සැවැත් නුවරදී …………………
එදා භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් මහණෙනි’ කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. ‘ස්වාමීනී’ කියා ඒ භික්ෂුන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී තමයි මේ දේශනාව වදාළේ.
පින්වත් මහණෙනි, මේ බුදු සසුනේ භික්ෂුව ජරා මරණය ගැන දන්නවා. ජරා මරණ හටගැනීම ගැන දන්නවා. ජරා මරණ නිරුද්ධ වීම ගැන දන්නවා. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන දන්නවා. ඉපදීම ගැන දන්නවා ….(පෙ)…. භවය ගැන දන්නවා ….(පෙ)…. උපාදාන ගැන දන්නවා ….(පෙ)…. තණ්හාව ගැන දන්නවා ….(පෙ)…. විඳීම ගැන දන්නවා ….(පෙ)…. ස්පර්ශය ගැන දන්නවා ….(පෙ)…. ආයතන හය ගැන දන්නවා ….(පෙ)…. නාමරූප ගැන දන්නවා ….(පෙ)…. විඤ්ඤාණය ගැන දන්නවා ….(පෙ)…. සංස්කාර ගැන දන්නවා. සංස්කාර හටගැනීම ගැන දන්නවා. සංස්කාර නිරුද්ධ වීම ගැන දන්නවා. සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන දන්නවා.
පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ මොකක්ද? ඒ ඒ සත්ව ලෝකවල සිටින ඒ ඒ සත්වයන්ගේ දිරා යාමක්, මහළු වන ස්වභාවයක්, දත් වැටීමක්, කෙස් පැහීමක්, ඇඟපත රැළි වැටීමක්, ආයුෂ පිරිහී යාමක් ඇද්ද, ඇස්, කණ් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් ඇද්ද, මේකට තමයි ජරාව කියල කියන්නේ.
ඒ ඒ සත්වයන් ඒ ඒ සත්ව ලෝකවලින් යම් චුත වීමක්, චුත වන ස්වභාවයක්, බිඳීයාමක්, අතුරුදහන් වීමක්, මරණයට පත්වීමක්, කළුරිය කිරීමක්, ස්කන්ධයන්ගේ බිඳීයාමක්, සිරුර අත්හැර දැමීමක් ඇද්ද, මේකට තමයි මරණය කියන්නේ. මේ විදිහට මේ ජරාවත්, මේ මරණයත් කියන මෙයටයි, පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ.
ඉපදීම හටගැනීමෙනුයි ජරා මරණ හටගන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වන්නේ. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, භවය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, උපාදාන කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, තණ්හාව කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, විඳීම කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, ස්පර්ශය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, ආයතන හය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, නාමරූප කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, විඤ්ඤාණය කියන්නේ මොකක්ද? ….(පෙ)…. පින්වත් මහණෙනි, සංස්කාර කියන්නේ මොනවාද? පින්වත් මහණෙනි, තුන් ආකාරයක සංස්කාර තියෙනවා. එනම් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර යන මේවායි. අවිද්‍යාව හටගැනීමෙනුයි සංස්කාර හටගන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙනුයි සංස්කාර නිරුද්ධ වන්නේ. සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල නම්, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එනම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව ඔය විදිහට ජරා මරණ ගැන දන්නවා නම්, ජරා මරණ හට ගැනීම ගැන දන්නවා නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැන දන්නවා නම්, ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන දන්නවා නම්, ඉපදීම ගැන දන්නවා නම්, ….(පෙ)…. භවය ගැන දන්නවා නම්, ….(පෙ)…. උපාදාන ගැන දන්නවා නම්, ….(පෙ)…. තණ්හාව ගැන දන්නවා නම්, ….(පෙ)…. විඳීම ගැන දන්නවා නම්, ….(පෙ)…. ස්පර්ශය ගැන දන්නවා නම්, ….(පෙ)…. ආයතන හය ගැන දන්නවා නම්, ….(පෙ)…. නාමරූප ගැන දන්නවා නම්, ….(පෙ)…. විඤ්ඤාණය ගැන දන්නවා නම්, ….(පෙ)…. සංස්කාර ගැන දන්නවා නම්, සංස්කාර හටගැනීම ගැන දන්නවා නම්, සංස්කාර නිරුද්ධ වීම ගැන දන්නවා නම්, සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන දන්නවා නම්, පින්වත් මහණෙනි, මේ භික්ෂුවට සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා කියන්නේ. ආර්ය සත්‍යය දර්ශයෙන් යුක්ත කෙනා කියන්නේ. මේ සද්ධර්මය වෙත පැමිණුන කෙනා කියන්නේ. මේ සද්ධර්මය දකින කෙනා කියන්නේ. ආර්ය මාර්ගයෙහි හික්මෙන නුවණැත්තා කියන්නේ. ආර්ය මාර්ගය ගැන අවබෝධය තිබෙන කෙනා කියන්නේ. මේ දහම් සැඩ පහරට පැමිණුන කෙනා කියන්නේ. ආර්ය භාවයට පත්කරවන කළකිරීමෙන් යුතු කෙනා කියන්නේ. ඒ අමා නිවන් දොරෙහි වැදි වැදී සිටින කෙනා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
භික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M