සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.2.8. තිම්බරුක සුත්තං

1.2.8. තිම්බරුක හට වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

අථ ඛෝ තිම්‌බරුකෝ පරිබ්‌බාජකෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්‌ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ තිම්‌බරුකෝ පරිබ්‌බාජකෝ භගවන්‌තං ඒතදවෝච.

එදා තිම්බරුක තාපසයා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමඟ පිළිසඳර කතා බස් කළා. පිළිසඳර කතාව අවසන් කළ තිම්බරුක එකත්පස්ව හිටගත්තා. එකත්පස්ව සිටගත් තිම්බරුක භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා.

කින්නු ඛෝ භෝ ගෝතම, සයංකතං සුඛදුක්‌ඛන්‌ති? මා හේවං තිම්‌බරුකාති භගවා අවෝච. කිම්පන භෝ ගෝතම. පරංකතං සුඛදුක්‌ඛන්‌ති? මා හේවං තිම්‌බරුකාති භගවා අවෝච. කින්නු ඛෝ භෝ ගෝතම, සයංකතඤ්‌ච පරංකතඤ්‌ච සුඛදුක්‌ඛන්‌ති? මා හේවං තිම්‌බරුකාති භගවා අවෝච. කිම්පන භෝ ගෝතම, අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං සුඛදුක්‌ඛන්‌ති? මා හේවං තිම්‌බරුකාති භගවා අවෝච. කින්නු ඛෝ භෝ ගෝතම, නත්‌ථි සුඛදුක්‌ඛන්‌ති? න ඛෝ තිම්‌බරුක නත්‌ථි සුඛදුක්‌ඛං, අත්‌ථි ඛෝ තිම්‌බරුක සුඛදුක්‌ඛන්‌ති. තේන හි භවං ගෝතමෝ සුඛදුක්‌ඛං න ජානාති න පස්‌සති? න ඛ්‌වාහං තිම්‌බරුක සුඛදුක්‌ඛං න ජානාමි න පස්‌සාමි. ජානාමි ඛ්‌වාහං තිම්‌බරුක සුඛදුක්‌ඛං. පස්‌සාමි ඛ්‌වාහං තිම්‌බරුක සුඛදුක්‌ඛන්‌ති.

“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම සැප දුක තමා විසින් හදපු දෙයක්ද?” “පින්වත් තිම්බරුක, එහෙම කියන්න එපා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම සැප දුක අනුන් විසින් හදපු දෙයක්ද?” “පින්වත් තිම්බරුක, එහෙම කියන්න එපා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම සැප දුක තමා විසිනුත්, අනුන් විසිනුත් හදපු දෙයක්ද?” “පින්වත් තිම්බරුක, එහෙම කියන්න එපා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම සැප දුක තමා විසිනුත් නොහදපු, අනුන් විසිනුත් නොහදපු, ඉබේ හටගත්තු දෙයක්ද?” “පින්වත් තිම්බරුක, එහෙම කියන්න එපා!” කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම එහෙනම් සැප දුක නැද්ද?” “පින්වත් තිම්බරුක, සැප දුක නැතුවා නොවෙයි. පින්වත් තිම්බරුක, ඇත්තෙන්ම සැප දුක තියෙනවා” කියල වදාළා.

“එහෙනම් භවත් ගෞතමයන් වහන්සේ සැප දුක දන්නේ නැද්ද? සැප දුක දකින්නේ නැද්ද?” “පින්වත් තිම්බරුක, මම සැප දුක නොදන්න කෙනෙක් නොවේ. මම සැප දුක නොදකින කෙනෙකුත් නොවේ. පින්වත් තිම්බරුක, ඇත්තෙන්ම මම සැප දුක දන්නවා. මම සැප දුක දකිනවා.”

කින්නු ඛෝ භෝ ගෝතම, සයංකතං සුඛදුක්‌ඛන්‌ති ඉති පුට්ඨෝ සමානෝ මා හේවං තිම්‌බරුකාති වදේසි. කිම්පන භෝ ගෝතම, පරංකතං සුඛදුක්‌ඛන්‌ති ඉති පුට්ඨෝ සමානෝ මා හේවං තිම්‌බරුකාති වදේසි. කින්නු ඛෝ භෝ ගෝතම, සයංකතඤ්‌ච පරංකතඤ්‌ච සුඛදුක්‌ඛන්‌ති ඉති පුට්ඨෝ සමානෝ මා හේවං තිම්‌බරුකාති වදේසි. කිං පන භෝ ගෝතම, අසයංකාරං අපරංකාරං අධිච්‌චසමුප්‌පන්‌නං සුඛදුක්‌ඛන්‌ති ඉති පුට්ඨෝ සමානෝ මා හේවං තිම්‌බරුකාති වදේසි. කින්නු ඛෝ භෝ ගෝතම, නත්‌ථි සුඛදුක්‌ඛන්‌ති ඉති පුට්ඨෝ සමානෝ න ඛෝ තිම්‌බරුක නත්‌ථි සුඛදුක්‌ඛං, අත්‌ථි ඛෝ තිම්‌බරුක සුඛදුක්‌ඛන්‌ති වදේසි. තේන හි භවං ගෝතමෝ සුඛදුක්‌ඛං න ජානාති න පස්‌සතීති ඉති පුට්ඨෝ සමානෝ න ඛ්‌වාහං තිම්‌බරුක සුඛදුක්‌ඛං න ජානාමි න පස්‌සාමි. ජානාමි ඛ්‌වාහං තිම්‌බරුක සුඛදුක්‌ඛං, පස්‌සාමි ඛ්‌වාහං තිම්‌බරුක සුඛදුක්‌ඛන්‌ති වදේසි. ආචික්‌ඛතු ච මේ භවං ගෝතමෝ සුඛදුක්‌ඛං. දේසේතු ච මේ භවං ගෝතමෝ සුඛදුක්‌ඛන්‌ති.

