සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.9.12.1 – 1.9.12.11. අප්පමාද වග්ගෝ

1.9.12.1 – 1.9.12.11. අප්පමාද වර්ගය

ජරා මරණාදී සූත්‍ර

ජරා මරණාදිය ගැන වදාළ දෙසුම

203 – 213. ජරාමරණං භික්ඛවේ අජානතා අපස්‌සතා යථාභූතං ජරාමරණේ යථාභූතං ඤාණාය අප්‌පමාදෝ කරණීයෝ’ති.

203-213. පින්වත් මහණෙනි, ජරා මරණ ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා, නොදක්නා තැනැත්තා විසින් ඒ ජරා මරණ පිළිබඳව යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි අප්‍රමාදීව සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ …..(පෙ)…. ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව ගැන ඒ ආකාරයෙන්ම නොදන්නා, නොදක්නා තැනැත්තා විසින් ඒ ජරා මරණ නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව යථාභූත ඤාණය ලබා ගැනීම පිණිසයි අප්‍රමාදීව සතර සතිපට්ඨානාදී භාවනා වැඩිය යුත්තේ.

(සියල්ලම චතුරාර්ය සත්‍යයට ගලපා තේරුම් ගත යුතුය.)

සාදු! සාදු!! සාදු!!!

ජරා මරණාදී සූත්‍ර නිමා විය.

අන්‌තරපෙය්‍යාලෝ නවමෝ.

අන්තරා පෙය්‍යාලය අවසන් විය.

තත්‍ර වග්ගුද්දානං.

සත්‌ථා සික්‌ඛා ච යෝගෝ ච ඡන්‌දෝ උස්‌සොළ්‌හි පඤ්‌චමී
අප්‌පටිවානී ආතප්‌පං විරියං සාතච්‌චමුච්‌චති
සති ච සම්‌පජඤ්‌ඤඤ්‌ච අප්‌පමාදේන ද්‌වාදසාති

සුත්‌තන්‌තා අන්‌තරපෙය්‍යාලා නිට්‌ඨිතා.

වග්ගා තේ ද්වාදස හොන්ති සුත්තා ද්වත්තිංස සතානි ච
චතුසච්චේන තේ වුත්තා පෙය්‍යාලේ අන්තරම්හි යේති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-9-12-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M