සැවැත් නුවරදී …………..
“පින්වත් මහණෙනි, විපස්සී නම් වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සම්බුදු බව ලබන්නට පෙර සිටම සම්බුදු නොවී සිටියදීම, බෝසත්ව සිටියදීම (බෝධි මූලයේදී) මේ අදහස ඇතිවුණා. ‘අහෝ! මේ ලෝක සත්වයා දුකටමයි වැටිලා ඉන්නේ. ඉපදෙනවා, මහළුවෙනවා, මැරෙනවා, චුත වෙනවා, ආයෙමත් උපදිනවා. එහෙම වෙලත් මේ ජරා මරණ දුකින් නිදහස් වෙන ආකාරය දන්නේ නෑ. කවරදාක නම් (ලෝක සත්වයා) මේ ජරා මරණ දුකෙන් නිදහස් වී යාමක් දැනගනීවිද?’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද ජරා මරණ ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද ජරා මරණ ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘ඉපදීම තියෙන කොට තමයි ජරා මරණ ඇති වෙන්නේ. ඉපදීම හේතු කරගෙනයි ජරා මරණ ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද ඉපදීම ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද ඉපදෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘භවය තියෙන කොට තමයි ඉපදීම ඇතිවෙන්නේ. භවය හේතු කරගෙනයි ඉපදීම ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද භවය ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද භවය ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘බැඳීම් (උපාදාන) තියෙන කොට තමයි භවය ඇතිවන්නේ. බැඳීම් හේතු කරගෙනයි භවය ඇතිවෙන්නේ.’
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද බැඳීම් ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද බැඳීම් ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘තණ්හාව තියෙන කොට තමයි බැඳීම් ඇතිවන්නේ. තණ්හාව හේතු කරගෙනයි බැඳීම් ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද තණ්හාව ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද තණ්හාව ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘විඳීම් තියෙන කොට තමයි තණ්හාව ඇතිවන්නේ. විඳීම් හේතු කරගෙනයි තණ්හාව ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද විඳීම් ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද විඳීම් ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘ස්පර්ශය තියෙන කොට තමයි විඳීම් ඇතිවන්නේ. ස්පර්ශය හේතු කරගෙනයි විඳීම් ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද ස්පර්ශය ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද ස්පර්ශය ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘ආයතන හය තියෙන කොට තමයි ස්පර්ශය ඇතිවන්නේ. ආයතන හය හේතු කරගෙනයි ස්පර්ශය ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද ආයතන හය ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද ආයතන හය ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘නාමරූප තියෙන කොට තමයි ආයතන හය ඇතිවන්නේ. නාමරූප හේතු කරගෙනයි ආයතන හය ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද නාමරූප ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද නාමරූප ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘විඤ්ඤාණය තියෙන කොට තමයි නාමරූප ඇතිවන්නේ. විඤ්ඤාණය හේතු කරගෙනයි නාමරූප ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද විඤ්ඤාණය ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද විඤ්ඤාණය ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘සංස්කාර තියෙන කොට තමයි විඤ්ඤාණය ඇතිවන්නේ. සංස්කාර හේතු කරගෙනයි විඤ්ඤාණය ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් තිබුණොත්ද සංස්කාර ඇතිවෙන්නේ? කුමක් හේතු කරගෙනද සංස්කාර ඇතිවෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘අවිද්‍යාව තියෙන කොට තමයි සංස්කාර ඇතිවන්නේ. අවිද්‍යාව හේතු කරගෙනයි සංස්කාර ඇතිවෙන්නේ’
පින්වත් මහණෙනි, ඔය විදිහට අවිද්‍යාව හේතු කරගෙන සංස්කාර ඇතිවෙනවා. සංස්කාර හේතු කරගෙන විඤ්ඤාණය ඇතිවෙනවා. …. (පෙ) …. ඔන්න ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම හටගන්නේ. පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට ‘හේතූන් නිසයි හටගන්නේ! හේතූන් නිසයි හටගන්නේ!’ කියල කවදාවත් අසා නැති මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව දහම් ඇස පහළ වුණා. නුවණ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා.