“එහෙනම් භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම සැප දුක තමා විසින් හදපු දෙයක්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් තිම්බරුක, එහෙම කියන්න එපා!’ කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

‘භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම සැප දුක අනුන් විසින් හදපු දෙයක්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් තිම්බරුක, එහෙම කියන්න එපා!’ කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

‘භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම සැප දුක තමා විසිනුත්, අනුන් විසිනුත් හදපු දෙයක්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් තිම්බරුක, එහෙම කියන්න එපා!’ කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

‘භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම සැප දුක තමා විසිනුත් නොහදපු, අනුන් විසිනුත් නොහදපු, ඉබේ හටගත්තු දෙයක්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් තිම්බරුක, එහෙම කියන්න එපා!’ කියල භාග්‍යවතුන් වහන්සේ වදාළා.

‘භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම එහෙනම් සැප දුක නැද්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් තිම්බරුක, සැප දුක නැතුවා නොවෙයි. පින්වත් තිම්බරුක, ඇත්තෙන්ම සැප දුක තියෙනවා’ කියල වදාළා.

‘එහෙනම් භවත් ගෞතමයන් වහන්සේ සැප දුක දන්නේ නැද්ද? සැප දුක දකින්නේ නැද්ද?’ කියල මා ඇසූ විට, ‘පින්වත් තිම්බරුක, මම සැප දුක නොදන්න කෙනෙක් නොවේ. මම සැප දුක නොදකින කෙනෙකුත් නොවේ. පින්වත් තිම්බරුක, ඇත්තෙන්ම මම සැප දුක දන්නවා. මම සැප දුක දකිනවා’ කියල වදාළා.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට සැප දුක ගැන පවසන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මට සැප දුක ගැන දේශනා කරන සේක්වා!”

සා වේදනා සෝ වේදියතීති ඛෝ තිම්‌බරුක ආදිතෝ සතෝ සයංකතං සුඛදුක්‌ඛන්‌ති ඒවම්‌පහං න වදාමි. අඤ්‌ඤා වේදනා අඤ්‌ඤෝ වේදියතීති ඛෝ තිම්‌බරුක වේදනාභිතුන්‌නස්‌ස සතෝ පරංකතං සුඛදුක්‌ඛන්‌ති ඒවම්‌පහං න වදාමි.

“‘ඒක තමයි විඳීම, එයා තමයි විඳින්නේ’ කියල පින්වත් තිම්බරුක, මුලින්ම අදහසක් ඇතිවුණොත්, ‘තමා විසින් කරපු සැප දුකක් තියෙනවා’ කියන මතයට එනවා. මම එහෙම කියන්නේ නෑ. ‘වේදනාව වෙන දෙයක්. විඳින්නේ වෙන කෙනෙක්’ යන අදහසින් වේදනාවෙන් පෙළෙන කෙනෙකුට ‘අනුන් විසින් කරපු සැප දුකක් තියෙනවා’ යන මතය එනවා. මම එහෙම කියන්නෙත් නෑ.

ඒතේ තේ තිම්‌බරුක උභෝ අන්තේ අනුපගම්‌ම මජ්‌ඣේන තථාගතෝ ධම්‌මං දේසේති. අවිජ්‌ජාපච්‌චයා සංඛාරා. සංඛාරපච්‌චයා විඤ්‌ඤාණං ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති. අවිජ්‌ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ. සංඛාරනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී’ති.

පින්වත් තිම්බරුක, ඔය අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙනුයි දහම් දෙසන්නේ. එනම් අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.

අවිද්‍යාව සහමුලින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ’.

ඒවං වුත්‌තේ තිම්‌බරුකෝ පරිබ්‌බාජකෝ භගවන්‌තං ඒතදවෝච. අභික්‌කන්‌තං භෝ ගෝතම ….(පෙ)…. ඒසාහං භවන්‌තං ගෝතමං සරණං ගච්‌ඡාමි, ධම්‌මඤ්‌ච භික්‌ඛුසංඝඤ්‌ච. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්‌ජතග්‌ගේ පාණුපේතං සරණං ගතන්‌ති.

මෙසේ වදාළ විට තිම්බරුක භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කියා සිටියා. “ස්වාමීනී, ඉතා සුන්දරයි! ස්වාමීනී, ඉතා සුන්දරයි! යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. …. (පෙ) …. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

තිම්බරුක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M