සැවැත් නුවරදී …………….
“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. යොදුන් පනහක් දිග, යොදුන් පනහක් පළල, යොදුන් පනහක් ගැඹුර ඇති පොකුණක් තියෙනවා. ඒකේ ජලය කපුටන්ට වුණත් බොන්න පුළුවන් විදිහට කට ගාවටම පිරිලා තියෙනවා. එතැනට මනුස්සයෙක් එනවා. ඇවිදින් ඒ පොකුණෙන් ජලය ස්වල්පයක් කුස තණ අගින් ගන්නවා. පින්වත් මහණෙනි, ඔබ කුමක්ද මේ ගැන හිතන්නේ? අර කුස තණ අගින් ගත්තු ජලය ස්වල්පය ද වැඩි? පොකුණේ තියෙන ජලය ද වැඩි?”
“ස්වාමීනී, පොකුණේ තියෙන ජලයමයි වැඩි. කුස තණ අගින් ගත්තු ජලය නම් ඉතාමත්ම ස්වල්පයයි. පොකුණේ තියෙන ජලය සමඟ තණ අගින් ගත් ජලය සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.”
“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ දුක ඉතාමත්ම වැඩියි. ඔහුට විඳින්නට ඉතිරි වී ඇති දුක නම් ඉතාමත්ම ස්වල්පයකි. ගෙවී ගිය, අවසන් කළ ඒ පළමු දුක හා ආත්ම භාව හතක් උපරිම කොට උපත ලැබීම සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.
පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සළසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභයෙන් ඔය ආකාරයට අතිවිශාල යහපතක් සළසා දෙනවා.
සාදු! සාදු!! සාදු!!!
පොක්ඛරණී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-10-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M