සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.10.7. සමුද්ද සුත්තං

1.10.7. සාගරය මුල්කොට වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………………

සෙය්‍යථාපි භික්ඛවේ, පුරිසෝ මහාසමුද්‌දතෝ ද්වේ වා තීණි වා උදකඵුසිතානි උද්‌ධරෙය්‍ය. තං කිම්මඤ්‌ඤථ භික්ඛවේ, කතමන්නු ඛෝ බහුතරං යානි වා ද්වේ වා තීණි වා උදකඵුසිතානි උබ්‌භතානි, යං වා මහාසමුද්දේ උදකන්‌ති?

“පින්වත් මහණෙනි, පුරුෂයෙක් මහා සාගරයෙන් ජල බිංදු දෙක තුනක් උඩට ගත්තා කියලා හිතමු. පින්වත් මහණෙනි, ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ? වඩාත් වැඩි මොනවාද? සාගර දියෙන් උඩට ගත් ජල බිංදු දෙක තුන ද? මහ සයුරේ දිය කඳ ද?”

ඒතදේව භන්තේ, බහුතරං යදිදං මහාසමුද්‌දේ උදකං. අප්‌පමත්‌තකානි ද්වේ වා තීණි වා උදකඵුසිතානි උබ්‌භතානි. නේව සතිමං කලං උපෙන්‌ති, න සහස්‌සිමං කලං උපෙන්‌ති, න සතසහස්‌සිමං කලං උපෙන්‌ති. මහාසමුද්‌දේ උදකං උපනිධාය ද්වේ වා තීණි වා උදකඵුසිතානි උබ්‌භතානී’ති. ඒවමේව ඛෝ භික්ඛවේ ….(පෙ)…. මහත්ථියෝ ධම්‌මචක්‌ඛුපටිලාභෝ’ ති.

“ස්වාමීනී, මහ සයුරේ දියමයි වැඩි. උඩට ගත් ජල බිංදු දෙක තුන නම් ඉතාමත්ම ස්වල්පයයි. මහ සයුරේ දිය කඳ සමඟ උඩට ගත් ජල බිංදු දෙක තුන සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.”

“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ දුක ඉතාමත්ම වැඩියි. ….(පෙ)…. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.

පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සළසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභයෙන් ඔය ආකාරයට අතිවිශාල යහපතක් සළසා දෙනවා.

සාදු! සාදු!! සාදු!!!

සමුද්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-10-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M