සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.3.10. දුතිය සමණබ්‍රාහ්මණ සුත්තං

1.3.10. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන වදාළ දෙවෙනි දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

එදා භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් මහණෙනි’ කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. ‘ස්වාමීනී’ කියා ඒ භික්ෂුන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී තමයි මේ දේශනාව වදාළේ.

යේ හි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා ජරාමරණං නප්‌පජානන්‌ති, ජරාමරණසමුදයං නප්‌පජානන්‌ති, ජරාමරණනිරෝධං නප්‌පජානන්‌ති, ජරාමරණනිරෝධගාමිනිං පටිපදං නප්‌පජානන්‌ති, තේ වත ජරාමරණං සමතික්‌කම්‌ම ඨස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ජරා මරණ ගැන අවබෝධයක් නැත්නම්, ජරා මරණ හටගැනීම ගැන අවබෝධයක් නැත්නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැන අවබෝධයක් නැත්නම්, ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන අවබෝධයක් නැත්නම්, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඒකාන්තයෙන්ම ජරාමරණ ඉක්මවා ගිය බවට පත්වන්නේය යන කරුණ කිසි දවසක වෙන්නට පුළුවන් දෙයක් නොවෙයි.

(යේහි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්මණා වා) ජාතිං නප්‌පජානන්‌ති ….(පෙ)…. භවං ….(පෙ)…. උපාදානං ….(පෙ)…. තණ්‌හං ….(පෙ)…. වේදනං ….(පෙ)…. ඵස්‌සං ….(පෙ)…. සළායතනං ….(පෙ)…. නාමරූපං ….(පෙ)…. විඤ්‌ඤාණං ….(පෙ)…. සංඛාරේ නප්‌පජානන්‌ති, සංඛාරසමුදයං නප්‌පජානන්‌ති, සංඛාරනිරෝධං නප්‌පජානන්‌ති, සංඛාරනිරෝධගාමිනිං පටිපදං නප්‌පජානන්‌ති, තේ වත සංඛාරේ සමතික්‌කම්‌ම ඨස්‌සන්‌තීති නේතං ඨානං විජ්‌ජති.

ඉපදීම ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. භවය ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. උපාදාන ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. තණ්හාව ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. විඳීම ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. ස්පර්ශය ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. ආයතන හය ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. නාමරූප ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. විඤ්ඤාණය ගැන අවබෝධයක් නැත්නම්, ….(පෙ)…. සංස්කාර ගැන අවබෝධයක් නැත්නම්, සංස්කාර හටගැනීම ගැන අවබෝධයක් නැත්නම්, සංස්කාර නිරුද්ධ වීම ගැන අවබෝධයක් නැත්නම්, සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන අවබෝධයක් නැත්නම්, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඒකාන්තයෙන්ම ජරාමරණ ඉක්මවා ගිය බවට පත්වන්නේය යන කරුණ කිසි දවසක වෙන්නට පුළුවන් දෙයක් නොවෙයි.

යේ ච ඛෝ කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා ජරාමරණං පජානන්‌ති, ජරාමරණසමුදයං පජානන්‌ති, ජරාමරණනිරෝධං පජානන්‌ති, ජරාමරණනිරෝධගාමිනිං පටිපදං පජානන්‌ති, තේ වත ජරාමරණං සමතික්‌කම්‌ම ඨස්‌සන්‌තීති ඨානමේතං විජ්‌ජති.

නමුත් පින්වත් මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ජරා මරණ ගැන අවබෝධයක් තියෙනවා නම්, ජරා මරණ හටගැනීම ගැන අවබෝධයක් තියෙනවා නම්, ජරා මරණ නිරුද්ධ වීම ගැන අවබෝධයක් තියෙනවා නම්, ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන අවබෝධයක් තියෙනවා නම්, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඒකාන්තයෙන්ම ජරාමරණ ඉක්මවා ගිය බවට පත්වන්නේය යන කරුණ විය හැකි දෙයක්මයි.

(යේ ච ඛෝ කේචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්මණා වා) ජාතිං පජානන්‌ති ….(පෙ)…. භවං ….(පෙ)…. උපාදානං ….(පෙ)…. තණ්‌හං ….(පෙ)…. වේදනං ….(පෙ)…. ඵස්‌සං ….(පෙ)…. සළායතනං ….(පෙ)…. නාමරූපං ….(පෙ)…. විඤ්‌ඤාණං ….(පෙ)…. සංඛාරේ පජානන්‌ති, සංඛාරසමුදයං පජානන්‌ති, සංඛාරනිරෝධං පජානන්‌ති, සංඛාරනිරෝධගාමිනිං පටිපදං පජානන්‌ති. තේ වත සංඛාරේ සමතික්‌කම්‌ම ඨස්‌සන්‌තීති ඨානමේතං විජ්‌ජතී ති.

ඉපදීම ගැන අවබෝධයක් තියෙනවා නම්, …(පෙ)…. භවය ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. උපාදාන ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. තණ්හාව ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. විඳීම ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. ස්පර්ශය ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. ආයතන හය ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. නාමරූප ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. විඤ්ඤාණය ගැන අවබෝධයක් තියෙනවා නම්, ….(පෙ)…. සංස්කාර ගැන අවබෝධයක් තියෙනවා නම්, සංස්කාර හටගැනීම ගැන අවබෝධයක් තියෙනවා නම්, සංස්කාර නිරුද්ධ වීම ගැන අවබෝධයක් තියෙනවා නම්, සංස්කාර නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙල ගැන අවබෝධයක් තියෙනවා නම්, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඒකාන්තයෙන්ම ජරාමරණ ඉක්මවා ගිය බවට පත්වන්නේය යන කරුණ විය හැකි දෙයක්මයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සමණ බ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

දසබලවග්ගෝ තතියෝ.

තුන්වෙනි දසබල වර්ගය අවසන් විය.

තස්සුද්‌දානං.

ද්‌වේ දසබලා උපනිසා ච අඤ්‌ඤතිත්‌ථියභූමිජෝ
උපවාණෝ පච්‌චයෝ භික්‌ඛු ද්‌වේ ච සමණබ්‍රාහ්‌මණාති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M