු යෝ වදෙය්‍ය. උභයමේතං ඒකත්‌ථං, බ්‍යඤ්‌ජනමේව නානං.

“ස්වාමීනී, සංස්කාර කියන්නේ මොනවාද? මේ සංස්කාර කාගෙද?”

“ඕක අදාළ නැති ප්‍රශ්නයක්” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා. “පින්වත් භික්ෂුව, යමෙක් මෙහෙම කියනවා. ‘සංස්කාර කියන්නේ මොනවාද? මේ සංස්කාර කාගෙද?’ පින්වත් භික්ෂුව, තව කෙනෙක් මෙහෙම කියනවා, ‘සංස්කාර කියන්නේ වෙන දෙයක්. මේ සංස්කාර වෙන කෙනෙකුගේ දෙයක්’ කියලා. කියන ක්‍රමය වෙනස් වුණාට ඔය දෙකේම අර්ථය එකයි.

තං ජීවං තං සරීරන්‌ති වා භික්‌ඛු දිට්‌ඨියා සති බ්‍රහ්‌මචරියවාසෝ න හෝති. අඤ්‌ඤං ජීවං අඤ්‌ඤං සරීරන්‌ති වා භික්‌ඛු දිට්‌ඨියා සති බ්‍රහ්‌මචරියවාසෝ න හෝති. ඒතේ තේ භික්‌ඛු උභෝ අන්තේ අනුපගම්‌ම මජ්‌ඣේන තථාගතෝ ධම්‌මං දේසේති. අවිජ්‌ජාපච්‌චයා සංඛාරාති.

පින්වත් භික්ෂුව, ‘එයමයි ජීවය, එයමයි ශරීරය’ කියන දෘෂ්ටිය තිබුණොත් නම් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. ඒ වගේම පින්වත් භික්ෂුව, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියන දෘෂ්ටිය තිබුණොත් එතකොටත් මේ නිවන් මගේ ප්‍රතිඵල ලබන්නට බෑ. පින්වත් භික්ෂුව, තථාගතයන් වහන්සේ ඔය අන්ත දෙකට නොපැමිණ මධ්‍යම මාර්ගයෙනුයි දහම් දෙසන්නේ. ‘අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇතිවෙනවා’ කියලා.

අවිජ්‌ජායත්වේව භික්‌ඛු, අසේසවිරාගනිරෝධා යානිස්‌ස තානි විසූකායිතානි විසේවිතානි විප්‌ඵන්‌දිතානි කානිචි කානිචි කතමං ච ජරාමරණං? කස්‌ස ච පනිදං ජරාමරණං? ඉති වා, අඤ්‌ඤං ජරාමරණං, අඤ්‌ඤස්‌ස ච පනිදං ජරාමරණං ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ්‌ඤං ජීවං අඤ්‌ඤං සරීරං ඉති වා, සබ්‌බානිස්‌ස තානි පහීනානි භවන්‌ති උච්‌ඡින්‌නමූලානි තාලාවත්‌ථුකතානි අනභාවකතානි ආයතිං අනුප්‌පාදධම්‌මානි.

පින්වත් භික්ෂුව, ඒ අවිද්‍යාව සහමුලින්ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් යම්කිසි යවුල් වැනි දෘෂ්ටි ඇත්නම්, පටලැවෙන මතවාද ඇත්නම්, කම්පා වන මතවාද ඇත්නම්, ඔය එක එක දේවල්, ඒ කියන්නේ ‘ජරා මරණ කියන්නේ මොනවද? මේ ජරා මරණ කාගෙද?’ කියල හරි, ‘ජරා මරණ වෙන දෙයක්. ජරා මරණ වෙන කෙනෙකුගේ දෙයක්’ කියල හරි, ‘එයයි ජීවය. එයයි ශරීරය’ කියල හරි, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියල හරි මතවාද ඇත්නම්, ඒ හැම දෙයක්ම ඔහුට ප්‍රහාණය වෙලා යනවා. මුලින්ම සිඳිලා යනවා. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා යනවා. අභාවයට පත්වෙලා යනවා. ආයෙ කවදාවත්ම හට නොගන්නා ස්වභාවයට පත්වෙලා යනවා.

