සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.2.10. පච්චය පච්චයුප්පන්න සුත්තං

1.2.10. හේතු ඵල දහමත්, එයින් හටගත් දෙයත් ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං ….

සැවැත් නුවරදී ………..

පටිච්‌චසමුප්‌පාදඤ්‌ච වෝ භික්ඛවේ, දේසිස්සාමි පටිච්‌චසමුප්‌පන්‌නේ ච ධම්මේ. තං සුණාථ සාධුකං මනසිකරෝථ භාසිස්‌සාමී ති. ඒවං භන්තේ ති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

පින්වත් මහණෙනි, මා ඔබට පටිච්චසමුප්පාදයත් (හේතු ඵල දහමත්) හේතු ඵල දහමින් හටගත් දෙයත් ගැන කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕන. ඒ ගැන නුවණින් මෙනෙහි කරන්න ඕන. මං කියා දෙන්නම්.

“එසේය, ස්වාමීනී” කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ ඒ මොහොතේදී තමයි මේ දේශනය වදාළේ.

කතමෝ ච භික්ඛවේ පටිච්‌චසමුප්‌පාදෝ? ජාතිපච්‌චයා භික්ඛවේ ජරාමරණං. උප්‌පාදා වා තථාගතානං අනුප්‌පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්‌මට්‌ඨිතතා ධම්‌මනියාමතා ඉදප්‌පච්‌චයතා. තං තථාගතෝ අභිසම්‌බුජ්‌ඣති, අභිසමේති. අභිසම්‌බුජ්‌ක්‍ධිත්‌වා අභිසමෙත්‌වා ආචික්‌ඛති දේසේති පඤ්‌ඤපේති පට්‌ඨපේති විවරති විභජති උත්‌තානීකරෝති. පස්‌සථාති චාහ. ජාතිපච්‌චයා භික්ඛවේ ජරාමරණං. (ඉති ඛෝ භික්ඛවේ යා තත්‍ර තථතා අවිතථතා අනඤ්ඤථතා ඉදප්පච්චයතා. අයං වුච්චති භික්ඛවේ පටිච්චසමුප්පාදෝ)

පින්වත් මහණෙනි, පටිච්චසමුප්පාදය කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, ඉපදීම හේතු කරගෙන ජරා මරණ ඇතිවෙනවා යන කරුණ තථාගතයන් වහන්සේලාගේ පහළ වීම ඇතත්, පහළ වීම නැතත් පවතින ධර්ම ස්වභාවයකි. ස්වභාව පැවැත්මකි. ධර්ම නියාමයකි. හේතුඵල ධර්මතාවකි. තථාගතයන් වහන්සේ ඔය කාරණය අවබෝධ කරගන්නවා. නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඉතින් ඔය කාරණය අවබෝධ කරගෙන, නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන (ලෝක සත්වයාට) පෙන්වා දෙනවා. දේශනා කරනවා. හඳුන්වා දෙනවා. පිහිටුවනවා. විවෘත කරනවා. විග්‍රහ කොට දක්වනවා. ඉස්මතු කොට දක්වනවා. නුවණින් දැකගන්න කියල පවසනවා.

පින්වත් මහණෙනි, මේ විදිහට ඉපදීම හේතු කොට ගෙන ජරා මරණ ඇති වේ යන කරුණ සත්‍යක්මයි. අසත්‍ය බවට පත් නොවන දෙයක්මයි. නොවෙනස් වන දෙයක්මයි. හේතු ඵල ධර්මතාවක්මයි. පින්වත් මහණෙනි, මෙන්න මේකට තමයි පටිච්චසමුප්පාදය කියන්නේ.

