සංයුත්ත නිකාය

නිදාන වග්ගෝ

1.1.3. පටිපදා සුත්තං

1.1.3. ප්‍රතිපදාව ගැන වදාළ දෙසුම

සාවත්‌ථියං….

සැවැත් නුවරදී ………….

මිච්‌ඡාපටිපදඤ්‌ච වෝ භික්ඛවේ දේසිස්‌සාමි සම්‌මාපටිපදඤ්‌ච. තං සුණාථ. සාධුකං මනසිකරෝථ. භාසිස්‌සාමී’ති. ඒවං භන්තේ’ති ඛෝ තේ භික්‌ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච.

“පින්වත් මහණෙනි, වැරදි වැඩපිළිවෙල ගැනත්, නිවැරදි වැඩපිළිවෙල ගැනත් මා ඔබට කියා දෙන්නම්. එය හොඳින් අහගන්න ඕන. ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරන්න ඕන. මං කියා දෙන්නම්.”

“එසේය, ස්වාමීනී” කියලා ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ මොහොතේදී තමයි භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළේ.

කතමා ච භික්ඛවේ මිච්‌ඡාපටිපදා? අවිජ්‌ජාපච්‌චයා භික්ඛවේ සංඛාරා සංඛාරපච්‌චයා විඤ්‌ඤාණං….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස සමුදයෝ හෝති. අයං වුච්‌චති භික්ඛවේ මිච්‌ඡාපටිපදා.

පින්වත් මහණෙනි, වැරදි වැඩපිළිවෙල කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. මේකට තමයි පින්වත් මහණෙනි, වැරදි වැඩපිළිවෙල කියල කියන්නේ.

කතමා ච භික්ඛවේ සම්‌මාපටිපදා? අවිජ්‌ජායත්වේව අසේසවිරාගනිරෝධා සංඛාරනිරෝධෝ සංඛාරනිරෝධා විඤ්‌ඤාණනිරෝධෝ ….(පෙ)…. ඒවමේතස්‌ස කේවලස්‌ස දුක්‌ඛක්‌ඛන්‌ධස්‌ස නිරෝධෝ හෝති. අයං වුච්‌චති භික්ඛවේ සම්‌මාපටිපදා’ති.

පින්වත් මහණෙනි, නිවැරදි වැඩපිළිවෙල කියල කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහටයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ. මේකට තමයි පින්වත් මහණෙනි, නිවැරදි වැඩපිළිවෙල කියල කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

පටිපදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M