මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකයි වාසය කළේ. ඒ කාලෙ ඒ භික්ෂුව එක්තරා නිවසකට හිතවත් වෙලා, පවුලෙ කෙනෙක් වගේ බොහෝ වෙලාවක් කල් ගතකරන්නට පටන් ගත්තා.
එතකොට ඒ වන ලැහැබට අරක්ගත් ඒ දෙවියාට ඒ භික්ෂුව ගැන අනුකම්පා හිතුනා. සෙත සළසන්න කැමති වුනා. ඒ භික්ෂුව තුළ සංවේගය ඇතිකරවන්නට කැමති වුනා. ඒ භික්ෂුව හිතවත් පවුලේ ගෘහණියගේ වෙස් අරගෙන ඒ භික්ෂුව ළඟට ආවා. ඇවිදින් ඒ භික්ෂුවට ගාථාවලින් පැවසුවා.
“ගං තොටේදීත්, අම්බලමේදීත්, සභාවේදීත්, පාර තොටේදීත් ජනයා එකතු වුනාම මං ගැනත්, ඔබවහන්සේ ගැනත් කතා බස් කරනවා. ඒ මොකද?
ඔය වගේ බොහෝ සද්ද බද්ද තපස් රකින උදවිය ඉවසන්න ඕන. ඒ ගැන අමුතුවෙන් ලැජ්ජාවෙන්න දෙයක් නෑ. එහෙම කිව්වා කියලා කිලිටි වුනේ නෑ නෙව.
සමහරු මේ චූටි කතාවටත් තැති ගන්නවා. ශබ්දයෙන් තැතිගන්න වනයේ මුවෙක් වගේ. එහෙම කෙනාට තියෙන්නෙ පටු සිතක්. ඔහුට ගුණ ධර්ම රකින එක කරන්න බැරුව යනවා.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M