සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.4.1. භූත සුත්තං

1.4.1. හටගත් සත්වයන් ගැන වදාළ දෙසුම

සාවත්ථියං….

සැවැත් නුවරදී ………………

තත්‍ර ඛෝ භගවා ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ආමන්තේසි. වුත්‌තමිදං සාරිපුත්‌ත, පාරායණේ අජිතපඤ්‌හේ.

‘යේ ච සංඛාතධම්‌මාසේ යේ ච සේඛා පුථූ ඉධ,
තේසං මේ නිපකෝ ඉරියං පුට්ඨෝ පබ්‍රෑහි මාරිසා’ති.

එදා භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අමතා මෙසේ වදාළා. “පින්වත් සාරිපුත්ත, මේ කාරණය කියැවෙන්නේ පාරායණ වර්ගයේ අජිත ප්‍රශ්නයේදී. ‘මේ සසුනෙහි පරිපූර්ණව සදහම් අවබෝධ කරගත් යම් අරහත් ශ්‍රාවකයෙක් ඉන්නවා නම්, ඒ වගේම ආර්ය මාර්ගයෙහි හික්මෙන අනෙක් මාර්ගඵල ලාභී තව බොහෝ ශ්‍රාවකයන් ඉන්නවා නම්, පින්වත් නිදුකාණන් වහන්ස, මං මේ අහන්නේ උන්වහන්සේලාගේ ජීවිත පවත්වන ආකාරය ගැනයි. ඒ ගැන මට වදාළ මැනැව’ කියලා.

ඉමස්‌ස නු ඛෝ සාරිපුත්‌ත, සංඛිත්‌තේන භාසිතස්‌ස කථං විත්ථාරේන අත්‌ථෝ දට්ඨබ්බෝ ති. ඒවං වුත්‌තේ ආයස්‌මා සාරිපුත්‌තෝ තුණ්‌හී අහෝසි. දුතියම්‌පි ඛෝ භගවා ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ආමන්‌තේසි. ….(පෙ)…. දුතියම්‌පි ඛෝ ආයස්‌මා සාරිපුත්‌තෝ තුණ්‌හී අහෝසි.

තතියම්‌පි ඛෝ භගවා ආයස්‌මන්‌තං සාරිපුත්‌තං ආමන්තේසි. වුත්‌තමිදං සාරිපුත්‌ත පාරායණේ අජිතපඤ්‌හේ.

‘යේ ච සංඛාතධම්‌මාසේ යේ ච සේඛා පුථූ ඉධ,
තේසං මේ නිපකෝ ඉරියං පුට්ඨෝ පබ්‍රෑහි මාරිසා’ති.

ඉතින් පින්වත් සාරිපුත්ත, සංක්ෂේපයෙන් කියපු ඔය කාරණයේ අර්ථය විස්තර වශයෙන් දැනගත යුත්තේ කොහොමද?” එතකොට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දෙවෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ අමතා වදාළා. ….(පෙ)…. දෙවෙනි වතාවටත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නිශ්ශබ්ද වුණා. තුන්වෙනි වතාවටත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අමතා වදාළා, “පින්වත් සාරිපුත්ත, මේ කාරණය කියැවෙන්නේ පාරායණ වර්ගයේ අජිත ප්‍රශ්නයේදී. ‘මේ සසුනෙහි පරිපූර්ණව සදහම් අවබෝධ කරගත් යම් අරහත් ශ්‍රාවකයෙක් ඉන්නවා නම්, ඒ වගේම ආර්ය මාර්ගයෙහි හික්මෙන අනෙක් මාර්ගඵල ලාභී තව බොහෝ ශ්‍රාවකයන් ඉන්නවා නම්, පින්වත් නිදුකාණන් වහන්ස, මං මේ අහන්නේ උන්වහන්සේලාගේ ජීවිත පවත්වන ආකාරය ගැනයි. ඒ ගැන මට වදාළ මැනැව’ කියලා.

ඉමස්‌ස නු ඛෝ සාරිපුත්‌ත සංඛිත්‌තේන භාසිතස්‌ස කථං විත්ථාරේන අත්‌ථෝ දට්ඨබ්බෝති? තතියම්‌පි ඛෝ ආයස්‌මා සාරිපුත්‌තෝ තුණ්‌හී අහෝසි.

