සැවැත් නුවරදී ………………
“පින්වත් මහණෙනි, පුරුෂයෙක් මේ හිමාල පර්වත රාජයාගෙන් අබ ඇට ප්‍රමාණයේ ගල් කැබලි හතක් වෙන් කරනවා කියල හිතමු. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? වඩාත් වැඩි මොනවාද? අර වෙන් කරපු අබ ඇට ප්‍රමාණයේ ගල් කැබලි හත ද? මේ හිමාල පර්වත රාජයා ද?”
“ස්වාමීනී, මේ හිමාල පර්වත රාජයාමයි වැඩි. වෙන් කරපු අබ ඇට ප්‍රමාණයේ ගල් කැබලි නම් ඉතාමත්ම ස්වල්පයයි. මේ හිමාල පර්වත රාජයා සමඟ වෙන් කරපු අබ ඇට ප්‍රමාණයේ ගල් කැබලි සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.”
“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ දුක ඉතාමත්ම වැඩියි. ….(පෙ)…. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.
පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සළසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභයෙන් ඔය ආකාරයට අතිවිශාල යහපතක් සළසා දෙනවා.
සාදු! සාදු!! සාදු!!!
පබ්බතූපම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-10-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M