සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.2.3. සමණබ්‍රාහ්මණ සුත්තං

1.2.3. ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ……………

යේ හි කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා ජරාමරණං නප්‌පජානන්‌ති, ජරාමරණසමුදයං නප්‌පජානන්‌ති, ජරාමරණනිරෝධං නප්‌පජානන්‌ති, ජරාමරණනිරෝධගාමිනිං පටිපදං නප්‌පජානන්‌ති. ජාතිං ….(පෙ)…. භවං – උපදානං – තණ්හං – වේදනං – ඵස්සං – සළායතනං – නාමරූපං – විඤ්ඤාණං – සංඛාරේ නප්‌පජානන්‌ති, සංඛාරසමුදයං නප්‌පජානන්‌ති, සංඛාරනිරෝධං නප්‌පජානන්‌ති, සංඛාරනිරෝධගාමිනිං පටිපදං නප්‌පජානන්‌ති. න මේ තේ භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා සමණේසු වා සමණසම්‌මතා. බ්‍රාහ්‌මණේසු වා බ්‍රාහ්‌මණසම්‌මතා. න ච පන තේ ආයස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථං වා බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌ති.

“පින්වත් මහණෙනි, ජරා මරණ ගැන අවබෝධයක් නැති, ජරා මරණ හටගැනීම ගැන අවබෝධයක් නැති, ජරා මරණ නිරුද්ධ වීම ගැන අවබෝධයක් නැති, ජරා මරණ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන අවබෝධයක් නැති යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා නම්, ඉපදීම ගැන …. (පෙ) …. භවය ගැන …. (පෙ) …. උපාදාන ගැන …. (පෙ) …. තණ්හාව ගැන …. (පෙ) …. විඳීම ගැන …. (පෙ) …. ස්පර්ශය ගැන …. (පෙ) …. ආයතන හය ගැන …. (පෙ) …. නාමරූප ගැන …. (පෙ) …. විඤ්ඤාණය ගැන …. (පෙ) …. සංස්කාර ගැන අවබෝධයක් නැති, සංස්කාර හටගැනීම ගැන අවබෝධයක් නැති, සංස්කාර නිරුද්ධවීම ගැන අවබෝධයක් නැති, සංස්කාර නිරුද්ධවන්නා වූ ප්‍රතිපදාව ගැන අවබෝධයක් නැති යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා නම්,

පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් බවට පත්වෙන්නේ නෑ. සැබෑම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් බවට පත්වෙන්නෙත් නෑ. ඒ ආයුෂ්මත්වරුන් ශ්‍රමණ ජීවිතයේ අර්ථය හෝ බ්‍රාහ්මණ ජීවිතයේ අර්ථය හෝ මේ ජීවිතය තුළදීම තමන්ගේම විශිෂ්ට අවබෝධය තුළින් සාක්ෂාත් කරගෙන වාසය කරන්නේ නෑ.

යේ ච ඛෝ කේචි භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා ජරාමරණං පජානන්‌ති, ජරාමරණසමුදයං පජානන්‌ති. ජරාමරණනිරෝධං පජානන්‌ති. ජරාමරණනිරෝධගාමිනිං පටිපදං පජානන්‌ති. ජාතිං ….(පෙ)…. භවං – උපදානං – තණ්හං – වේදනං – ඵස්සං – සළායතනං – නාමරූපං – විඤ්ඤාණං – සංඛාරේ පජානන්‌ති, සංඛාරසමුදයං පජානන්‌ති. සංඛාරනිරෝධං පජානන්‌ති. සංඛාරනිරෝධගාමිනිං පටිපදං පජානන්‌ති. තේ ඛෝ මේ භික්ඛවේ, සමණා වා බ්‍රාහ්‌මණා වා සමණේසු චේව සමණසම්‌මතා. බ්‍රාහ්‌මණේසු ච බ්‍රාහ්‌මණසම්‌මතා. තේ ච පනායස්‌මන්‌තෝ සාමඤ්‌ඤත්‌ථඤ්‌ච බ්‍රහ්‌මඤ්‌ඤත්‌ථඤ්‌ච දිට්ඨේව ධම්මේ සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා උපසම්‌පජ්‌ජ විහරන්‌තී’ති.

පින්වත් මහණෙනි, ජරා මරණ ගැන අවබෝධයක් ඇති, ජරා මරණ හටගැනීම ගැන අවබෝධයක් ඇති, ජරා මරණ නිරුද්ධ වීම ගැන අවබෝධයක් ඇති, ජරා මරණ නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ගැන අවබෝධයක් ඇති යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා නම්, ඉපදීම ගැන …. (පෙ) …. භවය ගැන …. (පෙ) …. උපාදාන ගැන …. (පෙ) …. තණ්හාව ගැන …. (පෙ) …. විඳීම ගැන …. (පෙ) …. ස්පර්ශය ගැන …. (පෙ) …. ආයතන හය ගැන …. (පෙ) …. නාමරූප ගැන …. (පෙ) …. විඤ්ඤාණය ගැන …. (පෙ) …. සංස්කාර ගැන අවබෝධයක් ඇති, සංස්කාර හටගැනීම ගැන අවබෝධයක් ඇති, සංස්කාර නිරුද්ධ වීම ගැන අවබෝධයක් ඇති, සංස්කාර නිරුද්ධවන්නා වූ ප්‍රතිපදාව ගැන අවබෝධයක් ඇති යම්කිසි ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා නම්,

පින්වත් මහණෙනි, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු සැබෑම ශ්‍රමණයන් අතර ශ්‍රමණයන් බවට පත්වෙනවා. සැබෑම බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයන් බවට පත්වෙනවා. ඒ ආයුෂ්මත්වරුන් ශ්‍රමණ ජීවිතයේ අර්ථය හෝ බ්‍රාහ්මණ ජීවිතයේ අර්ථය හෝ මේ ජීවිතය තුළදීම තමන්ගේම විශිෂ්ට අවබෝධය තුළින් සාක්ෂාත් කරගෙන වාසය කරනවා.

සාදු! සාදු!! සාදු!!!

සමණබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M