ඉතින් පින්වත් සාරිපුත්ත, සංක්ෂේපයෙන් කියපු ඔය කාරණයේ අර්ථය විස්තර වශයෙන් දැනගත යුත්තේ කොහොමද?” එතකොට තුන්වෙනි වතාවටත් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නිශ්ශබ්ද වුණා.

භූතමිදන්‌ති සාරිපුත්‌ත පස්‌සසී’ති? භූතමිදන්‌ති භන්තේ යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. භූතමිදන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා භූතස්‌ස නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්‌නෝ හෝති. තදාහාරසම්‌භවන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. තදාහාරසම්‌භවන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා ආහාරසම්‌භවස්‌ස නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්‌නෝ හෝති. තදාහාරනිරෝධා – යං භූතං තං නිරෝධධම්‌මන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. තදාහාරනිරෝධා – යං භූතං තං නිරෝධධම්‌මන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා නිරෝධධම්‌මස්‌ස නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්‌නෝ හෝති. ඒවං ඛෝ භන්තේ, සේඛෝ හෝති.

“පින්වත් සාරිපුත්ත, ‘මේ වනාහී හටගත් සත්වයෙක්’ කියලයි දැක්ක යුත්තේ.”

“ස්වාමීනී, මේ වනාහී හටගත් සත්වයෙක් කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. මේ වනාහී හටගත් සත්වයෙක් කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ඒ ගැන කලකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි යෙදෙනවා.

මේ සත්වයා ආහාරයෙන් හටගෙන තිබෙන බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. මේ සත්වයා ආහාරයෙන් හටගෙන තිබෙන බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ආහාරයෙන් හටගැනීම ගැන කලකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි යෙදෙනවා.

හටගත්තා වූ යම් සත්වයෙක් ඇද්ද, එයට උපකාරී වූ ඒ ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. හටගත්තා වූ යම් සත්වයෙක් ඇද්ද, එයට උපකාරී වූ ඒ ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ඒ නිරුද්ධ වන ස්වභාවයට අයිති දේ ගැන කලකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි යෙදෙනවා. ස්වාමීනී, ඔය විදිහටයි ආර්ය මාර්ගයෙහි හික්මෙන (සේඛ) කෙනෙක් වෙන්නේ.

කථඤ්‌ච භන්තේ, සංඛාතධම්මෝ හෝති? භූතමිදන්‌ති භන්තේ යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. භූතමිදන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා භූතස්‌ස නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදා විමුත්‌තෝ හෝති. තදාහාරසම්‌භවන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. තදාහාරසම්‌භවන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා ආහාරසම්‌භවස්‌ස නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදා විමුත්‌තෝ හෝති. තදාහාරනිරෝධා – යං භූතං තං නිරෝධධම්‌මන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. තදාහාරනිරෝධා යං භූතං තං නිරෝධධම්‌මන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා නිරෝධධම්‌මස්‌ස නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදා විමුත්‌තෝ හෝති. ඒවං ඛෝ භන්තේ සංඛාතධම්මෝ හෝති.

ස්වාමීනී, පරිපූර්ණව සදහම් අවබෝධ කරගත් යම් අරහත් ශ්‍රාවකයෙක් වෙන්නේ කොහොමද? ස්වාමීනී, මේ වනාහී හටගත් සත්වයෙක් කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. මේ වනාහී හටගත් සත්වයෙක් කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ඒ ගැන කලකිරිලා, ඇල්ම දුරුවෙලා, ඇල්ම නිරුද්ධ වෙලා උපාදාන රහිත වෙලා දුකෙන් නිදහස් වෙලයි ඉන්නේ.

මේ සත්වයා ආහාරයෙන් හටගෙන තිබෙන බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. මේ සත්වයා ආහාරයෙන් හටගෙන තිබෙන බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ආහාරයෙන් හටගැනීම ගැන කලකිරිලා, ඇල්ම දුරුවෙලා, ඇල්ම නිරුද්ධ වෙලා උපාදාන රහිත වෙලා දුකෙන් නිදහස් වෙලයි ඉන්නේ.

