සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.3.2. දුතිය දසබල සුත්තං

1.3.2. දස බල ගැන වදාළ දෙවෙනි දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………………

දසබලසමන්නාගතෝ භික්ඛවේ, තථාගතෝ චතූහි ච වේසාරජ්‌ජේහි සමන්නාගතෝ ආසභං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්‌මචක්‌කං පවත්‌තේ‌ති. ඉති රූපං, ඉති රූපස්‌ස සමුදයෝ, ඉති රූපස්‌ස අත්ථංගමෝ. ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ථංගමෝ. ඉති සඤ්‌ඤා, ඉති සඤ්‌ඤාය සමුදයෝ, ඉති සඤ්‌ඤාය අත්ථංගමෝ. ඉති සංඛාරා, ඉති සංඛාරානං සමුදයෝ, ඉති සංඛාරානං අත්ථංගමෝ. ඉති විඤ්‌ඤාණං, ඉති විඤ්‌ඤාණස්‌ස සමුදයෝ, ඉති විඤ්‌ඤාණස්‌ස අත්ථංගමෝ. ඉති ඉමස්‌මිං සති ඉදං හෝති, ඉමස්‌සුප්‌පාදා ඉදං උප්‌පජ්‌ජති. ඉමස්‌මිං අසති ඉදං න හෝති, ඉමස්‌ස නිරෝධා ඉදං නිරුජ්‌ඣති.

පින්වත් මහණෙනි, බල ධර්මයන් දහයකින් සමන්විත වූ විශාරද ඤාණ හතරකින් සමන්විත වූ තථාගතයන් වහන්සේ ලොව ශ්‍රේෂ්ඨම තැනටයි පත්ව සිටින්නේ. ඒ වගේම පිරිස් මැද අභීත ස්වරයෙන් කතා කරනවා (සිංහනාද කරනවා). උතුම් ධර්ම චක්‍රය පවත්වනවා. (ඒක කොහොමද කරන්නේ?) මෙය තමයි රූපය. මෙහෙමයි දිගින් දිගට රූපයේ පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි රූපය සදහටම නැති වී යන්නේ. මෙය තමයි විඳීම. මෙහෙමයි දිගින් දිගට විඳීමේ පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි විඳීම සදහටම නැති වී යන්නේ. මෙය තමයි සඤ්ඤාව. මෙහෙමයි දිගින් දිගට සඤ්ඤාවේ පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි සඤ්ඤාව සදහටම නැති වී යන්නේ. මේවා තමයි සංස්කාර. මෙහෙමයි දිගින් දිගට සංස්කාරවල පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි සංස්කාර සදහටම නැති වී යන්නේ. මෙය තමයි විඤ්ඤාණය. මෙහෙමයි දිගින් දිගට විඤ්ඤාණයේ පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි විඤ්ඤාණය සදහටම නැති වී යන්නේ.

ඔය විදිහට මෙය ඇති වන විට මෙය ඇතිවෙනවා. මෙය ඉපදෙන කොටයි මෙය උපදින්නේ. මෙය නැති වන විට මෙය නැතිවෙනවා. මෙය නිරුද්ධ වන විටයි මෙය නිරුද්ධ වන්නේ.

යදිදං අවිජ්‌ජාපච්‌චයා සංඛාරා, සංඛාරපච්‌චයා විඤ්‌ඤාණං, ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති. අවිජ්‌ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ, සංඛාරනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝති.

ඒ කියන්නේ අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. ඒ අවිද්‍යාව සහමුළින්ම නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙන්නේ.