අවිජ්‌ජාය ත්වේව භික්‌ඛු අසේසවිරාගනිරෝධා යානිස්‌ස තානි විසූකායිතානි විසේවිතානි විප්‌ඵන්‌දිතානි කානිචි කානිචි කතමා ජාති? කස්‌ස ච පනායං ජාති? ඉති වා, අඤ්‌ඤා ජාති අඤ්‌ඤස්‌ස ච පනායං ජාති ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ්‌ඤං ජීවං අඤ්‌ඤං සරීරං ඉති වා. සබ්‌බානිස්‌ස තානි පහීනානි භවන්‌ති උච්‌ඡින්‌නමූලානි තාලාවත්‌ථුකතානි අනභාවකතානි ආයතිං අනුප්‌පාදධම්‌මානි.

පින්වත් භික්ෂුව, ඒ අවිද්‍යාව සහමුලින්ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් යම්කිසි යවුල් වැනි දෘෂ්ටි ඇත්නම්, පටලැවෙන මතවාද ඇත්නම්, කම්පා වන මතවාද ඇත්නම්, ඔය එක එක දේවල්, ඒ කියන්නේ ‘ඉපදීම කියන්නේ මොකක්ද? මේ ඉපදීම කාගෙද?’ කියල හරි, ‘ඉපදීම වෙන දෙයක්. ඉපදීම වෙන කෙනෙකුගේ දෙයක්’ කියල හරි, ‘එයයි ජීවය. එයයි ශරීරය’ කියල හරි, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියල හරි මතවාද ඇත්නම්, ඒ හැම දෙයක්ම ඔහුට ප්‍රහාණය වෙලා යනවා. මුලින්ම සිඳිලා යනවා. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා යනවා. අභාවයට පත්වෙලා යනවා. ආයෙ කවදාවත්ම හට නොගන්නා ස්වභාවයට පත්වෙලා යනවා.

අවිජ්‌ජායත්වේව භික්‌ඛු අසේසවිරාගනිරෝධා යානිස්‌ස තානි විසූකායිතානි විසේවිතානි විප්‌ඵන්‌දිතානි කානිචි කානිචි, කතමෝ භවෝ, කස්‌ස ච පනායං භවෝ ඉති වා, අඤ්‌ඤෝ භවෝ අඤ්‌ඤස්‌ස ච පනායං භවෝ ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ්‌ඤං ජීවං අඤ්‌ඤං සරීරං ඉති වා, සබ්‌බානිස්‌ස තානි පහීනානි භවන්‌ති උච්‌ඡින්‌නමූලානි තාලාවත්‌ථුකතානි අනභාවකතානි ආයතිං අනුප්‌පාදධම්‌මානි.

පින්වත් භික්ෂුව, ඒ අවිද්‍යාව සහමුලින්ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් යම්කිසි යවුල් වැනි දෘෂ්ටි ඇත්නම්, පටලැවෙන මතවාද ඇත්නම්, කම්පා වන මතවාද ඇත්නම්, ඔය එක එක දේවල්, ඒ කියන්නේ ‘භවය කියන්නේ මොකක්ද? මේ භවය කාගෙද?’ කියල හරි, ‘භවය වෙන දෙයක්. භවය වෙන කෙනෙකුගේ දෙයක්’ කියල හරි, ‘එයයි ජීවය. එයයි ශරීරය’ කියල හරි, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියල හරි මතවාද ඇත්නම්, ඒ හැම දෙයක්ම ඔහුට ප්‍රහාණය වෙලා යනවා. මුලින්ම සිඳිලා යනවා. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා යනවා. අභාවයට පත්වෙලා යනවා. ආයෙ කවදාවත්ම හට නොගන්නා ස්වභාවයට පත්වෙලා යනවා.