හටගත්තා වූ යම් සත්වයෙක් ඇද්ද, එයට උපකාරී වූ ඒ ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. හටගත්තා වූ යම් සත්වයෙක් ඇද්ද, එයට උපකාරී වූ ඒ ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලාදියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ඒ නිරුද්ධ වන ස්වභාවයට අයිති දේ ගැන කලකිරිලා, ඇල්ම දුරුවෙලා, ඇල්ම නිරුද්ධ වෙලා උපාදාන රහිත වෙලා දුකෙන් නිදහස් වෙලයි ඉන්නේ. ස්වාමීනී, සදහම් පරිපූර්ණව අවබෝධ කරගත් රහතන් වහන්සේ නමක් වෙන්නේ ඔය විදිහටයි.

ඉති ඛෝ භන්තේ යං තං වුත්‌තං පාරායණේ අජිතපඤ්‌හේ.

‘යේ ච සංඛාතධම්‌මාසේ යේ ච සේඛා පුථූ ඉධ,
තේසං මේ නිපකෝ ඉරියං පුට්ඨෝ පබ්‍රෑහි මාරිසා’ති.

ඉමස්‌ස ඛ්‌වාහං භන්තේ සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්‌ථං ආජානාමී ති.

ඉතින් ස්වාමීනී, (සුත්ත නිපාතයට අයත්) පරායණ වර්ගයේ අජිත ප්‍රශ්නයේදී, ‘මේ සසුනෙහි පරිපූර්ණව සදහම් අවබෝධ කරගත් යම් අරහත් ශ්‍රාවකයෙක් ඉන්නවා නම්, ඒ වගේම ආර්ය මාර්ගයෙහි හික්මෙන අනෙක් මාර්ගඵල ලාභී තව බොහෝ ශ්‍රාවකයන් ඉන්නවා නම්, පින්වත් නිදුකාණන් වහන්ස, මං මේ අහන්නේ උන්වහන්සේලාගේ ජීවිත පවත්වන ආකාරය ගැනයි. ඒ ගැන මට වදාළ මැනැව’ කියලා යම් කරුණක් පවසා තිබෙනවාද, ස්වාමීනී, ඔය සංක්ෂේපයෙන් පැවසූ කරුණ ගැන ඔය ආකාරයටයි විස්තර වශයෙන් මට අර්ථ වැටහෙන්නේ.”

සාධු, සාධු, සාරිපුත්‌ත. භූතමිදන්‌ති සාරිපුත්‌ත, යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. භූතමිදන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා භූතස්‌ස නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිප්‌පන්‌නෝ හෝති. තදාහාරසම්‌භවන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. තදාහාරසම්‌භවන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා ආහාරසම්‌භවස්‌ස නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්‌නෝ හෝති. තදාහාරනිරෝධා – යං භූතං තං නිරෝධධම්‌මන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. තදාහාරනිරෝධා – යං භූතං තං නිරෝධධම්‌මන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා නිරෝධධම්‌මස්‌ස නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්‌නෝ හෝති. ඒවං ඛෝ සාරිපුත්‌ත සේඛෝ හෝති.

“සාදු! සාදු! පින්වත් සාරිපුත්ත, මේ වනාහී හටගත් සත්වයෙක් කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. මේ වනාහී හටගත් සත්වයෙක් කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ඒ ගැන කලකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි යෙදෙනවා.

මේ සත්වයා ආහාරයෙන් හටගෙන තිබෙන බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. මේ සත්වයා ආහාරයෙන් හටගෙන තිබෙන බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ආහාරයෙන් හටගැනීම ගැන කලකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි යෙදෙනවා.

හටගත්තා වූ යම් සත්වයෙක් ඇද්ද, එයට උපකාරී වූ ඒ ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. හටගත්තා වූ යම් සත්වයෙක් ඇද්ද, එයට උපකාරී වූ ඒ ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ඒ නිරුද්ධ වන ස්වභාවයට අයිති දේ ගැන කලකිරීම පිණිස, ඇල්ම දුරුවීම පිණිස, ඇල්ම නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියෙහි යෙදෙනවා. පින්වත් සාරිපුත්ත, ඔය විදිහටයි ආර්ය මාර්ගයෙහි හික්මෙන (සේඛ) කෙනෙක් වෙන්නේ.

