සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.2.2. මෝළියඵග්ගුන සුත්තං

1.2.2. මෝළියඵග්ගුන තෙරුන් හට වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී …………

චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වා සත්‌තානං ඨිතියා, සම්‌භවේසීනං වා අනුග්‌ගහාය. කතමේ චත්‌තාරෝ? කබළිංකාරෝ ආහාරෝ. ඕළාරිකෝ වා සුඛුමෝ වා, ඵස්සෝ දුතියෝ, මනෝසඤ්‌චේතනා තතියා, විඤ්‌ඤාණං චතුත්‌ථං. ඉමේ ඛෝ භික්ඛවේ චත්‌තාරෝ ආහාරා භූතානං වා සත්‌තානං ඨිතියා, සම්‌භවේසීනං වා අනුග්‌ගහායා ති.

පින්වත් මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපතක් කරා යන සත්වයන් හට රුකුල් දීම පිණිසත්, මේ ආහාර සතර හේතුවෙනවා. මොනවද මේ ආහාර සතර? ගොරෝසු හෝ සියුම් හෝ කබලිංකාර ආහාරය. දෙවෙනි ආහාරය ස්පර්ශ ආහාරයයි. මනෝසංචේතනාව තුන් වෙනි ආහාරයයි. සතර වන ආහාරය නම් විඤ්ඤාණයයි. පින්වත් මහණෙනි, මෙන්න මේ ආහාර සතර උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසත්, උපතක් කරා යන සත්වයන් හට රුකුල් දීම පිණිසත් හේතුවෙනවා.

ඒවං වුත්‌තේ ආයස්‌මා මෝළියඵග්‌ගුනෝ භගවන්‌තං ඒතදවෝච. කෝ නු ඛෝ භන්තේ විඤ්‌ඤාණාහාරං ආහාරේතී ති? නෝ කල්ලෝ පඤ්‌හෝ ති භගවා අවෝච. ආහාරේතීති අහං න වදාමි. ආහාරේතීති චාහං වදෙය්‍යං, තත්‍රස්‌ස කල්ලෝ පඤ්‌හෝ. කෝ නු ඛෝ භන්තේ ආහාරේතීති. ඒවං චාහං න වදාමි. ඒවං මං අවදන්‌තං යෝ ඒවං පුච්‌ඡෙය්‍ය. කිස්‌ස නු ඛෝ භන්තේ විඤ්‌ඤාණාහාරෝති ඒස කල්ලෝ පඤ්‌හෝ. තත්‍ර කල්‌ලං වෙය්‍යාකරණං, විඤ්‌ඤාණාහාරෝ ආයතිං පුනබ්‌භවාභිනිබ්‌බත්‌තියා පච්‌චයෝ. තස්‌මිං භූතේ සති සළායතනං, සළායතනපච්‌චයා ඵස්සෝ ති.

(භාග්‍යවතුන් වහන්සේ) ඔය විදිහට වදාළ විට ආයුෂ්මත් මෝළියඵග්ගුන තෙරුන් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. “ස්වාමීනී, විඤ්ඤාණ ආහාරය අනුභව කරන කවුරුවත් ඉන්නවාද?” “ඕක අදාළ නැති ප්‍රශ්නයක්” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“(ඔය ආහාර) අනුභව කරනවා කියල මම කියන්නේ නෑ. අනික (ඔය ආහාර කවුරුන් හෝ) අනුභව කරනවා කියල මම කියනවා නම්, එතකොට ‘ස්වාමිනී, විඤ්ඤාණ ආහාරය අනුභව කරන කවුරුවත් ඉන්නවාද?’ කියල ප්‍රශ්නය ඇසීම ඊට අදාළ දෙයක්. නමුත් මං එහෙම කියන්නේ නෑ. එහෙම නොකියන මගෙන් කවුරුන් හෝ ඇසුවොත් ‘ස්වාමීනී, විඤ්ඤාණය කුමක් පිණිසද ආහාර වන්නේ?’ කියල. අන්න ඒ ප්‍රශ්නය නම් අදාළ එකක්. ඒකට පැහැදිළි පිළිතුරකුත් තියෙනවා. ආයෙමත් පුනර්භවයක් තුළින් උපතක් ලැබීමට හේතු වන දෙයක් වශයෙනුයි විඤ්ඤාණ ආහාරය පවතින්නේ. එහෙම වෙලා ඉපදීමක් ඇති කල්හි තමයි ආයතන හය ඇතිවන්නේ. ආයතන හය හේතු කරගෙනයි ස්පර්ශය ඇතිවෙන්නේ.”

