සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.10.10. දුතිය පබ්බතූපම සුත්තං

1.10.10. පර්වතය මුල්කොට වදාළ දෙවනි දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………………

සෙය්‍යථාපි භික්ඛවේ, හිමවා පබ්‌බතරාජා පරික්‌ඛයං පරියාදානං ගච්‌ඡෙය්‍ය ඨපෙත්‌වා සත්‌ත සාසපමත්‌තියෝ පාසාණසක්‌ඛරා. තං කිම්මඤ්‌ඤථ භික්ඛවේ කතමන්නු ඛෝ බහුතරං, යං වා හිමවතෝ පබ්‌බතරාජස්‌ස පරික්‌ඛීණං පරියාදින්නං, යා වා සත්‌ත සාසපමත්‌තියෝ පාසාණසක්‌ඛරා අවසිට්‌ඨා’ති?

“පින්වත් මහණෙනි, පුරුෂයෙක් මේ හිමාල පර්වත රාජයාගෙන් අබ ඇට හතක ප්‍රමාණයේ ගල් කැබලි ඉතිරි වෙලා මුළු මහත් හිමාල පර්වත රාජයාම ක්ෂය වෙනවා, අවසන් වෙනවා කියල හිතමු. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? වඩාත් වැඩි මොනවාද? අර ඉතිරි වුණ අබ ඇට ප්‍රමාණයේ ගල් කැබලි හත ද? ක්ෂය වෙලා අවසන් වෙලා ගිය මේ හිමාල පර්වත රාජයා ද?”

ඒතදේව භන්තේ, බහුතරං හිමවතෝ පබ්‌බතරාජස්‌ස යදිදං පරික්‌ඛීණං පරියාදින්නං. අප්‌පමත්‌තිකා සත්‌ත සාසපමත්‌තියෝ පාසාණසක්‌ඛරා අවසිට්‌ඨා. නේව සතිමං කලං උපෙන්‌ති, න සහස්‌සිමං කලං උපෙන්‌ති, න සතසහස්‌සිමං කලං උපෙන්‌ති, හිමවතෝ පබ්‌බතරාජස්‌ස පරික්‌ඛීණං පරියාදින්නං උපනිධාය සත්‌ත සාසපමත්‌තියෝ පාසාණසක්‌ඛරා අවසිට්‌ඨා’ති.

“ස්වාමීනී, ක්ෂය වෙලා අවසන් වෙලා ගිය මේ හිමාල පර්වත රාජයාමයි වැඩි. ඉතිරි වුණ අබ ඇට ප්‍රමාණයේ ගල් කැබලි නම් ඉතාමත්ම ස්වල්පයයි. ක්ෂය වෙලා අවසන් වෙලා ගිය මේ හිමාල පර්වත රාජයා සමඟ ඉතුරු වුණ අබ ඇට ප්‍රමාණයේ ගල් කැබලි හත සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.”

ඒවමේව ඛෝ භික්ඛවේ, අරියසාවකස්‌ස දිට්‌ඨිසම්‌පන්‌නස්‌ස පුග්‌ගලස්‌ස අභිසමේතාවිනෝ ඒතදේව බහුතරං දුක්‌ඛං යදිදං පරික්‌ඛීණං පරියාදින්නං, අප්‌පමත්‌තකං අවසිට්‌ඨං. නේව සතිමං කලං උපේති, න සහස්‌සිමං කලං උපේති, න සතසහස්‌සිමං කලං උපේති, පුරිමං දුක්‌ඛක්‌ඛන්‌ධං පරික්‌ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්‌තක්‌ඛත්‌තුං පරමතා. ඒවං මහත්‌ථියෝ ඛෝ භික්ඛවේ ධම්‌මාභිසමයෝ, ඒවං මහත්‌ථියෝ ධම්‌මචක්‌ඛුපටිලාභෝ’ති.

“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ දුක ඉතාමත්ම වැඩියි. ….(පෙ)…. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.

පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සළසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභයෙන් ඔය ආකාරයට අතිවිශාල යහපතක් සළසා දෙනවා.

සාදු! සාදු!! සාදු!!!

දුතිය පබ්බතූපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-10-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M