මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල ආයුෂ්මත් නාගදත්ත තෙරුන් කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබකයි වාසය කළේ. ඒ දිනවල ආයුෂ්මත් නාගදත්තයන් වේලාසනින් ගමට වදිනවා. පරක්කු වෙලා ගමෙන් පිටත් වෙනවා.
එතකොට ඒ වන ලැහැබට අරක්ගත් ඒ දෙවියාට ආයුෂ්මත් නාගදයත්තයන් ගැන අනුකම්පා හිතුනා. සෙත සළසන්නට කැමති වුනා. ආයුෂ්මත් නාගදත්තයන්ව සංවේගයට පත්කරන්නට කැමති වුනා. ආයුෂ්මත් නාගදත්තයන් ළඟට ආවා. ඇවිල්ලා ආයුෂ්මත් නාගදත්තයන්ට ගාථාවලින් පැවසුවා.
“පින්වත් නාගදත්ත, හිමිදිරියේම පිණ්ඩපාතේ ඇවිදින් දවල් කාලෙ ගෙවුනට පස්සෙත් ඇවිද, ඇවිද ඉඳලා ගිහියන් එක්ක එක ගොඩේ ඉඳලා ගිහියන් හා සමාන සැප දුක් ඇති කෙනෙක් වුනා නේද?
ඔය හිතුවක්කාර ගෙවල් එක්ක ඇඟෑලුම්කම් පාන පින්වත් නාගදත්තයන් ගැන මට භයත් හිතෙනවා. මාරයා හරි බලවත්. ඒ මාරයා ඔබව නම් වසඟ කරගන්න එපා!”
එතකොට ආයුෂ්මත් නාගදත්තයන්ව ඒ දෙවියා විසින් සංවේග කරවීමෙන් සංවේග වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M