සැවැත් නුවරදී ………………
“පින්වත් මහණෙනි, මේ මහා සාගරයෙන් ජල බිංදු දෙක තුනක් ඉතිරි වෙලා, මුළු මහා සාගරයම ක්ෂය වෙනවා, අවසන් වෙනවා කියලා හිතමු. පින්වත් මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? වඩාත් වැඩි මොනවාද? අර ඉතිරි වුණ ජල බිංදු දෙක තුනද? ක්ෂය වෙලා අවසන් වෙලා ගිය මේ මහා සාගරය ද?”
“ස්වාමීනී, ක්ෂය වෙලා අවසන් වෙලා ගිය මේ මහා සාගරයේ දිය කඳමයි වැඩි. ඉතිරි වුණ ජල බිංදු දෙක තුන නම් ඉතාමත්ම ස්වල්පයයි. ක්ෂය වෙලා අවසන් වෙලා ගිය මේ මහා සාගරයේ දිය කඳ සමඟ ඉතිරි වුණ ජල බිංදු දෙක තුන සසඳා බැලීමේ දී සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.”
“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ දුක ඉතාමත්ම වැඩියි. ….(පෙ)…. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.
පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සළසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභයෙන් ඔය ආකාරයට අතිවිශාල යහපතක් සළසා දෙනවා.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සමුද්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-10-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M