සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.3.9. සමණබ්‍රාහ්මණ සුත්තං

1.3.9. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

එදා භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් මහණෙනි’ කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. ‘ස්වාමීනී’ කියා ඒ භික්ෂුන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී තමයි මේ දේශනාව වදාළේ.

යේ හි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා ජරාමරණං න පරිජානන්‌ති, ජරාමරණසමුදයං න පරිජානන්‌ති, ජරාමරණනිරෝධං න පරිජානන්‌ති, ජරාමරණනිරෝධගාමිනිං පටිපදං න පරිජානන්‌ති ….(පෙ)…. ජාතිං න පරිජානන්‌ති ….(පෙ)…. භවං න පරිජානන්‌ති ….(පෙ)…. උපාදානං න පරිජානන්‌ති ….(පෙ)…. තණ්‌හං ….(පෙ)…. වේදනං ….(පෙ)…. ඵස්‌සං ….(පෙ)…. සළායතනං ….(පෙ)…. නාමරූපං ….(පෙ)…. විඤ්‌ඤාණං ….(පෙ)…. සංඛාරේ න පරිජානන්‌ති, සංඛාරසමුදයං න පරිජානන්‌ති, සංඛාරනිරෝධං න පරිජානන්‌ති, සංඛාරනිරෝධගාමිනිං පටිපදං න පරිජානන්‌ති, න මේතේ භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා සමණේසු වා සමණසම්‌මතා, බ්‍රාහ්‌මණේසු වා බ්‍රාහ්‌මණසම්‌මතා. න ච පනේතේ ආයස්‌මන්‌තා සාමඤ්‌ඤත්‌ථං වා බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථං වා දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌ති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ජරා මරණ ගැන පරිපූර්ණ අවබෝධයක් නැත්නම්, ජරා මරණ හටගැනීම ගැන පරිපූර්ණ අවබෝධයක් නැත්නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැන පරිපූර්ණ අවබෝධයක් නැත්නම්, ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, ඉපදීම ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. භවය ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. උපාදාන ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. තණ්හාව ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. විඳීම ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. ස්පර්ශය ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. ආයතන හය ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. නාමරූප ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. විඤ්ඤාණය ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. සංස්කාර ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, සංස්කාර හටගැනීම ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, සංස්කාර නිරුද්ධ වීම ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්, සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන සම්පූර්ණ අවබෝධයක් නැත්නම්,

යේ ච ඛෝ කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා ජරාමරණං පරිජානන්‌ති, ජරාමරණසමුදයං පරිජානන්‌ති, ජරාමරණනිරෝධං පරිජානන්‌ති, ජරාමරණනිරෝධගාමිනිං පටිපදං පරිජානන්‌ති ….(පෙ)…. ජාතිං පරිජානන්‌ති ….(පෙ)…. භවං ….(පෙ)…. උපාදානං ….(පෙ)…. තණ්‌හං ….(පෙ)…. වේදනං ….(පෙ)…. ඵස්‌සං ….(පෙ)…. සළායතනං ….(පෙ)…. නාමරූපං ….(පෙ)…. විඤ්‌ඤාණං ….(පෙ)…. සංඛාරේ පරිජානන්‌ති , සංඛාරසමුදයං පරිජානන්‌ති, සංඛාරනිරෝධං පරිජානන්‌ති, සංඛාරනිරෝධගාමිනිං පටිපදං පරිජානන්‌ති. තේ ඛෝ මේ භික්ඛවේ සමණා වා බ්‍රාහ්‌මණා වා සමණේසු චේව සමණසම්‌මතා, බ්‍රාහ්‌මණේසු ච බ්‍රාහ්‌මණසම්‌මතා. තේ ච පනායස්‌මන්‌තා සාමඤ්‌ඤත්‌ථඤ්‌ච බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථඤ්‌ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌තී’ති.

පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණයෝ වෙන්නේ නෑ. සැබෑම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයෝ වෙන්නෙත් නෑ. ඒ ආයුෂ්මත්වරු ශ්‍රමණ බවේ අර්ථය හෝ බ්‍රාහ්මණ බවේ අර්ථය හෝ මේ ජීවිතය තුළදීම තමා තුළ ඇතිවුණ විශේෂ අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කරන්නෙත් නෑ. නමුත් පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ජරා මරණ ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ජරා මරණ හටගැනීම ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැන පරිපූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ඉපදීම ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, …(පෙ)…. භවය ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. උපාදාන ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. තණ්හාව ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. විඳීම ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. ස්පර්ශය ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. ආයතන හය ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. නාමරූප ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. විඤ්ඤාණය ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. සංස්කාර ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, සංස්කාර හටගැනීම ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, සංස්කාර නිරුද්ධ වීම ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්, සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන සම්පූර්ණ අවබෝධයක් තියෙනවා නම්,

පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණයෝ බවට පත්වෙනවා. සැබෑම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයෝ බවට පත්වෙනවා. ඒ ආයුෂ්මත්වරු ශ්‍රමණ බවේ අර්ථය හෝ බ්‍රාහ්මණ බවේ අර්ථය හෝ මේ ජීවිතය තුළදීම තමා තුළ ඇතිවුණ විශේෂ අවබෝධයෙන් සාක්ෂාත් කරගෙන වාසය කරනවා.

සාදු! සාදු!! සාදු!!!

සමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M