භවපච්‌චයා භික්ඛවේ ජාති ….(පෙ)…. උපාදානපච්‌චයා භික්ඛවේ භවෝ ….(පෙ)…. තණ්‌හාපච්‌චයා භික්ඛවේ උපාදානං – වේදනාපච්‌චයා භික්ඛවේ තණ්‌හා – ඵස්‌සපච්‌චයා භික්ඛවේ වේදනා – සළායතනපච්‌චයා භික්ඛවේ ඵස්සෝ – නාමරූපපච්‌චයා භික්ඛවේ සළායතනං – විඤ්‌ඤාණපච්‌චයා භික්ඛවේ නාමරූපං – සංඛාරපච්‌චයා භික්ඛවේ විඤ්‌ඤාණං – අවිජ්‌ජාපච්‌චයා භික්ඛවේ සංඛාරා උප්‌පාදා වා තථාගතානං අනුප්‌පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්‌මට්‌ඨිතතා ධම්‌මනියාමතා ඉදප්‌පච්‌චයතා. තං තථාගතෝ අභිසම්‌බුජ්‌ඣති අභිසමේති. අභිසම්‌බුජ්‌ක්‍ධිත්‌වා අභිසමෙත්‌වා ආචික්‌ඛති දේසේති පඤ්‌ඤපේති පට්ඨපේති විවරති විභජති උත්‌තානීකරෝති. පස්‌සථා’ති චාහ. අවිජ්‌ජාපච්‌චයා භික්ඛවේ සංඛාරා. ඉති ඛෝ භික්ඛවේ, යා තත්‍ර තථතා අවිතථතා අනඤ්‌ඤථතා ඉදප්‌පච්‌චයතා. අයං වුච්‌චති භික්ඛවේ පටිච්‌චසමුප්‌පාදෝ.

පින්වත් මහණෙනි, භවය හේතුකොට ගෙන ඉපදීම සිදු වේ …. (පෙ) …. පින්වත් මහණෙනි, උපාදාන හේතුකොට ගෙන භවය ඇති වේ …. (පෙ) …. පින්වත් මහණෙනි, තණ්හාව හේතුකොට ගෙන උපාදාන ඇති වේ …. (පෙ) …. පින්වත් මහණෙනි, විඳීම හේතුකොට ගෙන තණ්හාව ඇති වේ …. (පෙ) …. පින්වත් මහණෙනි, ස්පර්ශය හේතුකොට ගෙන විඳීම ඇති වේ …. (පෙ) …. පින්වත් මහණෙනි, ආයතන හය හේතුකොට ගෙන ස්පර්ශය ඇති වේ …. (පෙ) …. පින්වත් මහණෙනි, නාමරූප හේතුකොට ගෙන ආයතන හය ඇති වේ …. (පෙ) …. පින්වත් මහණෙනි, විඤ්ඤාණය හේතුකොට ගෙන නාමරූප ඇති වේ …. (පෙ) …. පින්වත් මහණෙනි, සංස්කාර හේතුකොට ගෙන විඤ්ඤාණය ඇති වේ …. (පෙ) ….

පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇති වේ යන මෙකරුණ තථාගතයන් වහන්සේලාගේ පහළ වීම ඇතත්, පහළ වීම නැතත් පවතින ධර්ම ස්වභාවයකි. ස්වභාව පැවැත්මකි. ධර්ම නියාමයකි. හේතු ඵල ධර්මතාවකි. තථාගතයන් වහන්සේ ඔය කාරණය අවබෝධ කරගන්නවා. නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඉතින් ඔය කාරණය අවබෝධ කරගෙන, නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙන (ලෝක සත්වයාට) පෙන්වා දෙනවා. දේශනා කරනවා. හඳුන්වා දෙනවා. පිහිටුවනවා. විවෘත කරනවා. විග්‍රහ කොට දක්වනවා. ඉස්මතු කොට දක්වනවා. නුවණින් දැකගන්න කියල පවසනවා.

පින්වත් මහණෙනි, මේ විදිහට අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර ඇති වේ යන කරුණ සත්‍යක්මයි. අසත්‍ය බවට පත් නොවන දෙයක්මයි. නොවෙනස් වන දෙයක්මයි. හේතු ඵල ධර්මතාවක්මයි. පින්වත් මහණෙනි, මෙන්න මේකට තමයි පටිච්චසමුප්පාදය කියන්නේ.

