සැවැත් නුවරදී ………………
පින්වත් මහණෙනි, මා කෙලෙසුන්ගේ ප්‍රහාණය ගැන කියන්නේ එය දන්නා කෙනාට, දක්නා කෙනාට මිස නොදන්නා, නොදක්නා කෙනාට නම් නොවෙයි. පින්වත් මහණෙනි, කුමක් දන්නා, කුමක් දක්නා කෙනාගේද කෙලෙසුන් ප්‍රහාණය වී යන්නේ?
එනම්, ‘මෙය තමයි රූපය, මෙහෙමයි දිගින් දිගට රූපයේ පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි රූපය සදහටම නැති වී යන්නේ. මෙය තමයි විඳීම …. (පෙ) …. මෙය තමයි සඤ්ඤාව …. (පෙ) …. මේවා තමයි සංස්කාර …. (පෙ) …. මෙය තමයි විඤ්ඤාණය, මෙහෙමයි දිගින් දිගට විඤ්ඤාණයේ පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි විඤ්ඤාණය සදහටම නැති වී යන්නේ’ කියල පින්වත් මහණෙනි, ඔය විදිහට දන්නා කෙනාගේ, දක්නා කෙනාගේ තමයි කෙලෙසුන් ප්‍රහාණය වී යන්නේ.
පින්වත් මහණෙනි, අරහත්වය පිණිස ආශ්‍රවයන් ක්ෂය වී යද්දී ඇතිවෙන ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳව යම් ඤාණයක් ඇත්නම්, ඒ ඤාණය පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ ඤාණය ලැබීමට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ තණ්හාවෙන් නිදහස් වීම (විමුක්තිය) කියාය.
පින්වත් මහණෙනි, තණ්හාවෙන් නිදහස් වීම පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, තණ්හාවෙන් නිදහස් වීමට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ නොඇලීම කියාය.
පින්වත් මහණෙනි, නොඇලීම පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, නොඇලීමට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ අවබෝධයෙන්ම කළකිරීම කියාය.
පින්වත් මහණෙනි, අවබෝධයෙන්ම කළකිරීම පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, අවබෝධයෙන්ම කළකිරීමට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ ඒ ආකාරයෙන්ම සැබෑ තත්වය දැකීම නම් වූ යථාභූත ඤාණදර්ශනය කියාය.
පින්වත් මහණෙනි, යථාභූත ඤාණදර්ශනය පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, යථාභූත ඤාණදර්ශනයට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ සමාධිය කියාය.
පින්වත් මහණෙනි, සමාධිය පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, සමාධියට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ සැපය කියාය.
පින්වත් මහණෙනි, සැපය පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, සැපයට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ කායික මානසික සැහැල්ලු බව කියාය.
පින්වත් මහණෙනි, කායික මානසික සැහැල්ලු බව පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, කායික මානසික සැහැල්ලු බවට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ ප්‍රීතිය කියාය.
පින්වත් මහණෙනි, ප්‍රීතිය පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, ප්‍රීතියට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ ප්‍රමුදිත බව කියාය.
පින්වත් මහණෙනි, ප්‍රමුදිත බව පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, ප්‍රමුදිත බවට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ ශ්‍රද්ධාව කියාය.
පින්වත් මහණෙනි, ශ්‍රද්ධාව පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, ශ්‍රද්ධාවට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ දුක කියාය.
පින්වත් මහණෙනි, දුක පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, දුකට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ ඉපදීම කියාය.
පින්වත් මහණෙනි, ඉපදීම පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, ඉපදීමට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ භවය කියාය.
පින්වත් මහණෙනි, භවය පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, භවයට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ උපාදාන කියාය.
පින්වත් මහණෙනි, උපාදාන පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, උපාදානයට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ තණ්හාව කියාය.
පින්වත් මහණෙනි, තණ්හාව පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, තණ්හාවට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ විඳීම කියාය.
පින්වත් මහණෙනි, විඳීම පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, විඳීමට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ ස්පර්ශය කියාය.
පින්වත් මහණෙනි, ස්පර්ශය පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, ස්පර්ශයට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ ආයතන හය කියාය.
පින්වත් මහණෙනි, ආයතන හය පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, ආයතන හයට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ නාමරූප කියාය.
පින්වත් මහණෙනි, නාමරූප පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, නාමරූපයට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ විඤ්ඤාණය කියාය.
පින්වත් මහණෙනි, විඤ්ඤාණය පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, විඤ්ඤාණයට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ සංස්කාර කියාය.