ඒවං ස්‌වාක්‌ඛාතෝ භික්ඛවේ, මයා ධම්මෝ උත්‌තානෝ විවටෝ පකාසිතෝ ඡින්‌නපිලෝතිකෝ. ඒවං ස්වාක්ඛාතේ ඛෝ භික්ඛවේ, මයා ධම්මේ උත්‌තානේ විවටේ පකාසිතේ ඡින්‌නපිලෝතිකේ අලමේව සද්‌ධාපබ්‌බජිතේන කුලපුත්‌තේන විරියං ආරභිතුං. කාමං තචෝ ච නහාරු ච අට්‌ඨි ච අවසිස්‌සතු, සරීරේ උපසුස්‌සතු මංසලෝහිතං, යං තං පුරිසත්ථාමේන පුරිසවිරියේන පුරිසපරක්‌කමේන පත්‌තබ්‌බං න තං අපාපුණිත්‌වා විරියස්‌ස සණ්‌ඨානං භවිස්‌සති.

පින්වත් මහණෙනි, මා මේ ධර්මය ඔය ආකාරයෙන් ඉතා මැනැවින් දේශනා කරලයි තියෙන්නේ. ඉස්මතු කොට දක්වලයි තියෙන්නේ. විවෘත කරලයි තියෙන්නේ. ප්‍රකාශ කරලයි තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටික රෙදි කඩමාලු ඉරා දමලයි තියෙන්නේ. එම නිසා පින්වත් මහණෙනි, මා මේ ධර්මය ඔය ආකාරයෙන් ඉතා මැනැවින් දේශනා කරල තියෙද්දී, ඉස්මතු කරලා දක්වලා තියෙද්දී, විවෘත කරලා තියෙද්දී, ප්‍රකාශ කරලා තියෙද්දී, මිත්‍යා දෘෂ්ටික රෙදි කඩමලු ඉරා දමල තියෙද්දී, ශ්‍රද්ධාවෙන් පැවිදි වුණු පින්වත් දරුවෙකුට වීරිය පටන් ගන්නට ඔය කරුණ හොඳටම ප්‍රමාණවත්. ‘ඒකාන්තයෙන් ම මේ ශරීරයේ හමත්, නහර වැලුත්, ඇටත්, ඉතිරිවේවා! මස් ලේ වියැලී යේවා! පුරුෂ ධෛර්යයෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් යම් නිවනක් සාක්ෂාත් කළ යුතුද, ඒ උතුම් ධර්මයට නොපැමිණ මේ උත්සාහය නම් අත්හරින්නේ නෑ’ කියල වීර්යය පටන් ගන්නට හොඳටම ප්‍රමාණවත්.

දුක්‌ඛං හි භික්ඛවේ, කුසීතෝ විහරති වෝකිණ්‌ණෝ පාපකේහි අකුසලේහි ධම්මේහි. මහන්‌තඤ්‌ච සදත්‌ථං පරිහාපේති. ආරද්‌ධවිරියෝ ච ඛෝ භික්ඛවේ සුඛං විහරති පවිවිත්‌තෝ පාපකේහි අකුසලේහි ධම්මේහි. මහන්‌තඤ්‌ච සදත්‌ථං පරිපූරේති.

පින්වත් මහණෙනි. ධර්මයේ හැසිරෙන්නට කම්මැලි කෙනා පාපී අකුසල ධර්මයන්ගෙන් ගැවැසුණු සිතින් යුක්තව දුකසේ ම යි ඉන්නේ. තමන්ගේ ජීවිතයට සළසා ගන්නට තියෙන අති විශාල යහපතක් පිරිහෙළා ගන්නවා. නමුත් පින්වත් මහණෙනි, ධර්මයේ හැසිරෙන්නට පටන් ගත් වීරියෙන් යුක්ත කෙනා පාපී අකුසල ධර්මයන්ගෙන් වෙන් වුණු සිතින් යුතුව සැපසේ ම යි ඉන්නේ. තමන්ගේ ජීවිතයට සළාසාගන්නට තිබෙන අති විශාල යහපත උදාකර ගන්නවා.

