මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල බොහෝ භික්ෂූන් වහන්සේලා කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. වස් කාලය තුළත් ඒ වන ලැහැබේමයි වස් වැසුවේ. වස් තුන් මාසය අවසන් වෙන කොට චාරිකාවේ වඩින්නට පිටත් වුනා. එතකොට ඒ වන ලැහැබට අරක්ගත් දෙවියෙක් ඒ භික්ෂූන් වහන්සේලා දකින්නට නැති නිසා වැළපෙන්නට පටන් ගත්තා. ඒ වෙලාවේ මේ ගාථාව පැවසුවා.
“අද මට මේ පාළු වෙලා තියෙන ආසන පෙනෙන කොට හැමදෙයක්ම එපා වෙලා යනවා. ඒ භික්ෂූන් වහන්සේලා කොච්චර ලස්සනට කතා බස් කරනවාද? කොයිතරම් බණ දහම් දන්නවාද? ඇත්තෙන්ම මේ ගෞතම ශ්‍රාවකයන් වහන්සේලා කොහේද වැඩියේ?”
එහෙම කිව්වම එක්තරා දෙවියෙක් ඒ දෙවියාට ගාථාවකින් පැවසුවා.
“සමහරු මගධ ජනපදයට වැඩියා. සමහරු කොසොල් ජනපදයට වැඩියා. සමහරු වජ්ජි දේශයට වැඩියා. ඒ භික්ෂූන් වහන්සේලා ඇලීම් රහිතවයි ඉන්නෙ. නවාතැනක් නැති මුව රංචුවක් වගේ.”
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M