සැවැත් නුවරදී ………………
“පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. මහා ගංගාවල් එකට එකතු වෙලා යම් තැනක ගලා බසිනවා නම්, එකට එක් වෙනවා නම්, ඒ ගංගා තමයි: ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී කියලා කියන්නේ. ඉතින් ඔතැනට මනුස්සයෙක් එනවා. ඇවිදින් ජල බිංදු දෙක තුනක් උඩට ගන්නවා. පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඒ ජලයෙන් උඩට ගත්තු ජල බිංදු දෙක තුන ද වැඩි? ඒ එක් රැස් වූ ගංගා ජලය ද වැඩි?”
“ස්වාමීනී, ගංගාවල තියෙන ජලයමයි වැඩි. උඩට ගත්තු ජල බිංදු දෙක තුන නම් ඉතාමත් ස්වල්පයයි. ගංගාවල තියෙන ජලය සමඟ උඩට ගත් ජල බිංදු දෙක තුන සසඳා බැලීමේදී සියවන කලාවටත් සසඳන්න බෑ. දහස්වන කලාවටත් සසඳන්න බෑ. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.”
“පින්වත් මහණෙනි, ඔන්න ඔය විදිහමයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ (සෝතාපන්න වූ) සම්මා දිට්ඨියෙන් යුතු ආර්ය ශ්‍රාවක පුද්ගලයා විසින් යම් දුකක් ක්ෂය කළා නම්, යම් දුකක් අවසන් කළා නම් ඒ දුක ඉතාමත්ම වැඩියි. ….(පෙ)…. ලක්ෂයේ කලාවටත් සසඳන්න බෑ.
පින්වත් මහණෙනි, ධර්මාවබෝධය ඔය ආකාරයෙන් අතිවිශාල යහපතක් සළසා දෙනවා. ධම්මචක්ඛු ප්‍රතිලාභයෙන් ඔය ආකාරයට අතිවිශාල යහපතක් සළසා දෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සම්භෙජ්ජඋදක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-10-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M