මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේය. එදා භාග්‍යවතුන් වහන්සේ පස් ස්වල්පයක් නියසිළ මත තබා භික්ෂූන් හට දක්වා වදාළා,
“පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මෙතැන බොහෝ වැඩි කුමක්ද? දැන් මා මේ නියසිළ මතට ගත් පස් ස්වල්පයද? මේ මහා පොළොවද?”
“ස්වාමීනී, මේ මහා පොළොවේ යම් පසක් වේ නම් මේ පස්මයි ඉතා වැඩි. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔය නියසිළ මත රඳවා තිබෙන පස් ප්‍රමාණය නම් ඉතාමත්ම ස්වල්පයකි. මහ පොළොවත් සමඟ ඔය පස් ස්වල්පය සසඳා බැලීමේදී භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළ මතට ගත් මේ පස් බිඳ සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.”
“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ දුක ඉතාමත්ම වැඩියි. ඔහුට විඳින්නට ඉතිරි වී ඇති දුක නම් ඉතාමත්ම ස්වල්පයකි. ගෙවී ගිය, අවසන් කළ ඒ පළමු දුක හා ආත්ම භාව හතක් උපරිම කොට විඳීමට ඉතිරි වී ඇති දුක සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.
පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සළසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභයෙන් ඔය ආකාරයට අතිවිශාල යහපතක් සළසා දෙනවා.
සාදු! සාදු!! සාදු!!!
නඛසිඛා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-10-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M