සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.10.6. දුතිය පඨවි සුත්තං

1.10.6. පොළොව මුල්කොට වදාළ දෙවෙනි දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………………

සෙය්‍යථාපි භික්ඛවේ, මහාපඨවි පරික්‌ඛයං පරියාදානං ගච්‌ඡෙය්‍ය ඨපෙත්‌වා සත්‌ත කෝලට්‌ඨිමත්‌තියෝ ගුළිකා. තං කිම්මඤ්‌ඤථ භික්ඛවේ, කතමන්නු ඛෝ බහුතරං යං වා මහාපඨවියා පරික්‌ඛීණං පරියාදින්නං, යා වා සත්‌ත කෝලට්‌ඨිමත්‌තියෝ ගුළිකා අවසිට්‌ඨා’ති?

“පින්වත් මහණෙනි, මේ මහා පොළොවේ වෙරළු ගෙඩි හතක ප්‍රමාණයේ ගුලි හතක් ඉතිරි වෙලා, මුළු මහ පොළොවම ක්ෂය වෙනවා, අවසන් වෙනවා කියල හිතමු. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? වඩාත් වැඩි මොනවාද? අර ඉතිරි වුණ වෙරළු ගෙඩි ප්‍රමාණයේ ගුලි හතද? ක්ෂය වෙලා අවසන් වෙලා ගිය මේ මහා පොළොව ද?”

ඒතදේව භන්තේ බහුතරං මහාපඨවියා යදිදං පරික්‌ඛීණං පරියාදින්නං. අප්‌පමත්‌තිකා සත්‌ත කෝලට්‌ඨිමත්‌තියෝ ගුළිකා අවසිට්‌ඨා. නේව සතිමං කලං උපෙන්‌ති, න සහස්‌සිමං කලං උපෙන්‌ති, න සතසහස්‌සිමං කලං උපෙන්‌ති, මහාපඨවියා පරික්‌ඛීණං පරියාදින්නං උපනිධාය සත්‌ත කෝලට්‌ඨිමත්‌තියෝ ගුළිකා අවසිට්‌ඨා’ති. ඒවමේව ඛෝ භික්ඛවේ ….(පෙ)…. මහත්ථියෝ ධම්‌මචක්‌ඛුපටිලාභෝ’ති.

“ස්වාමීනී, ක්ෂය වෙලා අවසන් වෙලා ගිය මේ මහා පොළොවේ පස්මයි වැඩි. ඉතිරි වුණ වෙරළු ගෙඩි ප්‍රමාණයේ ගුලි නම් ඉතාමත්ම ස්වල්පයයි. ක්ෂය වෙලා අවසන් වෙලා ගිය මේ මහා පොළොවේ පස් සමඟ ඉතිරි වුණ වෙරළු ගෙඩි ප්‍රමාණයේ ගුලි සසඳා බැලීමේ දී සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.”

“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ දුක ඉතාමත්ම වැඩියි. ….(පෙ)…. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.

පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සළසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභයෙන් ඔය ආකාරයට අතිවිශාල යහපතක් සළසා දෙනවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය පඨවි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-10-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M