න භික්ඛවේ හීනේන අග්‌ගස්‌ස පත්‌ති හෝති. අග්‌ගේන ච ඛෝ භික්ඛවේ අග්‌ගස්‌ස පත්‌ති හෝති. මණ්‌ඩපෙය්‍යමිදං භික්ඛවේ බ්‍රහ්‌මචරියං, සත්‌ථා සම්‌මුඛීභූතෝ. තස්‌මාතිහ භික්ඛවේ, විරියං ආරභථ අප්‌පත්‌තස්‌ස පත්‌තියා, අනධිගතස්‌ස අධිගමාය, අසච්‌ඡිකතස්‌ස සච්‌ඡිකිරියාය. ඒවං නෝ අයං අම්‌හාකං පබ්‌බජ්‌ජා අවඤ්‌ඣා භවිස්‌සති, සඵලා සඋද්‍රයා, යේසං මයං පරිභුඤ්‌ජාම චීවර-පිණ්‌ඩපාතසේනාසන-ගිලානප්‌පච්‌චයභේසජ්‌ජපරික්‌ඛාරං. තේසං තේ කාරා අම්‌හේසු මහප්‌ඵලා භවිස්‌සන්‌ති මහානිසංසාති. ඒවං හි වෝ භික්ඛවේ සික්‌ඛිතබ්‌බං. අත්‌තත්‌ථං වා හි භික්ඛවේ සම්‌පස්‌සමානේන අලමේව අප්‌පමාදේන සම්පාදේතුං. පරත්‌ථං වා හි භික්ඛවේ සම්‌පස්‌සමානේන අලමේව අප්‌පමාදේන සම්පාදේතුං. උභයත්‌ථං වා හි භික්ඛවේ සම්‌පස්‌සමානේන අලමේව අප්‌පමාදේන සම්පාදේතුන්‌ති.

පින්වත් මහණෙනි. ළාමක වූ දෙයකින් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නට පුළුවන් කමක් නෑ. ශ්‍රේෂ්ඨ වූ ශ්‍රද්ධා, වීරිය ආදියෙන් ම යි ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ. පින්වත් මහණෙනි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉතා මිහිරි පැණි බීමක් වගේ රසවත්. ශාස්තෘන් වහන්සේ ඔබට දැන් මුණගැහිලයි තියෙන්නේ. එම නිසා පින්වත් මහණෙනි, නොපැමිණි අරහත්වයට පැමිණීම පිණිස, අවබෝධ නොකළ ආර්ය සත්‍යය අවබෝධ කරගැනීම පිණිස, සාක්ෂාත් නොකළ ඒ අමා නිවන සාක්ෂාත් කිරීම පිණිස වීරියමයි කරන්න ඕන. ‘අපගේ මේ පැවිදි ජීවිතය වඳ පීදුන එකක් වෙන්නේ නෑ. පල සහිත එකක්ම වෙනවා. දියුණු වෙන එකක්ම වෙනවා. අපි සැදැහැවතුන්ගෙන් ලැබෙන යම් සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර පාවිච්චි කරනවා නම්, අප වෙත කරන ඒ පින්වතුන්ගේ ඒ සත්කාරවලට මහත්ඵල මහානිශංසදායක පිනක් ලැබෙනවා ම යි.’

එම නිසා පින්වත් මහණෙනි, හික්මිය යුත්තේ ඔය විදිහට ම යි. පින්වත් මහණෙනි, තමාගේ යහපත අපේක්ෂා කරන කෙනා විසින් අප්‍රමාදීව ධර්මයේ ම යි හැසිරෙන්නට ඕන. අනුන්ගේ යහපත අපේක්ෂා කරන කෙනා විසිනුත් අප්‍රමාදීව ධර්මයේ ම යි හැසිරෙන්නට ඕන. තමාගේත් අනුන්ගේත් යහපත අපේක්ෂා කරන කෙනා විසිනුත් අප්‍රමාදීව ධර්මයේ ම යි හැසිරෙන්නට ඕන.

සාදු! සාදු!! සාදු!!!

දුතිය දසබල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M