කෝ නු ඛෝ භන්තේ ඵුසතී ති? නෝ කල්ලෝ පඤ්‌හෝ ති භගවා අවෝච. ඵුසතීති අහං න වදාමි. ඵුසතීති චාහං වදෙය්‍යං, තත්‍රස්‌ස කල්ලෝ පඤ්‌හෝ. කෝ නු ඛෝ භන්තේ ඵුසතීති? ඒවං චාහං න වදාමි. ඒවං මං අවදන්‌තං යෝ ඒවං පුච්‌ඡෙය්‍ය. කිම්පච්චයා නු ඛෝ භන්තේ ඵස්සෝති ඒස කල්ලෝ පඤ්‌හෝ. තත්‍ර කල්‌ලං වෙය්‍යාකරණං. සළායතනපච්‌චයා ඵස්සෝ ඵස්‌සපච්‌චයා වේදනා ති.

“ස්වාමීනී, ස්පර්ශ කරන කවුරුවත් ඉන්නවාද?” “ඕක අදාළ නැති ප්‍රශ්නයක්” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“(ඔය ස්පර්ශ ආහාරය) ස්පර්ශ කරනවා කියල මම කියන්නේ නෑ. අනික (ඔය ස්පර්ශ ආහාරය කවුරුන් හෝ) ස්පර්ශ කරනවා කියල මම කියනවා නම්, එතකොට ‘ස්වාමිනී, ස්පර්ශ කරන කවුරුවත් ඉන්නවාද?’ කියල ප්‍රශ්නය ඇසීම ඊට අදාළ දෙයක්. නමුත් මං එහෙම කියන්නේ නෑ. එහෙම නොකියන මගෙන් කවුරුන් හෝ ඇසුවොත් ‘ස්වාමීනී, ස්පර්ශය කුමක් හේතුකර ගෙනද ඇතිවන්නේ?’ කියල. අන්න ඒ ප්‍රශ්නය නම් අදාළ එකක්. ඒකට පැහැදිළි පිළිතුරකුත් තියෙනවා. ආයතන හය හේතු කරගෙනයි ස්පර්ශය ඇතිවෙන්නේ. ස්පර්ශය හේතු කරගෙනයි විඳීම ඇතිවන්නේ.”

කෝ නු ඛෝ භන්තේ වේදියතී’ති. නෝ කල්ලෝ පඤ්‌හෝ ති භගවා අවෝච. වේදියතීති අහං න වදාමි. වේදියතීති චාහං වදෙය්‍යං, තත්‍රස්‌ස කල්ලෝ පඤ්‌හෝ ‘කෝ නු ඛෝ භන්තේ වේදියතීති? ඒවං චාහං න වදාමි. ඒවං මං අවදන්‌තං යෝ ඒවං පුච්‌ඡෙය්‍ය. කිම්පච්චයා නු ඛෝ භන්තේ වේදනාති ඒස කල්ලෝ පඤ්‌හෝ. තත්‍ර කල්‌ලං වෙය්‍යාකරණං. ඵස්‌සපච්‌චයා වේදනා වේදනාපච්‌චයා තණ්‌හා‘ති.

“ස්වාමීනී, විඳින කවුරුවත් ඉන්නවාද?” “ඕක අදාළ නැති ප්‍රශ්නයක්” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“(ඔය ස්පර්ශය) විඳිනවා කියල මම කියන්නේ නෑ. අනික (ස්පර්ශය කවුරුන් හෝ) විඳිනවා කියල මම කියනවා නම්, එතකොට ‘ස්වාමිනී, විඳින කවුරුවත් ඉන්නවාද?’ කියල ප්‍රශ්නය ඇසීම ඊට අදාළ දෙයක්. නමුත් මං එහෙම කියන්නේ නෑ. එහෙම නොකියන මගෙන් කවුරුන් හෝ ඇසුවොත් ‘ස්වාමීනී, විඳීම කුමක් හේතුකර ගෙනද ඇතිවන්නේ?’ කියල. අන්න ඒ ප්‍රශ්නය නම් අදාළ එකක්. ඒකට පැහැදිළි පිළිතුරකුත් තියෙනවා. ස්පර්ශය හේතු කරගෙනයි විඳීම ඇතිවෙන්නේ. විඳීම හේතු කරගෙනයි තණ්හාව ඇතිවන්නේ.”

කෝ නු ඛෝ භන්තේ තණ්හීයතීති. නෝ කල්ලෝ පඤ්‌හෝ ති භගවා අවෝච. තණ්හීයතීති අහං න වදාමි. තණ්හීයතීති චාහං වදෙය්‍යං, තත්‍රස්‌ස කල්ලෝ පඤ්‌හෝ.කෝ නු ඛෝ භන්තේ තණ්හීයතීති? ඒවං චාහං න වදාමි. ඒවං මං අවදන්‌තං යෝ ඒවං පුච්‌ඡෙය්‍ය. කිම්පච්චයා නු ඛෝ භන්තේ තණ්‌හාති, ඒස කල්ලෝ පඤ්‌හෝ. තත්‍ර කල්‌ලං වෙය්‍යාකරණං. වේදනාපච්‌චයා තණ්‌හා තණ්‌හාපච්‌චයා උපාදානන්‌ති.