අවිජ්‌ජාය ත්වේව භික්‌ඛු අසේසවිරාගනිරෝධා යානිස්‌ස තානි විසූකායිතානි විසේවිතානි විප්‌ඵන්‌දිතානි කානිචි කානිචි, කතමං උපාදානං ….(පෙ)…. කතමා තණ්‌හා ….(පෙ)…. කතමා වේදනා ….(පෙ)…. කතමෝ ඵස්සෝ ….(පෙ)…. කතමං සළායතනං ….(පෙ)…. කතමං නාමරූපං ….(පෙ)…. කතමං විඤ්‌ඤාණං ….(පෙ)…. අවිජ්‌ජායත්වේව භික්‌ඛු අසේසවිරාගනිරෝධා යානිස්‌ස තානි විසූකායිතානි විසේවිතානි විප්‌ඵන්‌දිතානි කානිචි කානිචි. කතමේ සංඛාරා, කස්‌ස ච පනිමේ සංඛාරා ඉති වා, අඤ්‌ඤේ සංඛාරා අඤ්‌ඤස්‌ස ච පනිමේ සංඛාරා ඉති වා, තං ජීවං තං සරීරං ඉති වා, අඤ්‌ඤං ජීවං අඤ්‌ඤං සරීරං ඉති වා, සබ්‌බානිස්‌ස තානි පහීනානි භවන්‌ති උච්‌ඡින්‌නමූලානි තාලාවත්‌ථුකතානි අනභාව‌කතානි ආයතිං අනුප්‌පාදධම්‌මානී’ති.

පින්වත් භික්ෂුව, ඒ අවිද්‍යාව සහමුලින්ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් යම්කිසි යවුල් වැනි දෘෂ්ටි ඇත්නම්, පටලැවෙන මතවාද ඇත්නම්, කම්පා වන මතවාද ඇත්නම්, ඔය එක එක දේවල්, ඒ කියන්නේ උපාදාන කියන්නේ මොකක්ද? ….(පෙ)…. තණ්හාව කියන්නේ මොකක්ද? ….(පෙ)…. විඳීම කියන්නේ මොකක්ද? ….(පෙ)…. ස්පර්ශය කියන්නේ මොකක්ද? ….(පෙ)…. ආයතන හය කියන්නේ මොකක්ද? ….(පෙ)…. නාමරූප කියන්නේ මොකක්ද? ….(පෙ)…. විඤ්ඤාණය කියන්නේ මොකක්ද? ….(පෙ)….

පින්වත් භික්ෂුව, ඒ අවිද්‍යාව සහමුලින්ම ඉතිරි නැතිව නිරුද්ධ වීමෙන් යම්කිසි යවුල් වැනි දෘෂ්ටි ඇත්නම්, පටලැවෙන මතවාද ඇත්නම්, කම්පා වන මතවාද ඇත්නම්, ඔය එක එක දේවල්, ඒ කියන්නේ ‘සංස්කාර කියන්නේ මොනවාද? මේ සංස්කාර කාගෙද? කියලා හරි, ‘සංස්කාර වෙන දෙයක්. සංස්කාර වෙන කෙනෙකුගේ දෙයක්’ කියල හරි, ‘එයයි ජීවය. එයයි ශරීරය’ කියල හරි, ‘ජීවය වෙන එකක්. ශරීරය වෙන එකක්’ කියල හරි මතවාද ඇත්නම්, ඒ හැම දෙයක්ම ඔහුට ප්‍රහාණය වෙලා යනවා. මුලින්ම සිඳිලා යනවා. කරටිය කැඩිච්ච තල් ගහක් වගේ වෙලා යනවා. අභාවයට පත්වෙලා යනවා. ආයෙ කවදාවත්ම හට නොගන්නා ස්වභාවයට පත්වෙලා යනවා.

සාදු! සාදු!! සාදු!!!

අවිජ්ජාදී පච්චය දේසනා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M