සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.2.6. ධම්මකථික සුත්තං

1.2.6. ධර්මකථික භික්ෂුව ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………………

අථ ඛෝ අඤ්ඤතරෝ භික්‌ඛු යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්‌තං අභිවාදෙත්‌වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ භික්‌ඛු භගවන්‌තං ඒතදවෝච. ‘ධම්‌මකථිකෝ ධම්‌මකථිකෝ’ති භන්තේ වුච්‌චති. කිත්‌තාවතා නු ඛෝ භන්තේ ධම්‌මකථිකෝ හෝතීති?

එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනී, ධර්ම කථිකයෙක් වන්නේ කොපමණකින්ද?”

ජරාමරණස්‌ස චේ භික්‌ඛු නිබ්‌බිදාය විරාගාය නිරෝධාය ධම්‌මං දේසේති, ධම්‌මකථිකෝ භික්‌ඛූති අලං වචනාය. ජරාමරණස්‌ස චේ භික්‌ඛු නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්‌නෝ හෝති, ධම්‌මානුධම්‌මපටිපන්‌නෝ භික්‌ඛූති අලං වචනාය. ජරාමරණස්‌ස චේ භික්‌ඛු නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදාවිමුත්‌තෝ හෝති, දිට්‌ඨධම්‌මනිබ්‌බානප්‌පත්‌තෝ භික්‌ඛූති අලං වචනාය.

“පින්වත් භික්ෂුව, ඉදින් භික්ෂුව ජරා මරණ පිළිබඳව කලකිරීම පිණිස, එහි නොඇල්ම පිණිස, එය නිරුද්ධ වීම පිණිස දහම් දෙසනවා නම් අන්න ඒ භික්ෂුවටයි ‘ධර්ම කථිකයා’ කියල කිවයුත්තේ.

පින්වත් භික්ෂුව, ඉදින් භික්ෂුවක් ජරා මරණ පිළිබඳව කලකිරීම පිණිස, එහි නොඇල්ම පිණිස, එය නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියේ යෙදෙනවා නම් අන්න ඒ භික්ෂුවටයි ‘ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා’ කියල කිවයුත්තේ.

පින්වත් භික්ෂුව, ඉදින් භික්ෂුවක් ජරා මරණ පිළිබඳව කලකිරීමෙන්, එහි නොඇල්මෙන්, එය නිරුද්ධ වීමෙන්, උපාදාන රහිතව විමුක්තියට පත් වූයේ නම් අන්න ඒ භික්ෂුවටයි ‘මෙලොවදීම නිවනට පත් වූ කෙනා’ කියල කිවයුත්තේ.

ජාතියා චේ භික්‌ඛු ….(පෙ)…. භවස්‌ස චේ භික්‌ඛු – උපාදානස්‌ස චේ භික්‌ඛු – තණ්‌හාය චේ භික්‌ඛු – වේදනාය චේ භික්‌ඛු – ඵස්‌සස්‌ස චේ භික්‌ඛු – සළායතනස්‌ස චේ භික්‌ඛු – නාමරූපස්‌ස චේ භික්‌ඛු – විඤ්‌ඤාණස්‌ස චේ භික්‌ඛු – සංඛාරානං චේ භික්‌ඛු – අවිජ්‌ජාය චේ භික්‌ඛු නිබ්‌බිදාය විරාගාය නිරෝධාය ධම්‌මං දේසේති, ධම්‌මකථිකෝ භික්‌ඛූති අලං වචනාය.

පින්වත් භික්ෂුව, ඉදින් භික්ෂුව ඉපදීම පිළිබඳව …. (පෙ) …. භවය පිළිබඳව …. (පෙ) …. උපාදාන පිළිබඳව …. (පෙ) …. තණ්හාව පිළිබඳව …. (පෙ) …. විඳීම පිළිබඳව …. (පෙ) …. ස්පර්ශය පිළිබඳව …. (පෙ) …. ආයතන හය පිළිබඳව …. (පෙ) …. නාමරූප පිළිබඳව …. (පෙ) …. විඤ්ඤාණය පිළිබඳව …. (පෙ) …. සංස්කාර පිළිබඳව …. (පෙ) …. අවිද්‍යාව පිළිබඳව කලකිරීම පිණිස, එහි නොඇල්ම පිණිස, එය නිරුද්ධ වීම පිණිස දහම් දෙසනවා නම් අන්න ඒ භික්ෂුවටයි ‘ධර්ම කථිකයා’ කියල කිවයුත්තේ.

(ජාතියා චේ භික්ඛු ….(පෙ)…. ) අවිජ්‌ජාය චේ භික්‌ඛු නිබ්‌බිදාය විරාගාය නිරෝධාය පටිපන්‌නෝ හෝති, ධම්‌මානුධම්‌මපටිපන්‌නෝ භික්‌ඛූති අලං වචනාය.

පින්වත් භික්ෂුව, ඉදින් භික්ෂුව ඉපදීම පිළිබඳව …. (පෙ) …. අවිද්‍යාව පිළිබඳව කලකිරීම පිණිස, එහි නොඇල්ම පිණිස, එය නිරුද්ධ වීම පිණිස ප්‍රතිපත්තියේ යෙදෙනවා නම් අන්න ඒ භික්ෂුවටයි ‘ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතු කෙනා’ කියල කිවයුත්තේ.

(ජාතියා චේ භික්ඛු ….(පෙ)…. ) අවිජ්‌ජාය චේ භික්‌ඛු නිබ්‌බිදා විරාගා නිරෝධා අනුපාදාවිමුත්‌තෝ හෝති, දිට්‌ඨධම්‌මනිබ්‌බානප්‌පත්‌තෝ භික්‌ඛූති අලං වචනායා ති.

පින්වත් භික්ෂුව, ඉදින් භික්ෂුවක් ඉපදීම පිළිබඳව …. (පෙ) …. අවිද්‍යාව පිළිබඳව කලකිරීමෙන්, එහි නොඇල්මෙන්, එය නිරුද්ධ වීමෙන්, උපාදාන රහිතව විමුක්තියට පත් වූයේ නම් අන්න ඒ භික්ෂුවටයි ‘මෙලොවදීම නිවනට පත් වූ කෙනා’ කියල කිවයුත්තේ.”

සාදු! සාදු!! සාදු!!!

ධර්මකථික සුත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M