කතමේ ච භික්ඛවේ පටිච්‌චසමුප්‌පන්‌නා ධම්‌මා? ජරාමරණං භික්ඛවේ අනිච්‌චං සංඛතං පටිච්‌චසමුප්‌පන්‌නං, ඛයධම්‌මං වයධම්‌මං විරාගධම්‌මං නිරෝධධම්‌මං. ජාති භික්ඛවේ, අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා ඛයධම්‌මා වයධම්‌මා විරාගධම්‌මා නිරෝධධම්‌මා. භවෝ භික්ඛවේ, අනිච්‌චෝ සංඛතෝ පටිච්‌චසමුප්‌පන්‌නෝ ඛයධම්මෝ වයධම්මෝ විරාගධම්මෝ නිරෝධධම්මෝ. උපාදානං භික්ඛවේ ….(පෙ)…. තණ්‌හා භික්ඛවේ – වේදනා භික්ඛවේ – ඵස්සෝ භික්ඛවේ – සළායතනං භික්ඛවේ – නාමරූපං භික්ඛවේ – විඤ්‌ඤාණං භික්ඛවේ – සංඛාරා භික්ඛවේ – අවිජ්‌ජා භික්ඛවේ අනිච්‌චා සංඛතා පටිච්‌චසමුප්‌පන්‌නා ඛයධම්‌මා වයධම්‌මා විරාගධම්‌මා නිරෝධධම්‌මා. ඉමේ වුච්‌චන්‌ති භික්ඛවේ පටිච්‌චසමුප්‌පන්‌නා ධම්‌මා.

පින්වත් මහණෙනි, හේතු ඵල දහමින් හටගත් දේවල් යනු මොනවාද? පින්වත් මහණෙනි, ජරා මරණ කියන්නේ අනිත්‍ය දෙයක්. සකස් වෙච්ච දෙයක්. හේතු ඵල දහමින් හටගත් දෙයක්. ක්ෂය වී යන දෙයක්. නැසී යන දෙයක්. නොඇලිය යුතු දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. පින්වත් මහණෙනි, ඉපදීම කියන්නේ අනිත්‍ය දෙයක්. සකස් වෙච්ච දෙයක්. හේතු ඵල දහමින් හටගත් දෙයක්. ක්ෂය වී යන දෙයක්. නැසී යන දෙයක්. නොඇලිය යුතු දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. පින්වත් මහණෙනි, භවය කියන්නේ අනිත්‍ය දෙයක්. සකස් වෙච්ච දෙයක්. හේතු ඵල දහමින් හටගත් දෙයක්. ක්ෂය වී යන දෙයක්. නැසී යන දෙයක්. නොඇලිය යුතු දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. පින්වත් මහණෙනි, උපාදාන …. (පෙ) …. පින්වත් මහණෙනි, තණ්හාව …. (පෙ) …. පින්වත් මහණෙනි, විඳීම …. (පෙ) …. පින්වත් මහණෙනි, ස්පර්ශය …. (පෙ) …. පින්වත් මහණෙනි, ආයතන හය …. (පෙ) …. පින්වත් මහණෙනි, නාමරූප …. (පෙ) …. පින්වත් මහණෙනි, විඤ්ඤාණය …. (පෙ) …. පින්වත් මහණෙනි, සංස්කාර …. (පෙ) …. පින්වත් මහණෙනි, අවිද්‍යාව කියන්නේ අනිත්‍ය දෙයක්. සකස් වෙච්ච දෙයක්. හේතු ඵල දහමින් හටගත් දෙයක්. ක්ෂය වී යන දෙයක්. නැසී යන දෙයක්. නොඇලිය යුතු දෙයක්. ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. පින්වත් මහණෙනි, හේතු ඵල දහමින් හටගත් දේවල් කියන්නේ මේවාටයි.