“ස්වාමීනී, තණ්හාව ඇති කරගන්න කවුරුවත් ඉන්නවාද?” “ඕක අදාළ නැති ප්‍රශ්නයක්” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“(ඔය විඳීමට) ආසා කරනවා කියල මම කියන්නේ නෑ. අනික (ඔය විඳීමට කවුරුන් හෝ) ආසා කරනවා කියල මම කියනවා නම්, එතකොට ‘ස්වාමිනී, තණ්හාව ඇති කරගන්නා කවුරුවත් ඉන්නවාද?’ කියල ප්‍රශ්නය ඇසීම ඊට අදාළ දෙයක්. නමුත් මං එහෙම කියන්නේ නෑ. එහෙම නොකියන මගෙන් කවුරුන් හෝ ඇසුවොත් ‘ස්වාමීනී, තණ්හාව කුමක් හේතුකර ගෙනද ඇතිවන්නේ?’ කියල. අන්න ඒ ප්‍රශ්නය නම් අදාළ එකක්. ඒකට පැහැදිළි පිළිතුරකුත් තියෙනවා. විඳීම හේතු කරගෙනයි තණ්හාව ඇතිවෙන්නේ. තණ්හාව හේතු කරගෙනයි බැඳීයාම ඇතිවන්නේ.”

කෝ නු ඛෝ භන්තේ උපාදියතී’ති. නෝ කල්ලෝ පඤ්‌හෝ ති භගවා අවෝච. උපාදියතීති අහං න වදාමි. උපාදියතීති චාහං වදෙය්‍යං, තත්‍රස්‌ස කල්ලෝ පඤ්‌හෝ කෝ නු ඛෝ භන්තේ උපාදියතීති. ඒවං චාහං න වදාමි. ඒවං මං අවදන්‌තං යෝ ඒවං පුච්‌ඡෙය්‍ය. කිම්පච්චයා නු ඛෝ භන්තේ උපාදානන්‌ති ඒස කල්ලෝ පඤ්‌හෝ. තත්‍ර කල්‌ලං වෙය්‍යාකරණං. තණ්‌හාපච්‌චයා උපාදානං උපාදානපච්‌චයා භවෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති.

“ස්වාමීනී, බැඳීයාම ඇතිකරගන්න කවුරුවත් ඉන්නවාද?” “ඕක අදාළ නැති ප්‍රශ්නයක්” කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“(ඔය තණ්හාවට) බැඳීම ඇතිකරගන්නවා කියල මම කියන්නේ නෑ. අනික ‘(ඔය තණ්හාවට කවුරුන් හෝ) බැඳීම ඇති කර ගන්නවා’ කියල මම කියනවා නම්, එතකොට ‘ස්වාමීනී, බැඳීම ඇතිකරගන්නා කවුරුවත් ඉන්නවාද?’ කියල ප්‍රශ්නය ඇසීම ඊට අදාළ දෙයක්. නමුත් මං එහෙම කියන්නේ නෑ. එහෙම නොකියන මගෙන් කවුරුන් හෝ ඇසුවොත් ‘ස්වාමීනී, බැඳීම කුමක් හේතුකර ගෙනද ඇතිවන්නේ?’ කියල, අන්න ඒ ප්‍රශ්නය නම් අදාළ එකක්. ඒකට පැහැදිළි පිළිතුරකුත් තියෙනවා. තණ්හාව හේතු කරගෙනයි බැඳීම ඇතිවෙන්නේ. බැඳීම හේතු කරගෙනයි භවය ඇතිවන්නේ. …. (පෙ) …. අන්න ඒ විදිහටයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ.

ඡන්‌නං ත්වේව ඵග්‌ගුන ඵස්‌සායතනානං අසේසවිරාගනිරෝධා ඵස්‌සනිරෝධෝ. ඵස්‌සනිරෝධා වේදනානිරෝධෝ. වේදනානිරෝධා තණ්‌හානිරෝධෝ. තණ්‌හානිරෝධා උපාදානනිරෝධෝ. උපාදානනිරෝධා භවනිරෝධෝ. භවනිරෝධා ජාතිනිරෝධෝ. ජාතිනිරෝධා ජරාමරණං සෝකපරිදේවදුක්‌ඛදෝමනස්‌සුපායාසා නිරුජ්‌ඣන්‌ති. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝතී’ති.

පින්වත් ඵග්ගුන, ඔය ස්පර්ශ ආයතන හය සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙලා යනවා. විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීම නිරුද්ධ වෙලා යනවා. බැඳීම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධ වෙලා යනවා. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙලා යනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය නිරුද්ධ වෙලා යනවා. ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙන්නේ.”

සාදු! සාදු!! සාදු!!!

මෝළියඵග්ගුන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M