මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල බොහෝ භික්ෂූන් වහන්සේලා කොසොල් ජනපදයේ එක්තරා වන ලැහැබක වාසය කළා. ඔවුන් හරි උඬඟුයි. හිතට අරගෙන හිටියේ. චපලයි. කට වාචාලයි. සිහියෙන් තොරයි. අවබෝධයෙන් තොරයි. සිත සමාහිත නෑ. විසිරුණු සිත් ඇතිව නොදියුණු සිතකින් තමයි සිටියේ.
එතකොට ඒ වන ලැහැබට අරක්ගත් ඒ දෙවියාට ඒ භික්ෂූන් ගැන අනුකම්පා හිතුනා. සෙත සළසන්න කැමති වුනා. ඒ භික්ෂූන්ව සංවේග කරවන්න කැමති වුනා. ඒ භික්ෂූන් ළඟට ගියා. ගිහින් ඒ භික්ෂූන්ට ගාථාවලින් පැවසුවා.
“ඒ කාලෙ ගෞතම ශ්‍රාවක වූ පින්වත් භික්ෂූන් වහන්සේලා සැපසේ ජීවත් වුනා. ආශා රහිතවමයි පිණ්ඩපාතේ වැඩියේ. ආශා රහිතවමයි සෙනසුන් වල හිටියේ. ලෝකය අනිත්‍ය බව අවබෝධ කරගෙන, උන්වහන්සේලා දුක් කෙළවර කළා. (ඒ වුනාට දැන්) පෝෂණය කරන්නත් දුෂ්කරයි. තමන්ගේ ගමේ ගම් දෙටුවෝ වගේ. අනුන්ගේ ගෙවල්වල ගිහින් කකා, බිබී මුසපත් වෙලා ඒකෙම වැටෙනවා.
මං සංඝයාට වැඳලයි මේ කියන්නෙ. සමහර උදවිය ඉන්නවා ඒ විදිහට. බුද්ධ ශාසනෙන් බැහැරව ඔවුන් අනාථ වෙලා ඉන්නෙ. ඔවුන්ගේ ජීවිතේ අමු සොහොනෙ දාපු මළකඳන් වගේ.
යමෙක් ප්‍රමාදීව ඉන්නවා නම්, අන්න ඒ උදවියටයි මං මේක කිව්වේ. යමෙක් අප්‍රමාදීව ඉන්නවා නම්, මං උන්වහන්සේලාට නමස්කාර කරනවා.”
එතකොට ඒ භික්ෂු පිරිස, ඒ දෙවියා විසින් සංවේගයට පත් කරවලා, සංවේග වුනා.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn1_9-1-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M