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද ජරා මරණ නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද ජරා මරණ නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘ඉපදීම නිරුද්ධ වෙන කොට තමයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ. ඉපදීම නිරුද්ධ වීමෙනුයි ජරා මරණ නිරුද්ධ වෙන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘භවය නිරුද්ධ වෙන කොට තමයි ඉපදීම නිරුද්ධ වෙන්නේ. භවය නිරුද්ධ වීමෙනුයි ඉපදීම නිරුද්ධ වෙන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද භවය නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද භවය නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘උපාදාන නිරුද්ධ වෙන කොට තමයි භවය නිරුද්ධ වන්නේ. උපාදාන නිරුද්ධ වීමෙනුයි භවය නිරුද්ධ වන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද උපාදාන නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද උපාදාන නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘තණ්හාව නිරුද්ධ වෙන කොට තමයි උපාදාන නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ වීමෙනුයි උපාදාන නිරුද්ධ වෙන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද තණ්හාව නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද තණ්හාව නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘විඳීම නිරුද්ධ වෙන කොට තමයි තණ්හාව නිරුද්ධ වෙන්නේ. විඳීම නිරුද්ධ වීමෙනුයි තණ්හාව නිරුද්ධ වෙන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද විඳීම නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද විඳීම් නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘ස්පර්ශය නිරුද්ධ වෙන කොට තමයි විඳීම නිරුද්ධ වෙන්නේ. ස්පර්ශය නිරුද්ධ වීමෙනුයි විඳීම නිරුද්ධ වෙන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද ස්පර්ශය නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද ස්පර්ශය නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘ආයතන හය නිරුද්ධ වෙන කොට තමයි ස්පර්ශය නිරුද්ධ වෙන්නේ. ආයතන හය නිරුද්ධ වීමෙනුයි ස්පර්ශය නිරුද්ධ වෙන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද ආයතන හය නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද ආයතන හය නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘නාමරූප නිරුද්ධ වෙන කොට තමයි ආයතන හය නිරුද්ධ වෙන්නේ. නාමරූප නිරුද්ධ වීමෙනුයි ආයතන හය නිරුද්ධ වෙන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද නාමරූප නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද නාමරූප නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘විඤ්ඤාණය නිරුද්ධ වෙන කොට තමයි නාමරූප නිරුද්ධ වෙන්නේ. විඤ්ඤාණය නිරුද්ධ වීමෙනුයි නාමරූප නිරුද්ධ වෙන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘සංස්කාර නිරුද්ධ වෙන කොට තමයි විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ. සංස්කාර නිරුද්ධ වීමෙනුයි විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ’
ඉතින් පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට මේ අදහස ඇතිවුණා. ‘කුමක් නිරුද්ධ වුණොත්ද සංස්කාර නිරුද්ධ වෙන්නේ? කුමක නිරෝධයෙන්ද සංස්කාර නිරුද්ධ වෙන්නේ?’ ඉතින් පින්වත් මහණෙනි, විපස්සී බෝධිසත්වයන් වහන්සේ ඉතා හොඳින් නුවණින් මෙනෙහි කරද්දී මේ කරුණ ප්‍රඥාවෙන් අවබෝධ වුණා. ‘අවිද්‍යාව නිරුද්ධ වෙන කොට තමයි සංස්කාර නිරුද්ධ වෙන්නේ. අවිද්‍යාව නිරුද්ධ වීමෙනුයි සංස්කාර නිරුද්ධ වෙන්නේ’
ඔය විදිහට අවිද්‍යාව සහමුළින්ම නැතිවෙලා නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙලා යනවා. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙලා යනවා. …. (පෙ) …. ඔය විදිහට තමයි මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන්නේ.
පින්වත් මහණෙනි, එතකොට විපස්සී බෝධිසත්වයන් වහන්සේට ‘හේතූන් නැතිවීමෙනුයි නිරුද්ධ වෙන්නේ! හේතූන් නැතිවීමෙනුයි නිරුද්ධ වෙන්නේ!’ කියල කවදාවත් අසා නැති මේ පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳව දහම් ඇස පහළ වුණා. නුවණ පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා.
(සත් බුදුරජාණන් වහන්සේලා ගැනම වදාළ දෙසුම් මේ අයුරින් තේරුම් ගත යුතුය.)
සාදු! සාදු!! සාදු!!!
විපස්සී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn2_1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M