සැවැත් නුවරදී ………….
පින්වත් මහණෙනි, බල ධර්මයන් දහයකින් සමන්විත වූ විශාරද ඤාණ හතරකින් සමන්විත වූ තථාගතයන් වහන්සේ ලොව ශ්‍රේෂ්ඨම තැනටයි පත්ව සිටින්නේ. ඒ වගේම පිරිස් මැද අභීත ස්වරයෙන් කතා කරනවා (සිංහනාද කරනවා). උතුම් ධර්ම චක්‍රය පවත්වනවා. (ඒක කොහොමද කරන්නේ?) මෙය තමයි රූපය. මෙහෙමයි දිගින් දිගට රූපයේ පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි රූපය සදහටම නැති වී යන්නේ. මෙය තමයි විඳීම. මෙහෙමයි දිගින් දිගට විඳීමේ පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි විඳීම සදහටම නැති වී යන්නේ. මෙය තමයි සඤ්ඤාව. මෙහෙමයි දිගින් දිගට සඤ්ඤාවේ පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි සඤ්ඤාව සදහටම නැති වී යන්නේ. මේවා තමයි සංස්කාර. මෙහෙමයි දිගින් දිගට සංස්කාරවල පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි සංස්කාර සදහටම නැති වී යන්නේ. මෙය තමයි විඤ්ඤාණය. මෙහෙමයි දිගින් දිගට විඤ්ඤාණයේ පැවැත්ම හටගන්නේ. මේ විදිහටයි විඤ්ඤාණය සදහටම නැති වී යන්නේ.
ඔය විදිහට මෙය ඇති වන විට මෙය ඇතිවෙනවා. මෙය ඉපදෙන කොටයි මෙය උපදින්නේ. මෙය නැති වන විට මෙය නැතිවෙනවා. මෙය නිරුද්ධ වන විටයි මෙය නිරුද්ධ වන්නේ.
ඒ කියන්නේ අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. ඒ අවිද්‍යාව සහමුළින්ම නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙන්නේ’
සාදු! සාදු!! සාදු!!!
දසබල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M