පින්වත් මහණෙනි, සංස්කාර පවා කරුණු සහිතව ඇතිවෙනවා කියලයි මං කියන්නේ. කරුණු රහිතව නම් නොවේ. පින්වත් මහණෙනි, සංස්කාරවලට හේතු වූ කරුණ කුමක්ද? එයට කිව යුත්තේ අවිද්‍යාව කියාය.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙනයි සංස්කාර ඇතිවෙන්නේ. සංස්කාර හේතු කරගෙනයි විඤ්ඤාණය ඇතිවෙන්නේ. විඤ්ඤාණය හේතු කරගෙනයි නාමරූප ඇතිවෙන්නේ. නාමරූප හේතු කරගෙනයි ආයතන හය ඇතිවෙන්නේ. ආයතන හය හේතු කරගෙනයි ස්පර්ශය ඇතිවෙන්නේ. ස්පර්ශය හේතු කරගෙනයි විඳීම ඇතිවෙන්නේ. විඳීම හේතු කරගෙනයි තණ්හාව ඇතිවෙන්නේ. තණ්හාව හේතු කරගෙනයි උපාදාන ඇතිවෙන්නේ. උපාදාන හේතු කරගෙනයි භවය ඇතිවෙන්නේ. භවය හේතු කරගෙනයි ඉපදීම ඇතිවෙන්නේ. ඉපදීම හේතු කරගෙනයි දුක ඇතිවෙන්නේ. දුක හේතු කරගෙනයි ශ්‍රද්ධාව ඇතිවෙන්නේ. ශ්‍රද්ධාව හේතු කරගෙනයි ප්‍රමුදිත බව ඇතිවෙන්නේ. ප්‍රමුදිත බව හේතු කරගෙනයි ප්‍රීතිය ඇතිවෙන්නේ. ප්‍රීතිය හේතු කරගෙනයි කායික මානසික සැහැල්ලු බව ඇතිවෙන්නේ. කායික මානසික සැහැල්ලු බව හේතු කරගෙනයි සැපය ඇතිවෙන්නේ. සැපය හේතු කරගෙනයි සමාධිය ඇතිවෙන්නේ. සමාධිය හේතු කරගෙනයි යථාභූත ඤාණදර්ශනය ඇතිවෙන්නේ. යථාභූත ඤාණදර්ශනය හේතු කරගෙනයි අවබෝධයෙන්ම කලකිරීම ඇතිවෙන්නේ. අවබෝධයෙන්ම කලකිරීම හේතු කරගෙනයි නොඇලීම ඇතිවෙන්නේ. නොඇලීම හේතු කරගෙනයි තණ්හාවෙන් නිදහස් වීම ඇතිවෙන්නේ. තණ්හාවෙන් නිදහස් වීම හේතු කරගෙනයි ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳව ඤාණය ඇතිවෙන්නේ.
පින්වත් මහණෙනි, කන්දක් මුදුනට ලොකු දිය බිංදු ඇති වැස්සක් වහිද්දි ඒ වතුර පහත් බිමට ගලාගෙන එනවා. ඒ වතුරෙන් කන්දේ දිය ඇලි පිරෙනවා. දිය අගල් පිරෙනවා. කන්දේ දිය ඇලි පිරෙන කොට, දිය අගල් පිරෙන කොට කුඩා වැව් පිරෙනවා. කුඩා වැව් පිරෙන කොට මහ වැව් පිරෙනවා. මහ වැව් පිරෙන කොට කුඩා ගංගා පිරෙනවා. කුඩා ගංගා පිරෙන කොට මහා ගංගා පිරෙනවා. මහා ගංගා පිරෙන කොට මහා සාගරය පිරෙනවා.
පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙනයි සංස්කාර ඇතිවෙන්නේ. සංස්කාර හේතු කරගෙනයි විඤ්ඤාණය ඇතිවෙන්නේ. විඤ්ඤාණය හේතු කරගෙනයි නාමරූප ඇතිවෙන්නේ. නාමරූප හේතු කරගෙනයි ආයතන හය ඇතිවෙන්නේ. ආයතන හය හේතු කරගෙනයි ස්පර්ශය ඇතිවෙන්නේ. ස්පර්ශය හේතු කරගෙනයි විඳීම ඇතිවෙන්නේ. විඳීම හේතු කරගෙනයි තණ්හාව ඇතිවෙන්නේ. තණ්හාව හේතු කරගෙනයි උපාදාන ඇතිවෙන්නේ. උපාදාන හේතු කරගෙනයි භවය ඇතිවෙන්නේ. භවය හේතු කරගෙනයි ඉපදීම ඇතිවෙන්නේ. ඉපදීම හේතු කරගෙනයි දුක ඇතිවෙන්නේ. දුක හේතු කරගෙනයි ශ්‍රද්ධාව ඇතිවෙන්නේ. ශ්‍රද්ධාව හේතු කරගෙනයි ප්‍රමුදිත බව ඇතිවෙන්නේ. ප්‍රමුදිත බව හේතු කරගෙනයි ප්‍රීතිය ඇතිවෙන්නේ. ප්‍රීතිය හේතු කරගෙනයි කායික මානසික සැහැල්ලු බව ඇතිවෙන්නේ. කායික මානසික සැහැල්ලු බව හේතු කරගෙනයි සැපය ඇතිවෙන්නේ. සැපය හේතු කරගෙනයි සමාධිය ඇතිවෙන්නේ. සමාධිය හේතු කරගෙනයි යථාභූත ඤාණදර්ශනය ඇතිවෙන්නේ. යථාභූත ඤාණදර්ශනය හේතු කරගෙනයි අවබෝධයෙන්ම කලකිරීම ඇතිවෙන්නේ. අවබෝධයෙන්ම කලකිරීම හේතු කරගෙනයි නොඇලීම ඇතිවෙන්නේ. නොඇලීම හේතු කරගෙනයි තණ්හාවෙන් නිදහස් වීම ඇතිවෙන්නේ. තණ්හාවෙන් නිදහස් වීම හේතු කරගෙනයි ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳව ඤාණය ඇතිවෙන්නේ.
සාදු! සාදු!! සාදු!!!
උපනිස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M