කථඤ්‌ච සාරිපුත්‌ත, සංඛාතධම්මෝ හෝති? භූතමිදන්‌ති සාරිපුත්‌ත, යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. භූතමිදන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා භූතස්‌ස නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදා විමුත්‌තෝ හෝති. තදාහාරසම්‌භවන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. තදාහාරසම්‌භවන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දිස්‌වා ආහාරසම්‌භවස්‌ස නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදා විමුත්‌තෝ හෝති. තදාහාරනිරෝධා – යං භූතං තං නිරෝධධම්‌මන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය පස්‌සති. තදාහාරනිරෝධා – යං භූතං තං නිරෝධධම්‌මන්‌ති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤා දිස්‌වා නිරෝධධම්‌මස්‌ස නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදා විමුත්‌තෝ හෝති. ඒවං ඛෝ සාරිපුත්‌ත, සංඛාතධම්මෝ හෝති.

පින්වත් සාරිපුත්ත, පරිපූර්ණව සදහම් අවබෝධ කරගත් යම් අරහත් ශ්‍රාවකයෙක් වෙන්නේ කොහොමද? පින්වත් සාරිපුත්ත, මේ වනාහී හටගත් සත්වයෙක් කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. මේ වනාහී හටගත් සත්වයෙක් කියල දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ඒ ගැන කලකිරිලා, ඇල්ම දුරුවෙලා, ඇල්ම නිරුද්ධ වෙලා උපාදාන රහිත වෙලා දුකෙන් නිදහස් වෙලයි ඉන්නේ.

මේ සත්වයා ආහාරයෙන් හටගෙන තිබෙන බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. මේ සත්වයා ආහාරයෙන් හටගෙන තිබෙන බව දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ආහාරයෙන් හටගැනීම ගැන කලකිරිලා, ඇල්ම දුරුවෙලා, ඇල්ම නිරුද්ධ වෙලා උපාදාන රහිත වෙලා දුකෙන් නිදහස් වෙලයි ඉන්නේ.

හටගත්තා වූ යම් සත්වයෙක් ඇද්ද, එයට උපකාරී වූ ඒ ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගන්නවා. හටගත්තා වූ යම් සත්වයෙක් ඇද්ද, එයට උපකාරී වූ ඒ ආහාර නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්තයි කියලා දියුණු කරපු ප්‍රඥාවෙන් යථාභූත ඤාණයෙන් දැකගෙන ඒ නිරුද්ධ වන ස්වභාවයට අයිති දේ ගැන කලකිරිලා, ඇල්ම දුරුවෙලා, ඇල්ම නිරුද්ධ වෙලා උපාදාන රහිත වෙලා දුකෙන් නිදහස් වෙලයි ඉන්නේ. පින්වත් සාරිපුත්ත, සදහම් පරිපූර්ණව අවබෝධ කරගත් රහතන් වහන්සේ නමක් වෙන්නේ ඔය විදිහටයි.

ඉති ඛෝ සාරිපුත්‌ත, යං තං වුත්‌තං පාරායණේ අජිතපඤ්‌හේ.

‘යේ ච සංඛාතධම්‌මාසේ යේ ච සේඛා පුථූ ඉධ,
තේසං මේ නිපකෝ ඉරියං පුට්ඨෝ පබ්‍රෑහි මාරිසා’ති.

ඉමස්‌ස ඛෝ සාරිපුත්‌ත, සංඛිත්‌තේන භාසිතස්‌ස ඒවං විත්ථාරේන අත්‌ථෝ දට්ඨබ්බෝ ති.

ඉතින් පින්වත් සාරිපුත්ත, (සුත්ත නිපාතයට අයත්) පරායණ වර්ගයේ අජිත ප්‍රශ්නයේදී, ‘මේ සසුනෙහි පරිපූර්ණව සදහම් අවබෝධ කරගත් යම් අරහත් ශ්‍රාවකයෙක් ඉන්නවා නම්, ඒ වගේම ආර්ය මාර්ගයෙහි හික්මෙන අනෙක් මාර්ගඵල ලාභී තව බොහෝ ශ්‍රාවකයන් ඉන්නවා නම්, පින්වත් නිදුකාණන් වහන්ස, මං මේ අහන්නේ උන්වහන්සේලාගේ ජීවිත පවත්වන ආකාරය ගැනයි. ඒ ගැන මට වදාළ මැනැව’ කියලා යම් කරුණක් පවසා තිබෙනවාද, පින්වත් සාරිපුත්ත, ඔය සංක්ෂේපයෙන් පැවසූ කරුණ ගැන ඔය ආකාරයටයි විස්තර වශයෙන් අර්ථ වටහාගත යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

භූත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M