සැවැත් නුවරදී ……………..
පින්වත් මහණෙනි, ඤාණය ලැබීමේ කරුණු හැත්තෑ හතක් ගැන මා ඔබට දේශනා කරන්නම්. එයා හොඳින් අහගන්න ඕන. ….(පෙ)…. පින්වත් මහණෙනි, ඤාණය ලැබීමේ කරුණු හැත්තෑ හත මොනවාද?
ඉපදීම හේතු කොටගෙන ජරා මරණ ඇති වන බව දන්නා නුවණ. ඉපදීමක් නැත්නම් ජරා මරණ නැති බව දන්නා නුවණ. අතීතයේදී ජරා මරණ ඇති වූයේ ඉපදීම හේතු කොට ගෙන බව දන්නා නුවණ. අතීතයේදීත් ජරා මරණ නැති වූයේ ඉපදීම නැති වීමෙන් බව දන්නා නුවණ. අනාගතයේදී ජරා මරණ ඇති වන්නේ ඉපදීම හේතු කොට ගෙන බව දන්නා නුවණ. අනාගතයේදීත් ජරා මරණ නැති වන්නේ ඉපදීම නැති වීමෙන් බව දන්නා නුවණ. මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ පැවැත්ම ගැන යම් අවබෝධයක් ඇද්ද, එය ද ක්ෂය වී යන ස්වභාවයෙන් යුක්තය. වැනැසී යන ස්වභාවයෙන් යුක්තය. නොඇලිය යුතු ස්වභාවයෙන් යුක්තය. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයෙන් යුක්තයැයි දන්නා නුවණ.
භවය හේතු කොටගෙන ඉපදීම ඇති වන බව දන්නා නුවණ ….(පෙ)…. උපාදාන හේතු කොටගෙන භවය ඇති වන බව දන්නා නුවණ ….(පෙ)…. තණ්හාව හේතු කොටගෙන උපාදාන ඇති වන බව දන්නා නුවණ ….(පෙ)…. විඳීම හේතු කොටගෙන තණ්හාව ඇති වන බව දන්නා නුවණ ….(පෙ)…. ස්පර්ශය හේතු කොටගෙන විඳීම ඇති වන බව දන්නා නුවණ ….(පෙ)…. ආයතන හය හේතු කොටගෙන ස්පර්ශය ඇති වන බව දන්නා නුවණ ….(පෙ)…. නාමරූප හේතු කොටගෙන ආයතන හය ඇති වන බව දන්නා නුවණ ….(පෙ)…. විඤ්ඤාණය හේතු කොටගෙන නාමරූප ඇති වන බව දන්නා නුවණ ….(පෙ)…. සංස්කාර හේතු කොටගෙන විඤ්ඤාණ ඇති වන බව දන්නා නුවණ ….(පෙ)…. අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර ඇති වන බව දන්නා නුවණ. අවිද්‍යාව නැත්නම් සංස්කාර නැති බව දන්නා නුවණ. අතීතයේදී සංස්කාර ඇති වූයේ අවිද්‍යාව හේතු කොට ගෙන බව දන්නා නුවණ. අතීතයේදීත් සංස්කාර නැති වූයේ අවිද්‍යාව නැති වීමෙන් බව දන්නා නුවණ. අනාගතයේදී සංස්කාර ඇති වන්නේ අවිද්‍යාව හේතු කොට ගෙන බව දන්නා නුවණ. අනාගතයේදීත් සංස්කාර නැති වන්නේ අවිද්‍යාව නැති වීමෙන් බව දන්නා නුවණ. මේ පටිච්චසමුප්පාද ධර්මයන්ගේ පැවැත්ම ගැන යම් අවබෝධයක් ඇද්ද, එය ද ක්ෂය වී යන ස්වභාවයෙන් යුක්තය. වැනැසී යන ස්වභාවයෙන් යුක්තය. නොඇලිය යුතු ස්වභාවයෙන් යුක්තය. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයෙන් යුක්තයැයි දන්නා නුවණ.
පින්වත් මහණෙනි, මේවාට කියන්නේ නුවණ ලැබීමේ කාරණා හැත්තෑ හත කියාය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය ඤාණවත්ථු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M