යතෝ ඛෝ භික්ඛවේ අරියසාවකස්‌ස අයඤ්‌ච පටිච්‌චසමුප්‌පාදෝ ඉමේ ච පටිච්‌චසමුප්‌පන්‌නා ධම්‌මා යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨා හොන්‌ති, සෝ වත පුබ්‌බන්‌තං වා පරිධාවිස්‌සති. අහෝසිං නු ඛෝ අහං අතීතමද්‌ධානං, නනු ඛෝ අහෝසිං අතීතමද්‌ධානං, කිං නු ඛෝ අහෝසිං අතීතමද්‌ධානං, කථං නු ඛෝ අහෝසිං අතීතමද්‌ධානං, කිං හුත්‌වා කිං අහෝසිං නු ඛෝ අහං අතීතමද්‌ධානන්‌ති, අපරන්‌තං වා උපධාවිස්‌සති. භවිස්‌සාමි නු ඛෝ අහං අනාගතමද්‌ධානං, නනු ඛෝ භවිස්‌සාමි අනාගතමද්‌ධානං, කිං නු ඛෝ භවිස්‌සාමි අනාගතමද්‌ධානං, කථං නු ඛෝ භවිස්‌සාමි අනාගතමද්‌ධානං, කිං හුත්‌වා කිං භවිස්‌සාමි නු ඛෝ අහං අනාගතමද්‌ධානන්‌ති, ඒතරහි වා පච්‌චුප්‌පන්‌නං අද්‌ධානං අජ්‌ඣත්‌තං කථංකථී භවිස්‌සති. අහං නු ඛොස්‌මි. නෝ නු ඛොස්‌මි, කිං නු ඛොස්‌මි, කථං නු ඛොස්‌මි. අයං නු ඛෝ සත්‌තෝ කුතෝ ආගතෝ, සෝ කුහිං ගාමී භවිස්‌සතීති. නේතං ඨානං විජ්‌ජති. තං කිස්‌ස හේතු? තථාහි භික්ඛවේ අරියසාවකස්‌ස අයඤ්‌ච පටිච්‌චසමුප්‌පාදෝ, ඉමේ ච පටිච්‌චසමුප්‌පන්‌නා ධම්‌මා යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨා ති.

පින්වත් මහණෙනි, යම් දවසක ආර්ය ශ්‍රාවකයාට මේ පටිච්චසමුප්පාදයත්, පටිච්චසමුප්පාදයෙන් හටගත් දේවලුත් ගැන දියුණු කරපු ප්‍රඥාවකින් ඒ ආකාරයෙන්ම අවබෝධ වුණොත්, කවදාවත්ම මේ අදහස් ඇතිවෙන්නේ නෑ. ‘මං අතීතයේ ඉඳල තියෙනවාද? මං අතීතයේ ඉඳල නැද්ද? මං අතීතයේ කවුරු වෙලා ඉන්න ඇද්ද? මං අතීතයේ මොන විදිහට සිටින්නට ඇද්ද? මං අතීතයේ කවුරු කවුරු වෙලා ඉන්නට ඇද්ද?’ කිය කියා කලින් ජීවිතයේ කෙළවර හොයන පූර්ව අන්තය කරා දුවන එක, ඒ ශ්‍රාවකයා කරනවා යන කරුණ කවදාවත් වෙන්න බැරි දෙයක්.

‘මං අනාගතයේ ඉඳීවිද? මං අනාගතයේ ඉන්න එකක් නැද්ද? මං අනාගතයේ කවුරු වේවිද? මං අනාගතයේ කොහොම වේවිද? මං අනාගතයේ කවුරු කවුරු වේවිද?’ කිය කිය ඉදිරි ජීවිතයේ කෙළවර හොයන අපර අන්තය කරා දුවන එක, ඒ ශ්‍රාවකයා කරනවා යන කරුණ කවදාවත් වෙන්න බැරි දෙයක්.

‘ඇත්තෙන්ම මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් කොහොමද ඉන්නේ? මේ සත්වයා කොහෙන්ද ආවේ? මේ සත්වයා කොහේ යාවිද?’ කිය කියා වර්තමානයේ තමන්ගේ ජීවිතය ගැන ‘කෙසේද? කෙසේද?’ කියන සැක සංකාවන් කරා ඒ ශ්‍රාවකයා යනවා යන කරුණ කවදාවත් වෙන්න බැරි දෙයක්.

ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, මේ පටිච්චසමුප්පාදයත්, පටිච්චසමුප්පාදයෙන් හටගත් දේවලුත් ගැන ආර්ය ශ්‍රාවකයාට දියුණු කරපු ප්‍රඥාවෙන් ඒ ආකාරයෙන්ම අවබෝධ වුණහම එහෙම තමයි.

සාදු! සාදු!! සාදු!!!

පච්චය පච්චයුප්පන්න නිමා විය.

ආහාරවග්ගෝ දුතියෝ.

දෙවෙනි ආහාර වර්ගය අවසන් විය.

තත්‍රැද්‌දානං.

ආහාරඵග්‌ගුණා චේව ද්වේ ච සමණබ්‍රාහ්‌මණා,
කච්‌චානගොත්‌තෝ ධම්‌මකථී අචේල තිම්‌බරුකේන ච,
බාලපණ්‌ඩිතතෝ චේව දසමෝ පච්‌චයේන චාති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M